
ඇමරිකානු ශාන්තිකර සුරදූතයා මෙහෙයුමේ
පසුබිම

ඇමරිකානුවන් කණ්‌ඩායම පැමිණෙන්නේ මෙවන් KC-135
වර්ගයේ ඉන්ධන ප්‍රවාහන යානාවකය



වඩිවේල් සිවඥණම් - නෙදියවන්
* නෝර්වේ තානාපති හැට්‌රන් මෙරටින් පිටව යයි
* කොටි විමුක්‌ති අරගලය සඳහා සටන් වැදීමට අපට ආත්මශක්‌තියක්
ඇතැයි පැවසූ තැනැත්තාට ද මාධ්‍ය සම්මානයක්
* ඇමරිකාවේ පාඨමාලාවකට එන්නැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට කළ
ඇරයුම ප්‍රතික්‍ෂේප කෙරේ
* ඉන්ධන ගෙන යන යානාවකින් ඇමරිකානුවන් හතළිහක් මෙරටට
* ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් සියයට 30 ක් හා වර්ග කිලෝමීටර්
369000 ක වෙරළාසන්න ප්‍රදේශය ඇතුළත් අන්තර්වාර පාලන යෝජනාවලිය
පිඹුරුපත් කළේ තමා යෑයි මහාචාර්ය රාමසාමි පවසයි
* සංවර්ධනයට මුවාවී නෝවීජියානු කණ්‌ඩායමක් මෙරටට ගෙනඑAමේ
මෙහෙයුම හෙළිවේ
* යුද විරෝධී සංවිධානයේ එන්.ජී.ඕ. ක්‍රියාකාරිනියකට ද ශ්‍රම
සම්මාන
* බෝන් එගේන් නිකාය ආරක්‍ෂක හමුදා එAකකයකට ද ව්‍යාප්ත වේ
ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා අණදෙන මූලස්‌ථානය මේ
සතියේ දිනෙක නිවේදනයක් ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකාවේ
බටහිර සහ මධ්‍යම පළාතේ ජනතාවට මානුෂික සේවාවන් සැලසීම සඳහා
අගෝස්‌තු 14 සිට 22 දක්‌වා ෆැසිපික් එAන්ජල් මෙහෙයුම දියත්
කිරීමට කටයුතු යොදා ඇතැයි හෙළි කර ඇත. මේ ඔපරේෂන් ෆැසිපික්
එAන්ජල් වැඩපිළිවෙළ සඳහා ඇමරිකානු ගුවන්, යුද, නාවික සහ
මැරයින් බළකායේ නිලධාරීන් හතළිහකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වන
බව ද හමුදා අණදෙන මූලස්‌ථානය විසින් තවදුරටත් අනාවරණය කෙරිණි.
මෙකී මෙහෙයුම දියත් කරන්නේ 13 වැනි ගුවන් බළකායයි. ඊට සම්බන්ධ
නිලධාරීන් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වන්නේ ඇමරිකානු හමුදා
ප්‍රවාහන යානාවකින් නොව ගුවනේදී ඇමරිකානු යානාවලට ඉන්ධන පුරවන
කේ.සී. 135 ස්‌ට්‍රාටෝ ටැන්කර් නමැති ඉන්ධන ප්‍රවාහන
යානාවකිනි.
මෙරට ජනතාව හෝ රජය විසින් ඉල්ලීමක්‌වත් කරන්නේ නැතිව ඇමරිකානු
ශාන්තිකර කලාපීය හමුදා අණදෙන මූලස්‌ථානය මෙලෙස ගුවන්යානාවලට
තෙල් ගහන යානාවකින් ඇමරිකානුවන් පිරිසක් මෙරටට එවීමට තීරණය
කළේ මන්ද? එකී ප්‍රශ්නයට ප්‍රතිචාර දක්aවන්නේත් ඇමරිකානු
හමුදා මූලස්‌ථානයයි. ඇමරිකානු හා ශ්‍රී ලංකා හමුදා අතර
දිගුකලක් තිස්‌සේ සම්බන්ධතාවක් පවතී. මේ සංචාරයේ අරමුණ දෙරට
අතර දැඩි සබඳතාවක් ව්‍යාප්ත කර ගැනීමයි. මෙකී ඇමරිකානු
කණ්‌ඩායමට අයත් වෛද්‍ය එAකකය සිවිල් වැසියන්ගේ දත් සහ ඇස්
පරීක්‍ෂා කිරීම ද ඉංජිනේරු කණ්‌ඩායම පාසල් දෙකක් සඳහා යටිතල
පහසුකම් ද සැපයේ.
