ශ්‍රී ලංකාවේ මෙහෙණි සසුණේ ආරම්භය හා ව්‍යාප්තිය

මෙහෙණි සසුන හෙවත් භික්‌ෂුණී ශාසනයක සමාරම්භය ඇතිවූයේ ලංකාවේ රාජ්‍ය විචාල දේවානම්පියතිස්‌ස රජුගේ පාලන කාල පරිෙ-දීය. ඒ වනවිට දඹදිව ධර්මාශෝක අධිරජ අනුග්‍රහයෙන් අපරට බදු දහම හා භික්‌ෂු ශාසනයක ස්‌ථාපිතවීම සිදුවී අවසාන වී තිබිණි. දිනක්‌ අනුරාධපුර රජමාලිගයේදී මිහිඳු මාහිමි ප්‍රමුඛ භික්‌ෂු සංඝයා වහන්සේලාට දානමය පුණ්‍යකර්මයක්‌ පැවැත්වෙමින් තිබිණි. දානමය පිංකමින් අනතුරුව උන්වහන්සේ රැස්‌ව සිටි රජතුමා, රජ පවුලේ කුමාරිකාවන් ඇතුළු සැම දෙනාහට ධර්ම දේශනාවක්‌ පැවැත්වූ සේක. මෙහිදී මහානාග නම්වූ යුව රජතුමාගේ මෙහෙසිය වූ අනුලා දේවිය ප්‍රමුඛ ස්‌ත්‍රීන් පන්සියයක්‌ මිහිඳු මහරහතන් වහන්සේ දෙසූ විමානවත්ථු, පේත්තවත්ථු, සච්චසංයුත්ත ආදී ධර්ම දේශනාවලට සවන්දී ප්‍රමුදිතවී මාර්ග ඵලයන් ගෙන් පළමු වැන්නවූ "සෝවාන්" තත්ත්වයට පත්වූ බව මහාවංශයෙහි (පරි. 14 ගාථා 58) සඳහන් වන්නේය. දෙවනුවද මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් ධම_ ශ්‍රවණය කළ අනුලා දේවිය ප්‍රමුඛ පන්සියයක්‌ ස්‌ත්‍රීන් "සකෘදාගාමී" මාර්ගඵලයට පත්වූ බවද වංස කථාවෙහිම (ම. ව. පරි. 15 හා 18 - 19) සඳහන් වේ. මේ වනවිට කාන්තාවන්ද පැවිදිවීමේ අපේක්‌ෂාවෙන් පසු වූ අතර ඒ බව දේවානම් පියතිස්‌ස රජු වෙත දන්වා සිටිමින් මහින්ද හිමි මාර්ගයෙන් බලාපොරොත්තුව ඉෂ්ඨ කරවා දෙන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් මේ අවස්‌ථාවේදී මිහිඳු හිමිගෙන් වෙනත් පිළිතුරක්‌ ලැබී ඇත. එනම් කාන්තාවන් පැවිදි කිරීම තමනට යෝග්‍ය නොවන බවත් ඒ සඳහා තමන්ගේ නැගණිය වන දැනට පැළලුප් නුවර වාසය කරන බහුශ්‍රැත භික්‌ෂුණියක්‌ වන සංඝමිත්තා මහරහත් මෙහෙණිය මෙහි වැඩම කරවා අවශ්‍ය කාරණය ඉටුකරගන්නා ලෙස දන්වා සිටියහ. එවිට දේවානම්පියතිස්‌ස රජතුමන් අරිට්‌ඨ ඇමැතිතුමා ප්‍රමුඛ දූත පිරිසක්‌ ධර්මාශෝක අධිරජ වෙත පිටත් කර හැරියේය. ඉල්ලීම පරිදි කටයුතු සිදුවිය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් සඟමිත් තෙරණිය මෙහි පැමිණියේ දක්‌ෂිණ ශ්‍රී මහා බෝධි ශාඛාව හා අටලොස්‌ කුලයක කලා ශිල්පීන් ද රැගෙන බව මහාවංශයේ සඳහන් වේ. දීපවංසය (පරි. 15. හා 77 - 78) පරිදි සංඝමිත්තා, උත්තරා, හේමා, මසාර, ගල්ලා, අග්ගිමිත්තා, කප්පා, පබ්බජින්නා, මල්ලා, ධම්මදාසිකා යන මෙහෙණින් වහන්සේලා මෙහිදී ලංකාවට වැඩම කර ඇත. මේ සිද්ධියෙන් අපට මැනවින් ප්‍රකට වන්නේ සිරිලක භික්‌ෂුණී ශාසනය ආරම්භ වීමත් සමඟින් අප රට බෞද්ධ ශිෂ්ඨාචාරයක පදනම වැටීමක්‌ සිදුවූ බවකි. සඟමිත් රහත් මෙහෙණින් වහන්සේගේ ආගමනය මහත් බලාපොරොත්තු සහගතව අපේක්‌ෂා කළ අනුලා දේවිය ප්‍රමුඛ ස්‌ත්‍රීන් හා අන්තඃපුර කාන්තාවන් එකතුව දහසක්‌ දෙනා පමණ පැවිදි බව ලබා ගැනීමේ අපේක්‌ෂාවෙන් පසුවූහ. සද්ධර්මරත්නාලංකාරයේත්, මහාවංශයේත් සඳහන් පරිදි මෙහිදී රජතුමන් විසින් භික්‌ෂුණීන් වහන්සේලාගේ වැඩ විසීම සඳහා අනුරපුර නගරයෙහි එක්‌ ස්‌ථානයක උන්වහන්සේලා සඳහා "හත්ථාලිහක" විහාරය සහ "උපාසිකාරාමය" යන මෙහෙණි ආරාම පළමුවරට පිහිටුවනු ලැබුවේය. සංඝමිත්තා රහත් මෙහෙණිය පැමිණීම අපේක්‌ෂාවෙන් සිටි අනුලා දේවිය ඇතුළු බොහෝ කුල ස්‌ත්‍රීහු දශ සීලය රකමින් සිටි, තමන් වෙනුවෙන් කරන ලද "උපාසිකාරාමයෙහි දවස්‌ ගෙවූ අතර - මෙහෙණි සස්‌නට පිවිසි ඔව්හු ටික කලකදී රහත් බව ලැබූ බව සමන්තපාසාදිකාව ඇසුරින් ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් (පැරණි ලක්‌දිව බෞද්ධ ඉතිහාසය - පි. 138) කරුණු පැහැදිලි කරදී ඇත. සඟමිත් භික්‌ෂුණියගේ සම්බන්ධවීමෙන් "හත්ථාලහක විහාරයට" අනුබද්ධිත ගොඩනැඟිලි දොළසක්‌ ඉදිකරන්නට සළස්‌වන ලදී. භික්‌ෂුණීන් සමඟ සඟමිත් මෙහෙණිය මේ ආරාමයන්හි වැඩවිසූවහ. මේ මෙහෙථෙර "භික්‌ඛුනුපස්‌සය" නමින්ද සඳහන් වන්නේය.

