|
|
|
|

බෑන් කී මූන්ට අපල හැඩයි?
එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ට අපල කාලයක් උදාවෙමින්
තිබෙන බවට පෙරනිමිති වලින් ඉඟියක් දැනේ.
මෙම තත්ත්වයට හේතුභූත වී තිබෙන කාරණා දෙකක් අසන්නට ලැබේ.
එක්‌සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්‌ථානයේ නීතිඥවරයෙක් තමාට
ලැබිය යුතු උසස්‌වීමක් සුදුසුකම් තිබියදී පිරිනැමීමට මූන්
අවහිර කළ බවටත් ලිංගික හා ජාතිවාද පදනමින් ද්වේශසහගත ලෙස සැලකූ
බවටත් චෝදනා කරමින් ඇමරිකානු ජාතික රොබට් ඇප්ලිටන් මහ ලේකම්
බෑන් කී මූන්ට එරෙහිව නඩුවක් පවරා තිබේ.
මහාමණ්‌ඩල යෝජනා හා එක්‌සත් ජාතීන්ගේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය
කරමින් විමර්ශන දෙපාර්තමේන්තුවේ නිත්‍ය විධායක ධූරයට තමා
පත්කිරීමට ඉදිරිපත්වූ නිර්දේශය මහ ලේකම්වරයා ප්‍රතික්‍ෂේප කළ
බව රොබට් විසින් එක්‌සත් ජාතීන්ගේ ආරවුල් විනිශ්චය මණ්‌ඩලයට
ඉදිරිපත්කර තිබෙන පිටු 76 ක පෙත්සමෙන් තමාට මෙමගින් සිදුකරන ලද
හානිය නිමිත්තෙන් පවුම් 600000 උසස්‌වීම වැළැක්‌වීමෙන් අහිමි
කරන ලද වැටුප් හා දීමනා වෙනුවෙන් තවත් පවුම් 500000 ක්‌ද අයකර
දෙන ලෙස ඉල්ලා ඇත.
ඉදිරිපත්වූ ඉල්ලුම්කරුවන් 70 කින් අභ්‍යන්තර සේවා අංශයේ
විමර්ශන ඒකකයේ නිත්‍ය ප්‍රධානි තනතුරට අවශ්‍ය සුදුසුකම් ලද
යෝග්‍ය එකම පුද්ගලයා වශයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණ මණ්‌ඩලය විසින්
රොබට් ඇප්ලිටස් තෝරාගෙන ඔහුගේ නම නිර්දේශ කරනු ලැබීය. එහෙත්
එම නිර්දේශය මූන් ප්‍රතික්‍ෂේප කළේය. ඔහු තීන්දු කළේ ජ්‍යෙෂ්ඨ
තත්ත්වයේ තනතුරු සුදුසුම ලත් තිදෙනෙකු අතුරින් ගෝලීය පදනමින්
කලාප නියෝජන වන පරිදි තෝරාගතයුතු බවත් එක් කෙනෙකු
ස්‌ත්‍රියක් වියයුතු බවත්ය.
අභ්‍යන්තර සේවා දෙපාර්තමේන්තු ප්‍රධානී ද මෙම ධුරයට රොබට්
ඇප්ලිකන් පත්කරන ලෙස නව වතාවක් මහ ලේකම්ගෙන් ඉල්ලා ඇත.
එය නොසලකා හැරිණි. ඒ වෙනුවට මානව සමාජ උපලේකම් කැතරින් ෆොලාඩ්,
හිටපු ප්‍රධානි ඉංගා ක්‍රීට් ඇලෝසියස්‌ට නියෝග දෙමින් තව
ඉල්ලුම් කරුවන් 4 දෙනෙකුට සම්මුඛ පරීක්‍ෂණ පවත්වන ලෙස කීවේය.
මෙම තනතුරට පත්කර තිබෙන ඩඩ්ලි නමැත්තා ඊට පත්වූයේ ඔහුගේ බිරිඳ
හා කොලාඩ් සමග තිබූ සබඳකම් මත යෑයිද ඇප්ලිටන් කියයි.
මේ අතර බෑන් කී මූන්ගේ ක්‍රියාකලාපය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය
පසුබෑමකට ඇද දමන්නක් බවටද විමර්ශන අංශය ඇතුළත්වන අභ්‍යන්තර
සේවා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි බ්‍රිට් ඇලෝසියස් චෝදනා
කරන්නීය.