මේ ඇමරිකානු කණ්‌ඩායමට පෙර ඇමරිකානු මැරයින් බළකායේ පිරිසක්
ත්‍රිකුණාමලයට පැමිණ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බෝට්‌ටු
බළකායට කැරලි මර්දන පුහුණුවක් හා සෝදිසි කිරීමේ තාක්‍ෂණ
ක්‍රමවේද හඳුන්වා දී ඇත. එහෙත් අතීතය සිහිපත් කළ යුතුය. 2002
වසරේදී සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් වසරකට පසු ඇමරිකානු
ශාන්තිකර කලාපීය අණදෙන මූලස්‌ථානයේ හමුදා නිලධාරීන් පිරිසක්
මෙරටට සම්ප්‍රාප්ත වී එවකට පැවැති රජය වෙත වාර්තාවක් යොමු
කරමින් රුසියානු මිග් ප්‍රහාරක යානා මිලයට ගැනීමෙන් වළකින
ලෙසත් ඇමරිකානු නිෂ්පාදන ලබාගන්නා ලෙසත් නිර්දේශ කරනු ලැබීය.
මේ නිර්දේශයන්හි පිටපතක් කොටින් සමග සාම සාකච්ඡාවලට සම්බන්ධ
වූ දේශපාලකයකුට ද ලබාදී තිබිණි. මේ අතරේ ඇමරිකානුවෝ සුන්බුන්
බවට පත්කිරීමට නියමිත කරේජස් නමැති වසර 36 ක් පැරැණි
වෙරළාරක්‍ෂක යාත්‍රාව මෙරටට ලබාදුන්හ. එය ප්‍රතිසංස්‌කරණය
කිරීමට රජයට රුපියල් මිලියන 319 ක් වැය විය. එහෙත් එA නැවේ
චීන ප්‍රහාරක අවි සවිකිරීම සඳහා ඇමරිකානු රජය ඉඩදුන්නේ නැත. එම
අවි සවිකිරීමට සිදුවූයේ නෞකාව කොළඹට පැමිණීමෙන් පසුවය.
2006 අප්‍රේල් 25 වැනිදා එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා
හමුදා මූලස්‌ථානය තුළදී කළුකොටි බෝම්බකාරියකගේ මරාගෙන මැරෙන
ප්‍රහාරයකට ගොදුරු විය. රටේ හමුදාපතිවරයා කොටි ප්‍රහාරයකින්
සිහිවිසඥව සිටින අවස්‌ථාවේ රජය සැලුනේ නැත. මෙහිදී
ජනාධිපතිවරයා විසින් හමුදා බලධාරීන්ට නියෝග කළේ කොටින්ට
ප්‍රහාර එල්ල කරන ලෙසයි. මේ නියෝගය මත හමුදා බලධාරීහු මි. මී.
130 වර්ගයේ කාලතුවක්‌කු යොදවා වෙඩි උණ්‌ඩ සියයකට අධික
ප්‍රහාරයක් සාම්පූර් කොටි කඳවුර වෙත එල්ල කරනු ලැබීය. එහෙත්
කොටි ඊට ප්‍රතිචාරයක් දැක්‌වූයේ නැත. මේ අතර කොළඹ ඇමරිකානු
තානාපති කාර්යාලයේ හමුදා කාර්යභාර නිලධාරී ඕක්‌ස්‌ලි විගස
හමුදා මූලස්‌ථානයට දිව ආවේය.
