හමුදා නායකයන්ව යුද අපරාධකරුවන්
කිරීමේ සුදු කොඩි කතාවේ පසුබිම



ආරක්‍ෂක ලේකම් කොටි නායකයන්ව මරන්න කීවාද යන්න විමසූ පිලිප් ඇල්ස්‌ටන්


ප්‍රභාකරන් විනාශ කළ යුතු බව අපි මුලින්ම පෙන්නුම් කළෙමු.

* ප්‍රධාන සාම වෙළෙන්දා උතුරේ මාධ්‍ය
කණ්‌ඩායමක්‌ කොළඹට ගෙනඒමේ අබිරහස හෙළිවේ

* කේ.පී. ගෙන් ද්විත්ව රංගනයක්‌

* කිලිනොච්චි සහන සේවකයා ලන්ඩනයේ සිට
ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයුමක්‌ අරඹයි

* යුද රහස්‌ හෙළි කරන්නන් ෙද්‍රdaහීන්
- ඇමරිකාව කියයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇගයීමට ලක්‌වේ

* උතුරේ හමුදා කඳවුරුවලට එරෙහිව
සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හඬ නගයි

"ඔහු කුමක්‌ පැවසුවත් කමක්‌ නැහැ. ඔහුගේ දෑත් දෙස බලන්න
- ජෝන් එෆ්. කෙනඩි හිටපු ඇමරිකානු ජනාධිපති

ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූයේ කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී. යි. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ද අවශ්‍ය කරන ත්‍රස්‌තයකු වූ කේ.පී. ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශය විසින් මැලේසියානු සහයෝගයෙන් අල්ලාගැනීමෙන් පසු දැන් රඟදක්‌වන්නේ අලුත්ම නාටකයකි. 2009 ජුනි 27 වැනිදා කේ.පී. මෙලෙස පවසා තිබිණි.

"ශ්‍රී ලංකා රජය විසින් කොටි සංවිධානය හමුදා බලයෙන් පරාජය කළත් දේශපාලනමය වශයෙන් පරාජය කර නැහැ. ස්‌වයංපාලනය සඳහා වූ ද්‍රවිඩ අරගලයට මුල්වූ හේතූන්වලට මෙතෙක්‌ ප්‍රතිචාරයක්‌ ලැබී නැත. ද්‍රවිඩයන් සඳහන් කරන්නේ තමන්ව පිටස්‌තරයන් විසින් පාලනය කරන බවයි. ද්‍රවිඩයන්ගේ නිජබිම උතුර නැගෙනහිරයි. ඒ නිසා ඔවුන්ට ස්‌වයංපාලනයට හිමිකමක්‌ ඇත."  කේ. පී. විසින් කොටින්ට ආයුධ සැපයූ බව සිය ප්‍රකාශයෙන් පිළිගෙන තිබේ. මේ එම ප්‍රකාශයයි. ද්‍රවිඩ රාජ්‍යයේ නීත්‍යානුකූල හිමිකම් සඳහා සටන් වැදීමට අවි ආයුධ ගත් අපේ සංවිධානයේ එක්‌ පාර්ශ්වයක්‌ වන්නේ මමයි. හමුදා ජයග්‍රහණයකට අපේ අරගලය මකා දැමිය නොහැකියි.

එහෙත් උතුර නැගෙනහිර නගාසිටුවීම සඳහා කේ.පී. ද්‍රවිඩ ප්‍රජාවගේ සහය ඉල්ලමින් ගෙන යන ක්‍රියාදාමයට රජය රැවටිය යුතුද?.