භික්‌ෂුණී ශාසනයක්‌ ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය වීම ශාසන ඉතිහාසයේ ස්‌වර්ණමය යුගයක්‌ ලෙස හැඳින්වීමට පිළිවන. මෙහෙණි සසුණ පිහිටුවාලීම සඳහා සංඝමිත්තා රහතන් මෙහෙනින් වහන්සේ ලංකාවට වැඩම කළේ සියලු සුදුසුකම් සපුරාගෙන බැවින් එතුමිය අපේක්‌ෂා කල කාර්යයද මෙරට සිල්වත් කාන්තා පාර්ශ්වයද බලාපොරොත්තු වූ ස්‌ථානය කරා ළඟාවීමට දුෂ්කර බවක්‌ ඇති නොවීය. සද්ධම_dලංකාරයෙහි සඳහන් වන්නේ සංඝමිත්තාගෙන් පැවිද්ද ලැබූ අනුලා දේවිය ඇතුළු කතුන් දහසක්‌, රහත් බවට පිවිසි බවය. හත්ථාලහක මෙහෙණිවරට පසු සාමන කාලයෙහිදීම "දන්තධොථන" නම් මෙහෙණවරක්‌ පිහිටැවුණු බව ද සඳහන් වේ. එසේම ශාසනවංස ප්‍රදීපය අනුව අම්බලන්තොට බැරගම පිහිටි මෙහෙණිවරක්‌ ගැන ද කියෑවේ. මහසෙන් රජු (ක්‍රි. ව. 276 - 304) උත්තර හා අභය යන නම්වලින් භික්‌ෂුණි ආරාම දෙකක්‌ පිහිටවූ බව මහාවංසයේ සඳහන් වේ. 1 මුගලන් රජු (ක්‍රි. ව. 495 - 515) රාජිනී නම් භික්‌ෂුණී ආරාමයක්‌ පිහිටවූ බවත්, එය සාගලික භික්‌ෂුණීන්ට පූජා කළ බවත් මහාවංසයේ සඳහන් වේ. සස මහින්ද (ක්‍රි. ව. 787 - 807) ශිලාමේය නම් මෙහෙණවරද, 4 වන කාශ්‍යප (912 - 929) මහාමල්ලක මෙහෙණි ආරාමයද, පස්‌වන කාශ්‍යප, 4 මිහිඳු ආදී රජුන් ද මෙහෙණවර කර ඇති බවත් සඳහන් වේ. මෙහෙණවර පිහිටි ප්‍රධාන ස්‌ථාන වශයෙන් සඳහන් වන්නේ අනුරාධපුරය, මිහින්තලය, මාගම, කැලණිය, රුහුණ හා මලයරට බද පෙදෙස්‌ය. භික්‌ෂුණී ආරාම පිළිබඳ විස්‌තර දීපවංසයෙහි සඳහන් වේ.