ඔහු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු අමතමින් මොනවද දැන් සිද්ධ
වෙන්නේ යෑයි ප්‍රශ්න කරනු ලැබීය. "ඔබ අහන්නේ ප්‍රහාරයට ලක්‌වූ
හමුදාපති ගැන ද" යෑයි හමුදා නිලධාරියා ඇසීය. "නැහැ නැහැ මට
දැනගන්නට අවශ්‍යයි කොටින්ට එරෙහිව ක්‍රියා කළාද කියා" යෑයි
ඕක්‌ස්‌ලි කියා සිටියේය.
අපි සාම්පූර් කොටි කඳවුරට ප්‍රහාර එල්ල කලා. ඔබට අවශ්‍ය නම්
භාවිත කළ අවියත් කියන්නම්. මි.මී. 130 ප්‍රහාර සියයකට වඩා අපි
ගැහැව්වා" යෑයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ඊට ප්‍රතිචාර
දැක්‌වීය.
ඇමරිකානු හමුදා කාර්යභාර නිලධාරියා මෙවන් පිළිතුරක්
බලාපොරොත්තු වූයේ නැත. හමුදාව කොටින්ට පහර දෙනු ඇතැයි අදහස්
කළේද නැත. ඔක්‌ස්‌ලි කිසිවක් නොකියා විගස ඇමරිකානු තානාපති
කාර්යාලයට දිව ගියේය.
මේ නිසා ඇමරිකානුවන් කෙරේ විශ්වාස කළ යුතුද? මෙම වසරේ මුලදී
ඇමරිකානු හමුදා ඇකඩමිය විසින් මෙරට හමුදා නිලධාරීන් කණ්‌ඩායමකට
එරට හමුදා විසින් පුහුණුව ලැබීම සඳහා ඇරයුම් කරනු ලැබීය. එA
අනුව යුද හමුදා මූලස්‌ථානය විසින් අදාළ නිලධාරීන්ගේ නාමලේඛනය
යවනු ලැබූවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එය
ප්‍රතික්‍ෂේප කෙරිණි.
ඊට හේතු වශයෙන් දක්‌වා තිබුණේ ශ්‍රී ලංකා හමුදාව වන්නි
මෙහෙයුමේදී යුද අපරාධ කළ බවට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් දෙදෙනකු
සැපයූ සාවද්‍ය වාර්තාවක්‌ය.

කොටි අරගලයට සහය දක්‌වන බවට ප්‍රකාශ කළ වාර්තාවේ කොටසක්
මේ අතර මෙයට සති කීපයකට පෙර ඇමරිකානු බලධාරීහු යුද හමුදාවේ
ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුට එරට පාඨමාලාවකට පැමිණෙන්නැයි ඇරයුම්
කරනු ලැබීය.
එහෙත් කොන්දක් ඇති එම හමුදා නිලධාරියා එකී ඇරයුම ප්‍රතික්‍ෂේප
කරනු ලැබීය. ඇමරිකානු බලධාරීන් කියන කියන අන්දමට ක්‍රියා කරන්න
යුද හමුදා නිලධාරීන් සූදානම් නැහැ යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග
කියා සිටියේය. මේ පසුබිම මත ශ්‍රී ලංකාවේ යුද හමුදාව අතර
සබඳතාව වර්ධනය කරගැනීම සඳහා යෑයි දක්‌වමින් ශාන්තිකර සුරදූතයා
නමින් මානුෂික සේවා මෙහෙයුමක් දියත් කිරීම ඇමරිකානු අබිරහස්
ක්‍රමවේදයේ තවත් පියවරකි.
මේ ක්‍රමවේදය මත ඉදිරි සතියේදී ඇමරිකානු රාජ්‍ය
දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මෙරටට පැමිණියහොත් පුදුම විය යුතු
නැත. මෙහිදී මෙම සුරදූත මෙහෙයුමට එන හමුදා නිලධාරීන් ඉන්ධන ගහන
යානාවක එන්නේ කුමකටද? මෙම යානා ඉන්ධන සපයන යානා යෑයි
හැඳින්වුවත් එAවා තොරතුරු රැස්‌කර ගැනීමේ විද්යුත්
ක්‍රියාදාමයන් ගෙන් යුක්‌තවේ. එසේම යානාව තුළ අධිතාක්‍ෂණික
ඡායාරූපගත කිරීමේ පද්ධතියක් ද ඇත. එසේම ඔපරේෂන්
ෆැසිපික් එAන්ජල් හෙවත් ශාන්තිකර සුරදූතයාගේ මෙහෙයුම
ක්‍රියාත්මක කරන ඇමරිකානු 13 වැනි ගුවන් බලඝනය ආසියා ශාන්තිකර
සාගරයේ තොරතුරු මෙහෙයුම් ක්‍රියාදාමයේ නිරතවේ.