කේ.පී. ගේ සගයන් තවමත් කොටි ජාත්‍යන්තර ජාලය වෙනුවෙන් හඬ නැගීම නතර කර නැත. මේ බව සනාථ වන්නේ වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි ලෙස උත්සාහ ගත් දකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්‌ටන් ටු ටු සම්බන්ධ වී සිටින විශ්‍රාමික ලෝක නායකයන්ගෙන් යුත් එල්ඩර්ස්‌ නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කිරීමෙනි. මේ එල්ඩර්ස්‌ සංවිධානයේ ක්‍රියාකාරීන් වන්නේ පින්ලන්තයේ හිටපු ජනාධිපති මරුති අහිට්‌සාරි, එක්‌සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆි අන්නන්, හිටපු ජනාධිපති ජිමි කාටර් සහ අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනි මේරි රොබින්සන්ය.

මින් මරුති අහිට්‌සාරි යනු සර්බියාවෙන් කොසවෝ ප්‍රාන්තය වෙනම රටක්‌ කිරීමට මුල්වූ තැනැත්තායි. වන්නි මෙහෙයුම සමයේ රජය හා කොටි අතර සාම සාකච්ඡා සඳහා මොහුව මෙරටට කැඳවීමේ උත්සාහයක්‌ ද දියත් විය. එල්ඩර්ස්‌ සංවිධානය සිය වාර්තාවෙන් මෙසේද පවසා ඇත. "5000 ක්‌ පමණ කොටින්ව රඳවාගෙන තිබේ. ඔවුන් ගැන සෙවීමට ස්‌වාධීන නිරීක්‍ෂකයන්ට ඉඩක්‌ නැත. කොටි සංවිධානය සමග ඇතිවූ අර්බුදය නිමාවී වසරකට අධික කාලයක්‌ ගතවී ඇතත් හදිසි නීතිය ඉවත් කිරීමට ක්‍රියාකර නැත. මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන සත්‍යය දැනගැනීම සඳහා රජය ක්‍රියාකර ඇත්තේ ස්‌වල්ප වශයෙනි. වාර්ගික ජන සමූහයාගේ ප්‍රශ්න ගැන රජය පියවර ගෙන නැත. එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරියේ පැවැති විරෝධතාව සහ හැසිරීම පිළිගත නොහැක.

ඩෙස්‌මන්ඩ් ටු ටු ප්‍රමුඛ එල්ඩර්ස්‌ කණ්‌ඩායම මෙලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී ඇත්තේ විදේශ අරමුදල් ලබන කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දා වූ ජාතික සාම මණ්‌ඩලය මෙයට සමාන ප්‍රකාශයක්‌ පසුගියදා ලොව පුරා විකාශනය කිරීම හේතුවෙනි. 11,000 ක්‌ වූ කොටි සාමාජිකයන්ව රඳවාගෙන ඇති අතර ඔවුන් වෙත පිවිසීම සඳහා අන්තර්ජාතික රතුකුරුස සංවිධානයට අවසර දී නැතැයි සාම වෙළෙන්දා පවසා තිබේ.

මෙලෙස ශ්‍රී ලංකා රජය කොටි ඝාතකයන්ව බැලීමට ඉඩදෙන්නේ නැතැයි බෙරිහන්දෙන සාම වෙළෙන්¹ ඇමරිකානු රජය ගුන්තනාමෝබේ සිරකඳවුරේ සිටින අලකයිදා ත්‍රස්‌තයන් පිළිබඳ විමර්ශනය කිරීමට ඉඩ නොදීම ගැන හඬ නොනගන්නේ මන්ද? පසුගියදා මේ සාම වෙළෙන්¹ උතුර නැගෙනහිර මාධ්‍ය යෑයි හඳුන්වමින් තිස්‌ දෙනෙක්‌ කොළඹට ගෙන්වා රජයේ මාධ්‍ය ආයතනයේදී සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

සටන් විරාම සමයේ ව්‍යාජ සාමයක්‌ මවාපාමින් දකුණේ සිට ප්‍රාදේශීය මාධ්‍ය කණ්‌ඩායම් කොටින්ගේ පාමුලට ගෙනගිය මොහු ත්‍රස්‌තවාදීන්ට අත්වාරු ලබාදීමට ද ක්‍රියා කළේය.

