|

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක
අධ්‍යයනායතනයෙන් පාසල් ගුරුවරුන්ට
තොරතුරු තාක්‌ෂණ වැඩමුළුවක්
කොළඹ විශ්ව විද්‍යලයේ පරිගණක අධ්‍යයනායතනය, (University of
Colombo school of computing - UCSC) එහි විසි පස් වැනි
සංවත්සරය වෙනුවෙන් පාසල්වල තොරතුරු තාක්‌ෂණය ඉගෙන ගන්නා සිසුන්
සහ උගන්වන ගුරුවරු දැනුවත් කරන සම්මන්ත්‍රණ සහ වැඩමුළු
මාලාවක් පැවැත්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. පරිගණක
අධ්‍යයනායතනයේ ආචාර්ය එච්. එල් ප්‍රේමරත්න සහ නොයෙල්
ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ කොළඹ විශ්ව
විද්‍යාලයේ පරිගණක සමාජය සහ මජිජ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය
කරනු ලබන මෙම සම්මන්ත්‍රණ සහ වැඩමුළු ආකාර දෙකකට පවත්වයි. එක්
ආකාරයක් වන්නේ පාසල් සිසුන් සහ ගුරුවරු කොළඹ විශ්ව විද්‍යාලයේ
පරිගණක අධ්‍යයන ආයතනයට ගෙන්වා සම්මන්ත්‍රණ සහ වැඩමුළු
පැවැත්වීමයි. අනික් ආකාරය වන්නේ එහි සම්පත්දායකයන් පාසල්වලට
ගොස් සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීමයි.
මේ පිළිබඳ අදහස් දක්‌වන කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක
ආයතනයේදී අධ්‍යක්‌ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක...
"අපි මේ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පවත්වන්නේ ප්‍රධාන අරමුණු
දෙකක් ඇතුවයි.එක් අරමුණක් තමා රජයේ පාසල්වල තොරතුරු හා
සන්නිවේදන තාක්‌ෂණ (ICT) විෂය හදාරන අ. පො. ස උසස් පෙළ
සිසුන්ගේ සහ එම විෂය උගන්වන ගුරුවරුන්ගේ විෂය දැනුම පෝෂණය
කිරීම. අනික් අරමුණ තමා පොදුවේ පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට
ICT විෂය ක්‌ෂේත්‍රයේ ඇති කාලීන වැදගත්කම, එම ක්‌ෂේත්‍රයේ ඇති
වෘත්තීය අවස්‌ථා පිළිබඳ දැනුවත් කිරීම, ලෝක ආර්ථිකයේ පදනම බවට
පත්වෙමින් තිබෙන ICT අංශ ගණනාවක් පුරා පැතුරුණු පුළුල් විෂය
ක්‌ෂේත්‍රයක්. මෙම ක්‌ෂේත්‍රයේ වෘත්තීය සහ ව්‍යාපාරික අවස්‌ථා
අනන්තයි, අප්‍රමාණයි. පාසල් සිසුන්ට මේ ගැන නිවැරදි
මාර්ගෝපදේශනයක් ලබාදී ඔවුන් ෂCඔ පැත්තට යොමු කළොත් එය ඔවුන්ගේ
සහ රටේ අභිවෘද්ධියට ලොකු අනුබලයක් වේවි කියලා අප විශ්වාස
කරනවා." |