මම බලාපොරොත්තු වෙන කෙනා
අද හමුවුණොත් හෙට විවාහ වෙනවා....
දුලීකා මාරපන

නිරන්තරයෙන් දකින්න නොලැබෙන. ඒ වගේම එකම චරිතයකට කොටු නොවුණු සැබෑම චරිතාංග රංගන ශිල්පිණියක්‌ ලෙසට දුලීකා මාරපන නම් වූ ඇය දීර්ඝ හැඳින්වීමකින් තොරව වුවද හඳුන්වා දෙන්න පුළුවන්. මේ දිනවල ස්‌වර්ණවාහිනිය ඔස්‌සේ විකාශය වන නිල් නෙතු ටෙලිනාට්‍යයේ මෙරායා ලෙසින් සමාජයේ සැඟවී සිටින තවත් එක්‌ චරිතයකට පන පොවමින් රූපවාහිනිය ඔස්‌සේ ආලින්දයට පැමිණෙන දුලීකා ගැන අලුත් තොරතුරු ඇතුලත් කතා බහක්‌ මේ.

ඔබේ ජීවිතය වෙලා තිබෙන්නේ රඟපෑම විතරමද?

නැහැ. රංගනය විතරක්‌ම නෙමෙයි. විෂයන් කීපයක්‌ එක්‌ක මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරින් දැනටත් කරගෙන යන එක දෙයක්‌ තමයි අපි කොහොමද වෙනස්‌ විය යුත්තේ කියන මාතෘකාව යටතේ පුහුණු කරුවෙක්‌ හැටියට තරුණ පරපුරට දේශණ පැවැත්වීම. ඒ වගේම මම කාලයක්‌ ස්‌වභාවික පරිසරය මුලීක කරගෙන වැඩසටහන් නිෂ්පාදිකාවක්‌ විදිහට සේවය කළා. දැන් නම් තරමක්‌ ඈත්වෙලා.ª

අද වෙද්දි වඩාත් කැමති රංගනයටද

කලාවට එක්‌තරා යුගයකදි තමයි මම ඇතුලු වෙන්නේ. නමුත් ඊට වඩා පිටපත් රචනය අධ්‍යíණය කියන විෂයන් වලට වඩාත් කැමතියි. පරිසරයට ආදරය කරමින් නිර්මාණකරනයේ යෙදුණු නිසා වෙන්න ඇති මට කලාකාරිණියක්‌ විය යුතුයි කියන අඩිතාලම වැටෙන්න ඇත්තේ.

රංගනය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක්‌ කරනවද?

නැහැ. මොකද හැමදේටම වැඩිය මම මට ආදරෙයි. පෞද්ගලිකව මම රංගනය ගැන තෘප්තිමත් වෙලා ඉන්න ඕන. ඒ නිසා කරන දෙයක්‌ තුළින් මටවත්, මගේ පවුලටවත්. ගමටවත්, රටටවත් හානියක්‌ වෙන දෙයක්‌ කරන්නේ නැහැ. එතනදි මේ කොන්දේසිවලට යටත්ව යම් නිර්මාණයකට මම සම්බන්ධ වුණොත් මගෙ කාරය භාරය උපරිමයෙන් කරන කෙනෙක්‌ මම. ඇත්තටම ඔය කැපකිරීම කියන වචනේ මම දකින්නේ අපි අපි විසින්ම ගොඩනගාගත්ත දෙයක්‌ විදිහට.

ඒ කියන්නේ ඔබ රංගනය ගැන තෘප්තිමත් නැහැ කියන එකද?

රංගන ශිල්පිණියක්‌ කියන පුද්ගලයට අපේ රටේ වෘත්තිය මට්‌ටමක්‌ නැහැ. ඒ තුළ අපේ ශිsල්පීන් විකිණෙන්aනේ ඉතාමත් අඩු මුදලට. මම තෝරගන්න චරිතයට හොඳ සාධාරණයක්‌ කරන්න බැඳී සිටිනවා. නමුත් අද අපිට රඟපාන්න පුළුවන් උසස්‌ මට්‌ටමේ පිටපත් නිර්මාණය නොවීමේ අඩුවක්‌ තියෙනවා. ඒ නිසා හොඳ අධ්‍යíවරු හිටියත් සාර්ථක පිටපතක්‌ නොමැති කමත් මුදල් ගැන විතරක්‌ම නොසිතන නිර්මාණයේ වටිනාකමක්‌ ගැන හිතන නිෂ්පාදකරුන් බිහි වීමේ අඩුවකුත් තියෙනවා. ඒ නිසා අද රඟපාන්න ලැබෙන බොහෝ චරිතවලින් තෘප්තිමත් වීමේ හැකියාවක්‌ නැහැ.