දැන් මොහු තම පැරැණි රංගනය යළිත් ආරම්භ කරමින් උතුර හා දකුණු මාධ්‍යවේදීන් අතර සුහදතාව ආරම්භ කිරීම සඳහා උතුරේ මාධ්‍ය කොළඹට ගෙන ආ බව පවසයි. ඒ අතරේ කොටි 11000 ක්‌ රඳවාගෙන සිටින රජය ඔවුන් ගැන සෙවීමට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට ඉඩදෙන්නේ නැති බවට ද රජයට චෝදනා නගයි.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා මේ සාම වෙළෙන්¹ සටන් විරාම සමයේ නැටූ ව්‍යාජ සාම නාටකය ගැන විමර්ශනය නොකරන්නේ ඇයි?

අලිමංකඩ හමුදා කඳවුර කොටින් විසින් අල්ලා ගනිද්දී මොහු විසින් මඩකලපුවට ගෙන ගොස්‌ සිටි ද්‍රවිඩ මාධ්‍ය කණ්‌ඩායම ප්‍රීති ඝෝෂා පවත්වනු ලැබීය.

උතුරේ මාධ්‍ය හඬ නැඟුවේ කවුරුන් වෙනුවෙන් ද යන්න කිවයුතු නැත. මේ නිසා මිතුරන් වේශයෙන් එන සතුරන් පිළිබඳව මාධ්‍ය බලධාරීහු අවධානයෙන් සිටිය යුතුය. මේ උතුරෙන් ගෙන ආ ද්‍රවිඩ මාධ්‍ය කණ්‌ඩායම කළ ප්‍රකාශයක්‌ යුරෝපා කොටි වෙබ් අඩවියේත් ප්‍රකාශයට පත්විය. එම ප්‍රකාශයේ දැක්‌වුණේ රජය උතුර නැගෙනහිර හමුදා පාලනය යටතේ පවත්වාගෙන යමින් හමුදා සේනාංක සංඛ්‍යාව වර්ධනය කරන බවත් සෙබළුන්ගේ පවුල්වල අයට නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගන්නා බවත්ය.
මේ නිසා කොටි පාලන සමයේ පිනුම් ගැසූ උතුරේ මාධ්‍ය කණ්‌ඩායමක්‌ කොළඹට ගෙනඒමට කොළඹ සාම වෙළෙන්දා ක්‍රියා කිරීමේ පසුබිම රජයේ බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්‌විය යුතුව ඇත. මේ අතර නෝර්වේ, ස්‌වීඩන් සහ ඩෙන්මාර්ක්‌ යන රටවල විශාල අරමුදල් සම්භාරයක්‌ මත යෑපෙන මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ එකම උරුමකරුවන් ලෙස සිතා ක්‍රියා කරන ශ්‍රී ලංකා පුවත්පත් ආයතන නමැති එන්.ජී.ඕ. සමාගම මෙරට ඒකීයභාවය සහ ස්‌වෛරීභාවය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට කළ හැකි විශාලම අවමානය පසුගියදා සිදු කරනු ලැබීය.

ඒ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ වන්නි මෙහෙයුම දියත් කළ හමුදා බලධාරීන්ව යුද අපරාධකරුවන් ලෙස නම් කිරීමට උත්සාහ කළ මාධ්‍ය අදබාලයන්ව ඇගයීමට ලක්‌ කිරීමයි. මේ සම්මාන ප්‍රදානයට සතියකට පෙර යුරෝපා කොටි බෙව් අඩවිය විසින් අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව අපරාධ සිදු කළ සිංහල සැකකරුවන් යෑයි දක්‌වමින් ඡායාරූප සමග හමුදා නිලධාරීන්ගේ නාමලේඛනයක්‌ ප්‍රකාශයට පත් කර තිබිණි. මේ නාම ලේඛනයට සරත් ෆොන්සේකා, ජගත් ජයසූරිය, කමල් ගුණරත්න, ජගත් ඩයස්‌, නන්දන උඩවත්ත, ශවේන්ද්‍ර සිල්වා, සත්‍යප්‍රිය ලියනගේ, චාගි ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා, රොෂාන් ගුණතිලක, වසන්ත කරන්නාගොඩ සහ නිශාන්ත වන්නිආරච්චි අයත් විය.