මාධ්‍ය වලට ලැබුණු ඇගේ මෙම චෝදනා අඩංගු ලිපියෙන් එක්‌සත්
ජාතීන්ගේ අභ්‍යන්තර විමර්ශන ක්‍රියාවලිය පසුපස පවතින බල අරගලයේ
වියවුල් පෙන්නුම් කරයි.
ඉන්ඟල් මහත්මිය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ දූෂණ හා
විෂමාචාර පරීක්‍ෂාකොට ඒවා මැඬලීමට වගකීම පැවරුණු අභ්‍යන්තර
සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ධුරය දැරුවාය.
පුවත්පත්වලට ලැබුණු ඇගේ වාර්තාවෙන් විමර්ශන අංශයේ ස්‌වාධීනත්වය
බෑන් කී මූන් යටපත් කරන බවට චෝදනා නඟා ඇත.
බෑන් කී මූන් විමර්ශන අංශය පවතිද්දී ඊට සමාන්තරව ඔහු යටතේ වෙනම
විමර්ශන ඒකකයක් පවත්වාගෙන යමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පත්කිරීමේ
කටයුතුවලට බාධා කළ බවද ඇගේ ලිපියේ දැක්‌වේ.
බෑන්ගේ නායකත්වය යටතේ උපායමාර්ගික මග පෙන්වීමක් රහිතව සමස්‌ත
කාර්යයන් දුබල තත්ත්වයකට ඇද වැටෙමින් තිබෙන බව ඇය චෝදනා කර ඇත.
කොරියා විදේශ අමාත්‍යංශයේ මෙන්ම විදේශ තානාපති කාර්යාලවල දිගු
කලක් සේවය කළ මූන් 2004 ජනවාරියේ සිට 2006 නොවැම්බර් දක්‌වා
දකුණු කොරියා විදේශ ඇමැතිධුරය දැරීය. ඊට පෙර එක්‌සත් ජාතීන්ගේ
මූලස්‌ථානයේ විවිධ තනතුරු දැරූ අතර කොරියා නියෝජිත වශයෙන්ද
සේවය කළේය.
මහලේකම් කොෆී අනන්ගේ සේවා කාලයෙන් පසු මහ ලේකම්ධුරයට
ඉදිරිපත්වන බව 2006 පෙබරවාරියේ දී බෑන් කී මූන් ප්‍රකාශයට පත්
කළේය.
එහෙත් ඔහු සැලකිය යුතු අපේක්‍ෂකයකු වශයෙන් පිළිගෙන නොතිබිණි.
රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් දැන සිටි මූන් මහලේකම් ධුරයට
පත්වීමට අදිටන් කරගෙන කළේ අන් අය නොදන්නා දෙයකි. ඔහු ඇමරිකාව,
බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, චීනය ඇතුළු ආරක්‍ෂක මණ්‌ඩලයේ
සාමාජික රටවල් 15 ට කීපවතාවක් ගියේය. තමා ඔවුන්ට රිසිසේ
කාර්යක්‍ෂමව සේවය කරන බවට ඒත්තු ගන්වමින් ඒ සියල්ලන්ගේම සිත්
දිනාගත්තේය. එම තත්ත්වය යටතේ 2006 ඔක්‌තෝබර් 9 දා මහලේකම් ඡන්ද
විමසීම පැවැත්වූ අවස්‌ථාවේ අනෙක් අපෙAක්‍ෂකයන්ගේ නම්
අඬගැසූවිට කුමක් හෝ රටක් "නෑ" යනුවෙන් නිශේධ බලය පාවිච්චිකොට
අවලංගු කරනු ලැබූ නමුදු, මූන්ට 15 දෙනාගේම කැමැත්ත ලැබිණි.
ඔක්‌තෝබර් 13 දා සාමාජික රටවල් 192 කින් සමන්විත මහා මණ්‌ඩලය
ඔහු මහලේකම්ධුරයට පත්කරන්නට විය. ඔහුගේ නිල කාලය 2011
දෙසැම්බරයේදී අවසන් වෙයි. එවිට අලුතින් අපේක්‍ෂක නම් කැඳවා
ඡන්දයක් පැවැත්වීම සිදු කෙරේ. යම්හෙයකින් ඉවත්ව යන මහලේකම්
දෙවන වරටත් නිලයේ රැඳී සිටීමට කැමැත්ත ප්‍රකාශ කළහොත් ඔහු
ඔහුගේ නම ඡන්දයකින් තීන්දුකර දීර්ඝ කරනු ලැබේ.