ඇයි මේ අද හාස්‍ය ගෙන දෙන චරිතවලටම සීමාවෙලා?

නිල්නෙතු ටෙලිනාට්‍යයේ මෙරායා කියන්නේ හාස්‍ය චරිතයක්‌ නෙමෙයි. අපි හැම කෙනෙක්‌ටම ස්‌වභාව ධර්මයා විසින් දුන් නියමිත ස්‌වරූපයක්‌ තියෙනවා. ඒ ස්‌වරූපය සඟවගෙන ආවරණය කරගෙන අපි හිතාමතාම ගොඩ නගාගත්ත චරිතයකින් තමයි සමාජය ගැන වැටහීමක්‌ ලැබුණු දවසේ ඉඳලම අපි පෙනී ඉන්නේ. එන්න ඒ සැඟවුනු සැබෑ චරිතය තමයි මෙරායා කියන්නේ. හරියට අපි කණ්‌නාඩියක්‌ ඉස්‌සරහට ගිහින් බලාගෙන අපි අපිටම හිනාවෙනවා වගේ.

මෙරායා චරිතයට වුණු පෙර සූදානම මොනවගේද?

පිටපත කියවපු දවසේදිම මම තේරුම් ගත්තා චරිතය කොහොමද ගලාගෙන යා යුත්තේ කියලා. කුමාර තිරිමාදුරගෙනුත් අධ්‍යíතුමාගෙනුත් චරිතය තුළ වටපිටාවක්‌ ගොඩ නගාගන්න අවශ්‍ය තවත් මෙරායට අනන්‍ය වූ ලíණ ටිකක්‌ ලබා දුන්නා. අමුතුවෙන් කියලා සූදානමක්‌ වුණේ නැහැ.

ඇයි කොණ්‌ඩේ කැපුවේ.....

බොහෝ දෙනෙක්‌ මේ දවස්‌වල වැඩිපුරම අහන ප්‍රශ්නයක්‌. සමහරු හිතන්නේ මෙරායා වෙන්න කොන්ඩේ කැපුවා කියලා. ඇත්තටම හේතුව තමයි මගේ කොණ්‌ඩේ යන්න පටන් ගත්තා. ඒ නිසා කොණ්‌ඩේ කැපුවා.

තරුවක්‌ හැටියට ඔබගේ වලංගුභාවය අදට මොනවගේද?

තරුවක්‌ කියන සංකල්පයෙන් බැහැර වෙලා ඉන්න කෙනෙක්‌ මම. ඒ නිසා හැම විටම උත්සාහ කරන්නේ මම නියෝජනය කරන විෂය ගැන පුළුල්ව අධ්‍යනය කරන්න. කලාව මට උප්පත්තියෙන්ම පිහිටලා තියෙන දෙයක්‌. ඒ නිසා රංගන අංශයෙන් මගෙන් ඉටුවුණු කාර්ය භාරය ගැන තෘප්තිමත් වෙනවා. ඒ නිසා මනුෂත්වය තුළ ඉතාමත් හොඳ තැනක මම ඉන්නවා.

ඔබේ ඒ සහජ හැකියාව අළලා ලැබුනු වටිනාකම්?

රංගන ශිල්පියෙකුට ලැබෙන ඉහළම වටිනාකම තමයි සම්මානයට පාත්‍රවීම. ඇත්තටම ඒක ඔවුන්ගේ ගමනට දිරිදීමක්‌. මටත් ඒ දිරිදීම ලැබුණේ මගේ ප්‍රථම වේදිකා නාට්‍යය වන කුසුම් සිරිලියනගේගේ සපත් මී වේදිකා නාට්‍ය චරිතයට. එතනින් පස්‌සේ හිමි විය යුතු චරිතයටත් හිමි නොවිය යුතු චරිතවලටත් සම්මාන ලැබුණා.

සම්මාන ගැනීමේ බලාපොරොත්තුවක්‌ මතද ඔබ චරිත තෝරා ගත්තේ?