මේ නිසා මෙම ඇමරිකානු සුරදූතයා මෙරටට එන්නේ ජනතාවගේ දත් හා
ඇස් පරීක්‍ෂා කිරීමට ද?
මේ අතර ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැනගැනීම සඳහා රටේ සතුරන්ට මාධ්‍ය
සම්මාන දීමට නෝර්වේ, ස්‌වීඩන්, ඩෙන්මාර්ක් අරමුදල් මත යෑපෙන
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. සමාගම හා විනිශ්චය
මණ්‌ඩලය ක්‍රියා කර ඇති ආකාරය දැන් පැහැදිලිය. ඉන්දියාවේ
නැෂනල් ඇපයාර්ස්‌හි කළමනාකරණ කර්තෘ ෂිලා බහට් සහ මාධ්‍ය
සම්මාන ලත් යාපනයේ ද්‍රවිඩ සංස්‌කාරකවරයකු අතර පැවැති
සාකච්ඡාවක් අපි හෙළි කරන්නෙමු. "අපිට ඉලක්‌කයක් තිබෙනවා. අපි
ඉදිරියට යනවා. අනිත් අයගේ තනුවලට අපි නටන්නේ නැහැ. අපි සටන්
කරන්නේ නිදහස වෙනුවෙන්. ගෝලීයකරණය සම්බන්ධයෙන් ප්‍රභාකරන්ට
විශාල දැනුම් සම්භාරයක් තිබෙනවා. ඔහු තම ඉලක්‌ක වෙත
යොමුවෙනවා. ද්‍රවිඩ ප්‍රදේශවලින් 2/3 ක් ඇත්තේ ඔහුගේ පාලනය
යටතේයි. ඔහුට වෙනම අධිකරණයක් තිබෙනවා, වෙනම පොලිසියක් හා
හමුදාවක් ද තියෙනවා. විමුක්‌ති අරගලය වෙනුවෙන් සටන් කිරීමේ
ආත්ම ශක්‌තිය ද අපට තිබෙන බව කිවයුතුයි. රාජපක්‍ෂ සිතන්නේ
හමුදා බලයෙන් කොටින්ව පාලනය කළ හැකියි කියලයි. ඔහු යථාර්ථය
තේරුම්ගෙන නැහැ. එය ඔහුගේ ප්‍රශ්නයක්. කොටි සංවිධානය 2000
වසරේ සිටි තත්ත්වයක නොවෙයි දැන් සිටින්නේ. ඔවුන් පෙරට වඩා
බලයක් ලබාගෙන තිබෙනවා.
මෙලෙස කොටි ත්‍රස්‌තවාදයට ප්‍රසිද්ධියේ සහාය දැක්‌වූ මේ
තැනැත්තාට පවා මාධ්‍ය සම්මානයක් හිමිවීම යනු මියගිය
රණවිරුවන්ට කළ විශාලතම අවමානය නොවන්නේද? එසේම සර්බියාවේත්
කොසවෝ ප්‍රාන්තය වෙනම රටක් වෙද්දීත් මොහු එය සාධාරණීයකරණය
කළේය. ඔහු ප්‍රභාකරන්ව හමුවීමට කීපවිටක්‌ම ගොස් ඇත. මෙය
පුදුමයක් නොවේ. මේ මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමෙන් දින
කීපයකට පසු රජයේ ඇමැතිවරයකු සහභාගි වූ සම්මාන උත්සවයකදී
කොටින්ට එරෙහි යුද්ධයට එරෙහිවූ යුද විරෝධී නමැති එන්.ජී.ඕ.