එසේම මේ එන්.ජී.ඕ. සමාගම කොටින්ට එරෙහි යුද්ධය ජයගත නොහැකි බවත් හමුදාව අතීතයෙන් පාඩම් ඉගෙනගෙන නැති බවට විදේශ මාධ්‍යවලට පැවසූවන් අගය කරමින් සම්මාන ප්‍රදානය කරනු ලැබීය. ඇතැමුන්ට සම්මාන වෙනුවට ලැබුණේ සහතිකයකි. මේ එන්.ජී.ඕ. සමාගම රටේ ජනතාව රැවටූ ආකාරය අද අපි හෙළි කරන්නෙමු. මේ සමාගමේ එක්‌ ක්‍රියාකාරිනියක්‌ වන්නේ කළු කොටි බෝම්බකාරියක්‌ ගැන වීඩියෝ පටයක්‌ නිපදවූ තැනැත්තියකි. 2008 අප්‍රේල් 24 වැනිදා ප්‍රංශ ඒ. එෆ්. පී. ප්‍රවෘත්ති සේවය විකාශනය කළ වාර්තාවක මෙලෙස සඳහන් විය. "අද අපි දකින්නේ සතුරන්ව අවතක්‌සේරුවකට ලක්‌ කළ සංස්‌කෘතියකි. ඉතිහාසය ආපසු මතුවේ. යුද හමුදාව අතීත වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන නැත.

මෙම ප්‍රකාශය කර ඇත්තේ මෙරට ප්‍රධාන ආරක්‍ෂක විමර්ශකයා ලෙස හඳුන්වා ගන්නා අයෙකි.  එසේම 2008 දෙසැම්බර් මාසයේදී මේ විමර්ශකයා පැවසුවේ කිලිනොච්චිය අල්ලා ගැනීම සඳහා කරන යුද්ධයේදී රජයට හෝ කොටින්ට ජයග්‍රහණයක්‌ හිමිවන්නේ නැති බවයි.

මේ හැර එම ප්‍රංශ ප්‍රවෘත්ති සේවා වාර්තාවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සේවය කරන නිදහස්‌ ආරක්‍ෂක විමර්ශකයකු යෑයි කියාගන්නා අයෙක්‌ කළ ප්‍රකාශයක්‌ ද පළවිය. "යුද්ධය නියමෙට යන බව ජනතාවට පවසනවා. මෑතකදී විපතට පත්වූ සෙබළුන් පිළිබඳ බලනවිට කොටි දුර්වල නැති බව පෙන්නුම් කරනවා. එහෙත් කොටි දුර්වල යෑයි ජනතාව වෙත ඒත්තු ගන්වනවා. එසේම යුද්ධය ජය ලබන බව ජනතාව තුළ විශ්වාසයක්‌ ඇති කිරීමට ක්‍රියා කරනවා. නමුත් ඒ ක්‍රමවේදය දැන් පවත්වාගෙන යැම දුෂ්කරයි."

2009 මාර්තු මස දිනෙක සිංහල පුවත්පතක ලිපියක තවත් මාධ්‍ය අඳබාලයෙක්‌ මෙසේ සඳහන් කර තිබිණි. "කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව අකුරැස්‌ස ගොඩපිටිය බෝම්බ ප්‍රහාරයෙන් ද පැහැදිලිවේ. කොටි සටන්කරුවෝ රටේ හැම තැනම සිටී. ඔවුහු තම අරමුණ වෙනුවෙන් දිවි පුදති. එහෙයින් යුදමය ජයග්‍රහණ යනු විහිළුවකි. එය මිථ්‍යාවකි. ඒ සඳහා වන සාකච්ඡා ආරම්භ කළ යුතු බවට බලපෑමක්‌ මෙම බෝම්බ ප්‍රහාරය තුළ අන්තර්ගතය."