සම්මාන පසුපස හඹායාමේ පිපාසාවක්‌ කවදාවත් මා තුළ නැහැ. නමුත් මගේ ජීවිතේ යම් යම් ඉලක්‌ක තියෙනවා. ඒ දේවල් නම් අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරගන්නවා. එවැනි ඉලක්‌කයක්‌ තමයි මගේ ජීවිතේ එක දවසක්‌ හොඳම නිළිය සම්මානයට පාත්‍රවෙනවා කියලා හිතපු එක. ඒක තමයි ප්‍රථම වේදිකා නාට්‍යය රංගනයෙන් ලැබුණේ.

රංගනය ගැන අධ්‍යයන කටයුතු ඉවරද.....

මැරෙන තුරාවට කලා විෂය තුළ ඉගෙන ගන්න තියෙන ඉසව් බොහෝමයි. ඒ නිසා අද විතරක්‌ නෙමෙයි හෙටත් ඉදිරි අනාගතය පුරාමත් මම මේ විෂය තුළ ශිෂ්‍යාවක්‌.

වේදිකාවෙන් පැමිණි අයෙක්‌ ලෙසට අද වග තුග?

ප්‍රේíකයාට ආමන්ත්‍රණය කරන්න පුළුවන් හොඳම මාධ්‍ය හැටියට තමයි මම වේදිකාව දකින්නේ. එදා වගේම පසුගිය කාලයේ වේදිකා නාට්‍ය කිහිපයකටම මම සම්බන්ධ වුණා. ඉදිරියටත් මහන්සිවෙලා රඟපාන්න පුළුවන් හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් සම්බන්ධ වෙනවා.

කලාවට එක්‌වුණු සමය සහ අද ෙíaත්‍රයේ දැක්‌ම?

අද රංගන ශිල්පීන් ශිල්පිණියන් වෙළෙඳ භාණ්‌ඩ ගානට වැටිලා විකිණෙනවා. මුදලාලි පැලැන්තිය හරහා ඔවුන් සූරා කනවා. මේ තත්ත්වයට බෙහෙවින් හේතුවෙලා තියෙන්නේ අඩු මුදල් ප්‍රමාණයකට නිssර්මාණයක්‌ කරලා වැඩි මුදලක්‌ උපයන්න නිෂ්පාදකවරු යොමුවෙලා. නිෂ්පාදන කාර්ය තුළ සිදුවෙන මේ අර්බුදය වෙනස්‌ කළ යුතුයි. නැත්නම් අනාගතයේ දී රංගන ශිල්පීන් කුලී කාරයන් බවට පත්වෙයි.

රංගන ශිල්පිණියන්ගේ ජීවිත බොහෝ විට අද විවේචනයට ලක්‌වෙනවා නේද?

රංගන ශිල්පීන් හා දේශපාලනඥයින් කියන්නේ මිනිසුන්ගේ නිරන්තර අවධානයට ලක්‌වෙන පිරිසක්‌. ඒ නිසාම ඔවුන් මාධ්‍ය හමුවට එන අවස්‌ථාත් බහුලයි. එවැනි අවස්‌ථාවන් වලදි තමන්ගේ පෞද්ගලික ජීවිතේ ගැන තොරතුරු කථා නොකර පොදු මාතෘකාව ගැන විතරක්‌ කතා කිරීම නිසා මෙවැනි ගැටළු ඇතිනොවෙන්න පුළුවන්.

ඇයි ඔබ විවාහ නොවී ඉන්නේ....

ගැලපෙන කෙනා හමුනොවුන නිසා. මගේ අදහස්‌ වලට ගැලපෙන මම බලාපොරොත්තුවෙන නිදහස ලැබෙන කෙනෙක්‌ අද හමුවුණොත් හෙට මම විවාහ වෙනවා.

හෙට දවසේ කලා කටයුතු.....

තවත් වෙනස්‌ම චරිත කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.ඒ අතර ටෙලිනාට්‍ය කිහිපයකුත් චිත්‍රපටයකුත් ඇතුළත්. රංගනයට අමතරව අනාගතේදි පිටපත් රචිකාවියක්‌ හැටියට එක්‌වීමටත් අදහස්‌ තියෙනවා.

ලක්‌මිණි අතුකෝරල
ඡායා සමන් අබේසිරිවර්ධන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.