2010 ජුලි 30  සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

ජන සෞඛ්‍ය
දෙපාර්තමේන්තුවෙන් වැටලූ

කොළඹ ආපනශාලා
480කින් 380ක්‌ ම
ප්‍රමිතියෙන් තොරයි

කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ නියමිත ප්‍රමිතියෙන් තොර ආපනශාලා තුන්සිය අසූවක්‌ පවත්වාගෙන යන බව හෙළි වී ඇත. කොළඹ නගර සභා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආපනශාලා හාරසිය අසූවක ප්‍රමිතිය පිළිබඳ පරීක්‍ෂා කිරීමේදී මේ බව තහවුරු වී තිබේ. පරීක්‍ෂාවට ලක්‌ කළ ආපනශාලා අතරින් නියමිත ප්‍රමිතියට පවත්වා ගෙන යන ආපනශාලා සඳහා තත්ත්ව සහතික පිරිනමා ඇති


කේ. පී.ට පොදු සමාවක්‌ දෙන්න නීතියේ ඉඩකඩ පවතී
- ඇමැති කෙහෙළිය

ඕනෑම අපරාධකරුවකු රජයේ සාක්‍ෂිකරුවකු කර පොදු සමාවක්‌ ලබාදීමට නීතියේ ඉඩකඩ තිබෙන බවත් එය දැනට රජයේ අත්අඩංගුවේ පසුවන කේ. පී. වෙනුවෙන්ද ක්‍රියාත්මක කළ හැකි බව කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවසීය.


කොළඹ කොටස්‌ වෙළෙඳපොළට
ලෝකයෙන්ම දෙවැනි තැන

කොළඹ කොටස්‌ වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට සමස්‌ත මිල දර්ශක අගය පෙරේදා ඒකක 5000 ඉක්‌මවා.....


දෙහිවල කුණු...
Click to ZOOM
මිනිස්‌ ජීවිත සිය ගණනක්‌ බිලි ගත් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන දෙහිවල - ගල්කිස්‌ස මහ නගර සභා සීමාව ඩෙංගු අවදානම් කලාපයක්‌ ලෙස නම් කර තිබුණත් මෙම නගර සභා සීමාව තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන රැසක්‌ තවමත් දක්‌නට ලැබේ. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ පාසල් දැරු දැරියන් විශාල ප්‍රමාණයක්‌ ගමන් ගන්නා දෙහිවල දුම්රියපල පාර අවට කැළිකසළ ගොඩගසා ඇති අයුරු.
ඡායාරූපය - කමල් වන්නිආරච්චි


ජෙනරාල් ෆොන්සේකා නඩු විභාගයෙන් අනතුරුව......


ජෙනරාල් ෆොන්සේකා මහතා නඩු විභාගයෙන් අනතුරුව පිටතට පැමිණි අවස්‌ථාවේ එම නඩු විභාගය දැක බලා ගැනීමට පැමිණ සිටි එජාප වැඩබලන නායක කරු ජයසූරිය මහතා සමග පිළිසඳරකට එක්‌වූ අවස්‌ථාව.
ඡායා කමල් බෝගොඩ




 

 
  • අද පරපුරට දොස්‌ කීමෙන් පලක්‌ නෑ
    හොඳ නිර්මාණ ගැන ඔවුන් දැනුවත් කළ යුතුයි

    ජයන්ත රත්නායක

    රසිකයා තවමත් කැමැති පැරණි ගී රස විඳින්නයි. වෙන වෙන දේ මාධ්‍යවලින් පෙන්වන්න උත්සාහ කළාට අපේ හෘද ස්‌පන්දනය සිදුවන්නේ පැරණි නිර්මාණ සමගයි. ඒ නිසා එදා ඇසූ ගීතවලට ප්‍රියකරන සෑම රසවතෙකුටම මම ආරාධනා කරනවා "පිය සටහන්" ඔස්‌සේ උපරිම රසයක්‌ විඳින්න කියලා.

  • උතුරේ සහ වන්නියේ සංවර්ධන සැලැස්‌මට ප්‍රවේශයක්‌

    මන්නාරම් ප්‍රදේශයේ යෝද වැව ආශ්‍රිත සහල් බඳුන මීට හොඳම උදාහරණයකි. ලංකාවේ ඉතාම අඩුවෙන් වර්ෂාපතනයක්‌ ලැබෙන ප්‍රදේශ ලෙසට මේවා හැඳින්වෙන නමුදු කඳුකර ප්‍රදේශයේ සිට මූදුකරයට ගලා බසින ගංගා ඔයවල් මගින් ජලය ලබාගෙන සමස්‌ත වන්නි ප්‍රදේශයම අස්‌වද්දා තිබුණු බව පෙනේ. ලංකාවේ පුරාතන වාරිමාර්ග ක්‍රම අධ්‍යපනය කළ පාකර් මෙන්ම ආර්. එල්. බ්‍රොaහියර්ද මේ විශ්මිත වාරිමාර්ග සැලැස්‌ම පුරාණ සිංහලයන්ගේ නිර්මාණ බවට පිළිගෙන සටහන් තබා ඇත.

  • "මට මඩ ගහන්නේ මගෙ පුටුවට කෑදරයෝ..."

    මඩ ගහන උදවිය මොනව කිව්වත් මම වැඩ කරන්නේ ඉතාම පිරිසිදුවයි. මම මටම කියලා වාහනයක්‌ මෙහෙන් අරන් නැහැ. කොහෙ හරි යනවා නම් යන්නේ මගේ වාහනෙන්. අඩුම ගාණේ රියදුරෙක්‌වත් නැහැ. මමයි එලවන්නේ. ලංකාවෙ ඇතුලෙ සභාපතිට ගන්න පුලුවන් කිසිම දීමනාවක්‌ මම ගන්නේ නැහැ. නමුත් මෙයාලා කියන්නේ වෙන දෙයක්‌. කොහොම වුණත් ඔය මොනවා කළත් ඩී.එස්‌. ද සිල්වා කෙළින් මිනිහෙක්‌ කියන ඔය කාටවත් වෙනස්‌ කරන්න බැහැ.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.