මේ අන්දමට ශ්‍රී ලංකා හමුදාව කොටින්ට එරෙහිව යුද වැදීම විහිළුවක්‌ බවටත් යුද්ධයෙන් ජය ලැබිය හැකි යෑයි සිතීම මිථ්‍යාවක්‌ යෑයි පැවසූ මාධ්‍ය අඳබාලයාව ද ඇගයීමට ලක්‌ කළ එන්.ජී.ඕ. සමාගම ඔහුට සහතිකයක්‌ පිරි නැමීය.

එසේම නෝර්වේ අමාත්‍ය හා කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම්ගේ දෙපාමුල ළඟට ගොස්‌ කොටි නායකයන් සුදු කොඩි ඔසවා යටත්වීමට කැමැත්ත පළ බවට සෝල්හයිම් කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවට එවූ මාධ්‍යයන් ද ඇගයීමට ලක්‌විය.

සෝල්හයිම්ගේ මේ සුදු කොඩි කතාව තවදුරටත් ඉදිරියට ගෙනගියේ ආරක්‍ෂක අමාත්‍යාංශයත්, වන්නි මෙහෙයුමේ සිටි හමුදා ප්‍රධානීන්වත් රවටමින් පෞද්ගලික පුවත්පතක සේවය කළ බොම්බඩියර් නමැත්තෙකි. මේ සුදුකොඩි කතාව කෙතරම් ජාත්‍යන්තර ප්‍රජාව අතරට ගියේද කිවහොත් එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් විද්වත් මණ්‌ඩලයක්‌ බවා පත් කෙරිණි.

සුදුකොඩි කතාව නිසා හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව අධිකරණයේදී චෝදනා ගොනු විය. මේ බොම්බඩියර් හෙවත් රුවන් ජයවර්ධන හෙවත් ලලන්ත නානායක්‌කාර හෙවත් ගෝඨාභය රණවීර යන නම්වලින් පෙනී සිටි මාධ්‍ය අඳබාලයා හිටපු ජෙනරාල්ට පවසා ඇත්තේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට සුදුකොඩි ඔසවාගෙන පැමිණි කොටි නායකයන්ව මරන්නැයි නියෝග කළ බවයි.

මුළු වන්නි හමුදා නායකත්වයම යුද අපරාධකරුවන් කිරීම සඳහා උත්සාහ කළ මේ බොම්බඩියර් එකී සිද්ධිය ගැන රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වෙද්දී මැතිවරණ දින රාත්‍රියේ මෙරටින් පැන ගියේය.

බොම්බඩියර්ගේ මේ ෙද්‍රdaහි ක්‍රියාදාමය නිසා ජාත්‍යන්තර කොටි ජාලය ජර්මනියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ "සමූල ඝාතකයකු" බවට දක්‌වමින් ඔහුට එරෙහිව ප්‍රචාරක මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ. මේ මෙහෙයුමට අයර්ලන්ත මන්ත්‍රීවරයකු ද සහය දක්‌වා ඇත. මෙලෙස ශ්‍රී ලංකාවේ මුළු හමුදා නායකත්වයම යුද අපරාධකරුවන් කිරීමට ක්‍රියා කළ බොම්බඩියර්ව ද මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇගයීමට ලක්‌ විය. ඔහු පමණක්‌ නොව මුහාමලෙයි හමුදා මෙහෙයුම කල්තියා හෙළි කරමින් යුද රහස්‌ හෙළි කළ තවත් මාධ්‍ය අඳබාලයකු ද ඇගයීමට ලක්‌ විණි.