බෑන් කී මූන්ට දෙවන වාරයටත් සේවය දීර්ඝ කරගැනීමට අවශ්‍ය බව
පෙනී යයි. තමන් දිගටම තබාගැනීමට කැමැත්ත දක්‌වන හාම්පුතාලාගේ
අභිලාශයන් මුදුන්පත් කරන බව ඇඟවීමට සිදුවේ. ඡන්දෙ දිනාගැනීමට
දැන් එකම සුදුසුකම් උලුප්පා දක්‌වමින් ප්‍රචාරක කටයුතුවල යෙදිය
යුතුය. ශ්‍රී ලංකාවට කුරුමානම් ඇල්ලීමත් එම ව්‍යායාමයේම
කොටසක්‌ද?
ත්‍රස්‌තවාදයට කොටුවී ගොඩඑන්නට බැරිව දඟලන ඇමරිකාව,
බ්‍රිතාන්‍ය වැනි රටවලටත් කොටි හිතවාදී නෝර්වේ වැන්නන්ටත්
ශ්‍රී ලංකාවේ හොල්මන් කළ කොටි ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම
ගැන දක්‌වන රුදාව බෑන් කී මූන්ටත් දැනෙන හැඩයි.
අධිබලසම්පන්න කොටි ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමේ මෙහෙයුමේද මානව
හිමිකම් උල්ලංඝනය කළාදැයි සොයා බලා කොටින්ගෙන්ම කරුණු විමසා
තමාට වාර්තා කිරීමට බෑන් කී මූන් ඉන්දුනීසියාවේ හිටපු නීතිපති
මර්සුකි දරුස්‌මත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන්නේ
ඔවුන් ලවා ගමන්ට අවශ්‍ය වාර්තාවක් ලබාගෙන ශ්‍රී ලංකාවට
පහරගැසීමේ යටි ෙච්තනාවකින් විය යුතුය.
ඇමරිකාව ඉරාකයේ, ඇප්ගනිස්‌තානයේ හා පකිස්‌තානයේ සිදුකරන
මිනීමැරීම් හා සමූල ඝාතන බෑන් කී මූන්ගේ බාධාවකින් දිගට කරගෙන
යැම කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ කොටි සිදුකළ මිනිස් අයිතිවාසිකම්
හා වෙනත්a ඝාතන ගැන මහලේකම්වරයාට කැක්‌කුමක් හට නොගනී.
අරන්තලාව, කැබිතිගොල්ලෑව, අනුරාධපුර, කොළඹ කොටුව ආදී මෙකී නොකී
තැන්වලත් කොටි මෘගයන් සිදුකළ මානව හිමිකම් නොව මිනීමැරීම් ගැන
විද්වත් කමිටු පත්කළාද? විශේෂයෙන් මූන් මෙතරම් උනන්දුවක්
දක්‌වන කොටි විරෝධී මෙහෙයුමේ අවසන් සමයේ කොටි ග්‍රහණයෙන්
පණබේරාගෙන නිදහස පතා පලාඑමින් සිටි අහිංසක මිනිසුන්ට කොටි
ඝාතකයන් වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණයක් කළා නම් හොඳ
නැද්ද?
කියුබාවේ ගුවන්ටනාමෝ ඇමරිකන් කඳවුරේ දිගු කලක් කොටුකර සිටින
රැඳවියන්ට දෙන වදදීම් ගැන මූන් කමිටුවක් පත් කරන්නේ නැත. මෙය
ප්‍රකට වදහිංසා හේතුකොටගෙන ජනාධිපති ඔබාමා පවා එම කඳවුර වසා
දැමීමට තැත්කළද එය කිරීමට අපොහොසත්ව පසුවෙයි.
ඇමරිකන් සෙබළ සෙබළියන් ඉරාකයේ අබුග්‍රායිබ් සිරකඳවුරේ රැඳවියන්
නිරුවත්කර විවිධාකාර වදහිංසා වලට ලක්‌කිරීම ගැන උපදෙස්
ලබාගැනීමට මූන්ට විශේෂඥයන් නැත. බෑන් කී මූන්ට මේවා ගැන
දැනුමක් අවබෝධයක් නැතැයි මවාපාන නිසා අනිවාර්යයෙන්ම
විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගත යුතුයෘ
වසන්ත කුමාර කෙත්හේන |
|
|
|