ජනමාධ්‍ය සම්මාන උත්සවයේ දී
ජයග්‍රාහකන්ට EZY පරිගණක

ශ්‍රී ලංකාවේ පරිගණක නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන EZY ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය සහ කර්තෘ සංසදය සමග එක්‌ව මෙම සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන්ට EZY Slim Book Laptop පරිගණක ප්‍රදානය කළේය. මෙම උත්සවය ජූලි මස 27 වැනිදා පවත්වන්නට යෙදුණි.

EZY Holdings සමාගමේ සම්පූර්ණ අයිතිය ඇති EZY ලැප්ටොප් පරිගණක 24 ක්‌ කාණ්‌ඩ 14 ක්‌ යටතේ මෙහිදී ප්‍රදානය කරන්නට යෙදුණි. නාමිණී විජේදාස පුවත්පත් කලාවේදිනියට EZY Slim Book නවතම නිෂ්පාදනය ප්‍රදානය කරන ලදී. ඊට අමතරව සෑම පුවත්පත් කලාවේදියකුටම රුපියල් 5000 වට්‌ටම් වවුචරද ප්‍රදානය කරන ලදී.

මෙම සම්මාන උළෙල පවත්වන ලද 11 වැනි වතාව මෙයයි. EZY පරිගණක මෙරට වෙළෙඳපොළට හඳුන්වාදුන් දිනයේ සිට මෙය ඉතා ජනප්‍රිය වී ඇති අතර මිලෙන්ද අඩුය. මෙය කාටත් ලබාගත හැකි මිලකට මිල කර ඇත. අපගේ අරමුණ වී ඇත්තේ සෑම ශ්‍රී ලාංකිකයකුටම පරිගණකයක්‌ ලබා ගැනීමට හැකි තත්ත්වයක්‌ උදා කිරීමයි. එය මෙරට පරිගණක කර්මාන්ත ශාලාවක්‌ පිහිටුවීමෙන් අපට කර ගැනීමට හැකිව තිබේ. මෙසේ සඳහන් කළේ EZY හෝල්ඩින්ස්‌හි ප්‍රධාන විධායක නිලධාරි ෂප්රාස්‌ හම්සඩීන්ය. ශ්‍රී ලංකාව ඉදිරියට යැමට නම් සාමාන්‍ය පුරවැසියා පරිගණකය සමග සම්බන්ධ විය යුතු අතර තාක්‌ෂණය අප වැනි නිෂ්පාදකයන් ගෙන් ලැබෙනු ඇත.

ඡායාරුපය EZY හෝල්ඩින්ස්‌ හි ප්‍රධාන විධායක නිලධාරී ෂප්රාස්‌ හම්සඩීන් මහතා නාමිණී විඡේදාස මහත්මියට ලැප්ටොප් පරිගණකය ප්‍රදානය කරන අයුරු. කර්තෘ සංසදයේ සභාපති මනික්‌ ද සිල්වා සහ සංවිධාන කමිටුවේ සම සභාපති විනිසුරු සී. ජී. වීරමන්ත්‍රී සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති සහ ප්‍රධාන ආරාධිතයා වූ කුමාර් නඩේසන් මහතා යන මªª €ව් 0 ÿදිÿ ෆයù ධි දැÊ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.