මුහාමලෙයි මෙහෙයුමේදී සෙබළුන් රැසකගේ දිවි අහිමි විය. මේ ජීවිතවලට වගකියන්නේ කවුරුන්ද? යුද රහස්‌ පිට කළ වුන් ෙද්‍රdaහීන් යෑයි ඇමරිකානු මන්ත්‍රී කිම්බොන්ඩ් ඇමරිකානු යුද රහස්‌ පිටවීම ගැන ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේය.

එසේ නම් මේ ඇගයීම කර ඇත්තේ ෙද්‍රdaහීන්ට නොවේද? මෙය පුදුමයක්‌ නොවේ. මෙකී ඇගයීමට ලක්‌ කළ විනිශ්චය මණ්‌ඩලයට රටට සතුරුකම් කළ ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් නම්වූ සංවිධානයේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියෙක්‌ ද අයත්වී ඇත. ඔහු ගැන නොරාඩ් අරමුදල් වාර්තාවේ ද සඳහන් වී තිබේ. මෙලෙස ඇගයීමට ලක්‌වූ අප සහෝදර අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදියකු තමාට ලැබුණු සහතිකපත ආපසු යෑවීය. ඔහු එම සහතිකපත ආපසු යවමින් පුවත්පත් ආයතනයේ බලධාරියකු අමතමින් කොටි පරාජය වී ඇතැයි තමා සිතූ නමුත් දැන් පෙනී යන්නේ කොටි පරාජය වී නැති බව යෑයි කියා සිටියේය. මේ නිසා තම මවුබිමට ෙද්‍රdaහීවූවන්ව ඇගයීම් කරන එකම රට ශ්‍රී ලංකාව වී තිබේ. මෙම සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කිරීමේදී එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් කරුණු විමසීමට අදහස්‌ කරන පාර්ශ්වයන් අතරට හිටපු ජනරාල් සරත් ෆොන්සේකාගේ නමද ඇතුළත් කර ඇතැයි අනාවරණය වේ. තමා විද්වත් මණ්‌ඩලය ඉදිරියේ සාක්‍ෂි දීමට සූදානම් යෑයි හිටපු ජෙනරාල්වරයා පවසා තිබිණි. මේ නිසා බොම්බඩියර්ගේ සුදුකොඩි කතාවේ අවසානයක්‌ දකින්නට නැත.

මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආරියනේතිරන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කරමින් අත්අඩංගුවේ සිටි දේශපාලන සිරකරුවන්ට (කොටි) සමාව දෙන්නැයි ඉල්ලා ඇත. මෙයට සමගාමීව උතුරු ප්‍රදේශය හමුදා පාලනයට නතුවී ඇතැයි කියමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ද මෙහෙයුමක නිරත වී තිබේ. මෙයට ව්‍යාජ සාමයක්‌ මවාපෑම සඳහා මාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කලාකරුවන් සහ දේශපාලනඥයන් මෙන්ම එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් සඳහා විශාල ලෙස අරමුදල් සැපයූ නෝර්වීජියානු විදේශ අමාත්‍යාංශ සම්බන්ධ නෝරාඩ් සංවිධානයේ ප්‍රධානියා වූ පෝල් පෙඩර්සන් ද පසුගියදා තම ධුරයෙන් ඉල්ලා අස්‌විය. නෝවීජියානු පීපල්ස්‌ ඒඩ්ස්‌ සංවිධානයට සම්බන්ධව සේවය කළ ටිම් මාටින් නමැත්තා දැන් ලන්ඩනයේ සිට "ඇක්‌ට්‌" නමින් සංවිධානයක්‌ ආරම්භ කර ශ්‍රී ලංකාවේ භාණ්‌ඩ ගෙන්වීම නවත්වන්නැයි කියමින් විවිධ සමාගම්වලට බලපෑම් කරන බවද හෙළිවී තිබේ.

මේ අතර බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලයට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ සභාපති විටලි චුර්කින් ප්‍රකාශයක්‌ කරමින්, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශන මණ්‌ඩලයක්‌ බවට පත්වීමේ අනතුරක්‌ මතුවී ඇතැයි සඳහන් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.