2010 අගෝස්‌තු 08 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

නගරාධිපති සමඟ මන්ත්‍රීවරු 13ක්‌
තායිලන්තයේ සංචාරයකට ගිහින්

මොරටුව මහ නගර සභාවේ
ඩෙංගු මර්දන වැඩ කොට උඩ

ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතරමඟ නවතා දමා මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු 13 දෙනකු සතියක කාලයක්‌ සඳහා තායිලන්තයේ නිල සංචාරයක්‌ සඳහා පිටත්ව ගොස්‌ ඇත. ඉකුත් ඉරිදා (01 වැනිදා) රාත්‍රියේ මොවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස්‌ තිබේ.



 
  • මහපොළ ශිෂ්‍යාධාර චෙක්‌පත් එකතු කළ
    සිසුන් සොයයි

    මාසයකට රුපියල් දහස බැගින් මාස තුනක
    ශිෂ්‍යාධාර මුදල් චෙක්‌පත් සිසුන්ට මෙම මාසයේ
    මුලදී ලැබී ඇති අතර දෙමළ මාධ්‍ය සිසුන් වැඩි
    පිරිසක්‌ ඇතුළු සිසුන් කිහිප දෙනකුගේම චෙක්‌
    පත් ශිෂ්‍ය සංගම් සාමාජිකයන් විසින් එකතු
    කරනු ලැබීම පිළිබඳව අමාත්‍යාංශයට
    තොරතුරු ලැබී ඇත.
     
  • උතුරේ යළි පදිංචි අයට වගාකරන්න ජලය නෑ
    වසරෙන් වැඩි කාලයක්‌ අධික වියළි ස්‌වභාවයක්‌
    පැවතීම හා වැස්‌ස අඩුකම නිසා වගා කටයුතු
    රැසකට එහි බලපෑම සෘජුවම එල්ලවන බවත්,
    මේ නිසා කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ජීවත් වන
    උතුරේ නැවත පදිංචි වූ පවුල් රැසක්‌ පීඩාවට
    පත්ව ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

  • ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඕනෑ ඒත් පරෙස්‌සමින්...!
    වෙනත් රටක යම්කිසි වැඩපිළිවෙළක්‌ සාර්ථකවූ පමණින් ඒ වැඩපිළිවෙළ සංශෝධනයකින් තොරව අපේ රටේ ක්‍රියාත්මක කළ නොහැකියි. ඒ සම්බන්ධයෙන් යම්කිසි නිර්මාණශීලීභාවයක්‌ අත්‍යවශ්‍යයි. එම නිසා අපේ උත්සාහය වී තිබෙන්නේ අපේ රටට ගැලපෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමයි. අපේ පසුබිම අපේ සංස්‌කෘතියෙන්ම ජනිත වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ තමයි කාලීන අවශ්‍යතාව ලෙස සැලකෙන්නේ.

  • ව්‍යාඝ්‍රයාගේ කටට පැනීම
    මෙම ජාත්‍යන්තර සම්මුතීන් අතර මානව හිමිකම් කම්කරු අයිතිවාසිකම, ධරණීය සංවර්ධනය, යහපාලනය වැනි ක්‍ෂේත්‍ර නියෝජනය කරන සම්මුතීන් වෙයි. එම සම්මුතීන් බදු සහනය ලබා ගැනීම සඳහා අත්සන් කළ ඒවා නොව විවිධ අවස්‌ථාවලදී අප රට විසින් අත්සන් කරන ලද ඒවාය. දේශප්‍රේමීන් වන්නේ මානව හිමිකම් ආරක්‍ෂා කරන ප්‍රමාණයට මිනිසුන්ට ආදරය කරන ප්‍රමාණයට ය. කම්කරු හා මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම දේශප්‍රේමීත්වය නොවේ.

  • හමුදා නායකයන්ව යුද අපරාධකරුවන්
    කිරීමේ සුදු කොඩි කතාවේ පසුබිම

    කේ. පී. විසින් කොටින්ට ආයුධ සැපයූ බව
    සිය ප්‍රකාශයෙන් පිළිගෙන තිබේ. මේ එම ප්‍රකාශයයි.
    "ද්‍රවිඩ රාජ්‍යයේ නීත්‍යානුකූල හිමිකම් සඳහා සටන් වැදීමට අවි ආයුධ ගත් අපේ සංවිධානයේ එක්‌ පාර්ශ්වයක්‌ වන්නේ මමයි. හමුදා ජයග්‍රහණයකට අපේ අරගලය මකා දැමිය නොහැකියි...." එහෙත් උතුර නැගෙනහිර නගාසිටුවීම සඳහා කේ.පී. ද්‍රවිඩ ප්‍රජාවගේ සහය ඉල්ලමින් ගෙන යන ක්‍රියාදාමයට රජය රැවටිය යුතුද?.

       

  • උදුරා නොරටට දුන් ප්‍රථම ප්‍රේමයේ
    දියණිය හමුවෙයි


    වැදූ අම්මා සමග එක්‌ව ස්‌වීඩනයේ වෙසෙන දියණිය දුරකතනය ඔස්‌සේ හඬමින් ඉකිබිඳින අයුරු අපට මැනැවින් දැනිණ. ඒ අතිශය හැඟීම්බර අවස්‌ථාව නිම වූයේ මේ දියණිය තම මව බලන්නට වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන බව යළි යළිදු කියමිනි.
     