මෙහෙණි සසුනේ ආරම්භක කාලයේ භික්‌ෂුණීන් වහන්සේලා භාවනානුයෝගීව කල්ගෙවූවද, මෙකී මෙහෙණින් අතර ව්‍යක්‌ත, ධර්මධර භික්‌ෂුණීහු, ධර්ම ගවේශිව මිනිසුන්ගේ ධර්ම පිපාසය සංසිඳුවාලීමෙහි කැපවී කටයුතු කළ බවටද තොරතුරු හෙළිවේ. භික්‌ෂුණීන් වහන්සේලාගේ විශේෂ විෂය හැකියා, දක්‌ෂතා පිළිබඳ දීපවංසයෙන් කරුණු හෙළිවේ.

දීපවංසයට අනුව සඟමිත් මෙහෙණිය හා ඇය සමඟ මෙහි වැඩම කළ භික්‌ෂුණීන් අනුරපුර මහා විහාරයේ වැඩ සිටිමින් විනය ග්‍රන්ථ පහක්‌ද, අභිධම_ ග්‍රන්ථ හතක්‌ද, ඉගැන්වූ බව ප්‍රකට වේ. භික්‌ෂුණීන් අතර විනයෙහි විශාරද, වාදයෙහි දක්‌ෂ, ධර්මයෙහි නිපුණ මෙහෙණින් වැඩවිසූ බව පෙනෙන්නට ඇත.

මහාවංසය (පරි. 29) දැක්‌වෙන පරිදි මහාථූප, ආරම්භක දිනයේද පියදස්‌සි නම් තෙරුන්ගේ ධර්ම දේශනාවට සවන් දුන් භික්‌ෂුණීන් අතරින් දහහතර දාහක්‌ නිර්වාණාබෝධය සාක්‌ෂාත් කරගත් බැව් සඳහන් වේ.

සද්ධමලංකාරයෙහි සඳහන් වන පරිදි මාගම සිතුල්පව්ව භික්‌ෂුණීන් වහන්සේලා සිය - දහස්‌ ගණනක්‌ වැඩ සිටි බැව් සඳහන් වේ. භික්‌ෂුණී ආරාම අතීතයෙහි ගම් නියම්ගම්වල පවා බහුලව ව්‍යාප්තව තිබුණ බවත් රජ පවුලේ කුමරියන් පවා මෙකී ආරාම වෙත පැමිණ පූජා භාණ්‌ඩ පිදීම කළ බවත් සද්ධර්මාලංකාරයෙහි සඳහන් වේ. ලංකා ඉතිහාසයේ අනුරපුර යුගය අවසානය තෙක්‌ විවිධ දේශපාලන ව්‍යාකූලතා තිබුණද - මෙහෙණි සසුන එවන් දීර්ඝ කාලයක්‌ පුරා අඛණ්‌ඩව පැවැති බවටද තොරතුරු හෙළිවේ. මහාවංසය (පරි. සැ. ගැ. 48 - 50) සඳහන් කරන්නේ - සඟමිත් රහත් මෙහෙණින් වහන්සේ "මහත් ලෝවැඩ වැඩූ, සසුන් කිස නිම කර එකුන් සැටවස්‌ ඇත්තී පිsරිනිමන් පෑහ" යනුවෙනි. දේවානම්පයතිස්‌ස රජු හා ජනතාව සතියක්‌ පුරා ඇය වෙත ගෞරව පුදකරමින් සිරිමහබෝ සමිඳුන් නුදුරින් එතුමිය වැඩ සිටි ස්‌ථානයෙහි එතුමිය ආදාහනය කොට ස්‌තූපයක්‌ද ඉදිකරවූ බවය.

කාවන්තිස්‌ස රජුගේ දියණිවරුන්ද සුසිල්වත් මහණදම් පිරූ මෙහෙණින් වහන්සේලා වූහ. රෝහණය අතීතයෙහි භික්‌ෂුණීන් දහස්‌ ගණනින් වර්ධනය වී තිබුණ අතර ධර්මධර භික්‌ෂුණීන්ගෙන් පිරී තිබිණි. බොහෝ විට රජුගේ දියණිවරුන් ධම_ ඥානයෙන් පිරිපුන් මෙහෙණින් බවට පත්වී සිටි බවට සාධක හමුවේ. පෙර කී පරිදි දුටුගැමුණු රජු සමයෙහි භික්‌ෂුණී සාසනයෙහි විශාල වර්ධනයක්‌ සිදුවූ බව මහාවංසය (29 පරි. ගා. 69) සඳහන් වෙයි. මහානාම රජු දවස ක්‍රි. ව. 412 - 434 ථේරීය සිංහල භික්‌ෂුණීන් අට නමක්‌ චීනයට වැඩම කරවීමෙන් පසු එරට "භික්‌ෂුණී ශාසනය" ආරම්භ වූ බව සඳහන් වේ. දේවසාරා තෙරණින් ඇතුළු සිංහල භික්‌ෂුණීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහායෙන් චීනයේ ආරම්භ වූ භික්‌ෂුණී ශාසනය අවිච්ජින්නව වර්තමානයේදී ද චීනයේ පවතී. භික්‌ෂුණී සසුන, ජපානය, කොරියාව, තායිවානය ආදී ර ටවලද පැතිර ඇත.

ආචාර්ය
සිරි නිස්‌සංක පෙරේරා

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.