සංවිධානයේ ක්‍රියාකාරිනියකට ද සම්මානයක් පිරිනැමිනි. ඇය
ශ්‍රමය වැය කළේ ව්‍යාජ සාමය සඳහා එන්.ජී.ඕ. සංවිධානයේ යහපත
උදෙසා නොවේද?
මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී ශ්‍රී ලංකාවේ
දිස්‌ත්‍රික්‌ක අටක (අම්පාර, මඩකලපුව, යාපනය, කිලිනොච්චිය,
මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය සහ වවුනියා) පාලනය කොටි ඝාතන
සමාගමට ලබාදීම සඳහා අන්තර්වාර පාලනය නමැති යෝජනාවලිය කෙටුම්පත්
කළ ෙද්‍රdaහියා මැලේසියාවේ පී. රාමසාමි නමැති මහාචාර්යවරයා
යෑයි හෙළි විය.
මම අන්තර්පාලන යෝජනාවලිය සකස් කළා. නමුත් එය ලබාගැනීමට බැරි
වුණා යෑයි මැලේසියාවේ පීනැන්ග් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති
වූ හෙතෙම මෑතකදී කියා සිටියේය.
රාමසාමිගේ සැලසුම අනුව රටේ ඉඩම් ප්‍රමාණයෙන් සියයට 30 ක් ද
වර්ග කිලෝමීටර් 369,000 ක වෙරළාසන්න ප්‍රදේශයන් ද කොටින්ට
ලබාදීම සඳහා එහි අන්තර්පාලන යෝජනාවලිය සකස් විය.
වන්නි මෙහෙයුමින් ශ්‍රී ලංකා හමුදාව පරාජය වනු ඇතැයි බහුතරය
විශ්වාස කළේය. එහෙත් කොටි ඝාතක සමාගම විනාශවීම නිසා ඔහු දැන්
ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ මෙහෙයුමක
යෙදී සිටී.
සටන් විරාම සමයේ මෙරටට පැමිණි රාමසාමි කිලිනොච්චියට ගොස්
අන්තර්වාර පාලන යෝජනාවලිය සම්බන්ධයෙන් දින 10 ක් තිස්‌සේ
කොටින්ට දේශනා පවත්වද්දී එවකට සිටි රජය නිහඬ විය.
මේ අතර පසුගිය සෙනසුරාදා නෝර්වේ ඔස්‌ලෝ නගරයේ හින්දු කෝවිලක
පැවැති උත්සවයේදී නෝර්වේ කොටි නායක නෙදියවන්ගේ කණ්‌ඩායම හා ඊට
එරෙහි ඇමරිකානු රුද්‍රකුමාරන්ගේ කණ්‌ඩායම අතර ඇතිවූ ගැටුමක්
පිහි ඇනුමකින් නිමා විය. මෙහිදී නෝර්වීජියානු ද්‍රවිඩ ආර්ථික
එAකකය නමැති කොටින්ට සම්බන්ධ සංවිධානයේ ප්‍රධානි සිවඥනේස්
වඩිවෙල් සහ නෙදියවන්ගේ සගයකු ඇතුළු හය දෙනෙක් තුවාල ලැබූහ.
මෙම ගැටුම සම්බන්ධයෙන් කොටි තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට
නෝර්විජියානු තානාපති ටෝරේ හැට්‌රන් සිය සේවා කාලය නිමවීමෙන්
පසු පසුගියදා මෙරටින් පිටත්ව ගියේය. ඔහුගේ පිටවයැම මෙරට
එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට, ඇතැම් ලේකාවන්ට ද කම්පනයක් වී
තිබේ. හැට්‌රන් මෙරටින් යැමට පෙර නියෝජ්‍ය ඇමැතිවරයකු විසින්
ඔහු වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පවත්වනු ලැබීය. මේ
නෝර්වීජියානු තානාපතියා අපට පුවත්පත් කලාව ඉගැන්වීමට ද උත්සාහ
කළේය. එහෙත් නෝවීජියානු සංවර්ධන අරමුදල නමැති එන්.ජී.ඕ.
සංවිධානය මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු සමග එක්‌වී
සංවර්ධන ක්‍රියාදාමයන් මුවාවෙන් වැඩපිළිවෙළක් දියත් කර ඇත.