  • නැගෙනහිර බෞද්ධ උරුමය කියාපාන
    රජගල තැන්නේ හෘද සාක්‌ෂිය

    2001 වර්ෂය වනතුරු සිංහල ගම්මානයක්‌ ව පැවැති කැලෑ බෝගස්‌වැව දැන් කොක්‌කුවාන්කුලම වී තිබේ. ත්‍රස්‌තවාදීන්ගේ නිරතුරු ප්‍රහාර නිසා සිංහලයෝ මේ ගම හැර ගියහ. එහෙත් අතීත මුතුන් මිත්තන් විසින් ඔවුන්ට හිමිකර දී තිබූ පූජනීය ස්‌ථානය, ඔවුන්ට ගෙන යැමට නොහැකි විය. වනාන්තරය විසින් බිලිගත් මුළු පෙදෙස ත්‍රස්‌තවාදීන්ගේ ග්‍රහණයට ලක්‌විය.

  • ඔබේ ඉඩම විකුණන්නේ ප්‍රවේසමෙන්

    ඔබ අතින් ඔප්පු පිටපත් ලබා ගන්නා
    අය අතර වංචාකරුවකු සිටියහොත්
    ඔවුන් ඔබේ ඔප්පු පිටපත උපයෝගී
    කොට ව්‍යාජ ඔප්පු සාදා එම ඉඩම ඔබට
    හොරෙන් වංචා සහගත ලෙස වෙනත් කිසිවකුට
    විකිණීමේ අවදානමට ලක්‌වීමට බොහෝදුරට
    ඉඩ ඇති බැවිනි.

 

  • ආර්. ආර්. ගේ භූමිකාව

    ආර්. ආර්. හැත්තෑව දසකයේ අපට
    සිටි හොඳම ස්‌වතන්ත්‍ර නාට්‍යකරුවකු
    විය. ඔහුගේ ප්‍රබල නාට්‍යමය අත්දැකීම්
    ලෙස විචාරක හා ප්‍රේක්‌ෂක ප්‍රසාදයට පාත්‍ර වූ
    අහසින් වැටුණු මිනිස්‌සු, ඉඩම හා කැලණි පාලම
    මම එයට සාක්‌ෂි ලෙස දක්‌වමි. ස්‌වතන්ත්‍ර නාට්‍ය
    නිර්මාණ පිළිබඳ ඔහු සුගතපාල ද සිල්වා සමග
    සම පෙළක සිටින බවද මම ලියා ඇත්තෙමි.
     
  • ජෝති ගීතයේ සාහිත්‍යයක්‌ ඇත

    ජෝති ගී ගැයූ තුන් දශකය තුළ ඔහුට
    මනරම් ගීත සාහිත්‍යයක්‌ මවා දුන්නේ
    කසළ රචකයන් පිරිසක්‌ නොව විශිෂ්ට
    කවි කැලක්‌ බව ඔවුනට නොපෙනී ගියේ ඔවුන්
    පොදු ජන සම්ප්‍රදායයන් ගැන හැඟêමක්‌ නැති
    ගතානුගතික පොතේ ගුරුන් පිරිසක්‌ වූ නිසාය.
    එබැවින් ජෝති ගීත සාහිත්‍යය පිළිබඳ කතිකා
    වක්‌ මෙතෙක්‌ සම්පූර්ණ නොවීම ඉතිහාසයේ
    වේදනාවකි.

  • මේ පියගුණ වරුණයි
    මිත්‍ර කපුගේ
    "කපුගේ නැතිවුණත් ඔහු පිළිබඳ මතකය කිසි දවසක මියෑදෙන්නේ නැහැ. ඔහුගේ ගීතවලට ඇළුම් කළ බොහෝ දෙනා අපට නිරතුරුව ම කතා කරනවා. මෙවර ඔහු නමින් පවත්වන උපහාර උළෙලේ විශේෂත්ව කිහිපයක්‌ ම තියෙනවා. ප්‍රධානම දේ වෙන්නේ අපේ පුතා මිත්‍ර කපුගේ සහ ලොකු දුව සජනි කපුගේ දෙදෙනාත් මෙවර පියගුණ වරුණට එක්‌ වෙනවා".

  • මට ඩ්‍රම්ස්‌ ගහන්න හොඳට පුලුවන්....
    නදීශා මදුෂානි

    නිළියක්‌ වගේම මම නිරූපිකාවක්‌
    හැටියටත් වැඩ කරනවා. ඉදිරියටත් රග
    පාන්න අවස්‌ථාව ලැබුණොත් නිර්මාණය
    අනුව හොඳ දේ විතරක්‌ තෝරාගෙන
    රංගනයයි නිරූපනයයි මේ අංශ දෙකම සමබරව
    කරනවා. ඒත් බදාගෙන කරන්නේ නෑ....
    .
     

  • මට සිංහ කොඩිය දෙන්න

    ජාත්‍යන්තර තරග වලදී ඇමරිකාව
    නියෝජනය කිරීමේ හැකියාව මෙන්ම
    ඒ සඳහා සුදුසුකම් ද අඩු නැතිව ප්‍රශාන්ත
    සතුය. ඇමරිකාව ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටියි.
    එහෙත් ප්‍රශාන්ත ඇමරිකාවේ තරු කොඩිය දරන
    වාට වඩා සිංහ ධජය දැරීමට කැමතිය. තම ජය
    ග්‍රාහී හැකියාවේ ගෞරවය ශ්‍රී ලංකාවට පිදීමට
    ඔහු කැමැත්තේය. එහෙත් පුදුමය නම් ශ්‍රී ලංකාවේ
    චෙස්‌ බලධාරීන් එයට අකැමැති වීමයි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.