මේ සඳහා නෝර්වේහි ද්‍රවිඩ ප්‍රජාව නමින් හඳුන්වාගත්
කණ්‌ඩායමක් පසුගියදා මෙරටට සම්ප්‍රාප්තවී උතුර නැගෙනහිර
සංචාරයක යෙදුනි.
නෝවීජියානුවන් යළිත් මෙරටට ගෙනඑAමේ මෙහෙයුම පසුපස සිටින
එන්.ජී.ඕ. ක්‍රියාකාරියා සහ ඔහුගේ සංවිධානය ගැන දැන් හෙළිවී
ඇත. මොහු පසුගියදා නෝර්වේ කොටි සමුළුවකට ද සහභාගි වී තිබේ.
කොටි සංවිධානය පරාජය කළ නොහැකි යෑයි පැවසූ ජාත්‍යන්තර ත්‍රස්‌ත
විශේෂඥයකු හා විමර්ශකයකු යෑයි හඳුන්වා ගන්නා සිංගප්පූර් යුද
මහාචාර්යවරයා ද පසුගියදා මෙරටට පැමිණ දේශනයක් කළේය.
අත්අඩංගුවට පත්වීමට පෙර හා අත්අඩංගුවට පත්වීමෙන් පසු තමා
කේ.පී. ව හමුවූ බව පවසා ඇති මේ කේවට්‌ට මහාචාර්යවරයා වරක් අපේ
බුද්ධි අංශ අවතක්‌සේරුවකට ලක් කළේය.
එහෙත් මෙරට මාධ්‍ය ඔහු පසුගිය වසර 15 තුළ මෙරට ක්‍රියාත්මක වූ
අයුරු දනී. ශ්‍රී ලංකාවට එරෙහි වූ පාර්ශ්වයන් විශාල
සංඛ්‍යාවක් වෙනත් මගකට ගැනීමට කේ.පී. ට හැකි වුවොත් ශ්‍රී
ලංකාවට යහපතක් වන්නේ යෑයි මොහු රජයට උපදෙස් දී ඇත.
එදා කොටි පරාජය කළ නොහැකි යෑයි පැවසූ මේ ත්‍රස්‌ත මර්දන ව්‍යාජ
ප්‍රඥයාගේ සහාය ඇෆ්ගනිස්‌තානයේ තාලිබාන් හා අල්කයිදා සංවිධානයට
එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය
විසින් ලබා නොගන්නේ මන්ද? වන්නි මෙහෙයුම සඳහා යුද රථ ගුවන්
යානා සහ වෙනත් උපාංග ලබාදුන් චීනය මෙරට හමුදා නිලධාරීන්ට තම
හමුදා පීඨවලදී පුහුණුව ලබාදීමට එකඟවී ඇත. එA අනුව ජ්‍යෙෂ්ඨ
හමුදා නිලධාරීහු දෙදෙනෙක් ලබන සතියේ චීනය බලා පිටත්වේ. කොටි
ත්‍රස්‌තයන් රැගත් නැව් තුනක් මේ සතියේදී කැනඩාවේ වැන්කුවර්
වරාය වෙත පැමිණෙන බව මේ සතියේදී වාර්තා විය. රුසියානු
මක්‌ස්‌වා යුද නැවද පසුගිය සිකුරාදා මෙරටට සම්ප්‍රාප්ත විය.
ඇමරිකානුවන් හා රුසියානුවන් ශ්‍රී ලංකාවට එකවර සම්ප්‍රාප්ත වූ
මුල් අවස්‌ථාව මෙයයි. මේ අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සේවාවක
සේවයේ නියුතු නිලධාරීව බෝන් එගේන් නමැති ආගමික නිකායකවලට හරවා
ගැනීමේ රහසිගත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව හෙළිවී තිබේ. මෙම
ආගමික නිකායට බැඳුණු නිලධාරීන්ට විදේශ රටවල සංචාර පවා ලබාදී
ඇතැයි වාර්තාවී තිබේ. එහෙත් එA සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ
ආරක්‍ෂක ලේකම්වරයා අතර තොරතුරු වසන් වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
|