මතකේ රැඳුණු සිනමාව
කරූ පොඩ්ඩක්‌ ඉන්න !
ගාමිණී එනවුන්ස්‌ කරන්න

මතකය දිවයයි නුදුරු අතීතයට. සිහිපත් වෙයි කෙටි සුන්දර පුවතක්‌. විටෙක අපූර්වත්වයක්‌ මැවෙයි. ඉන් සිනමා සක්‌විති සබැඳි නිසා.

සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකා රඟපෑ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි අදට වැඩිය හෙට හොඳයි. සීමාසහිත සිනමාස්‌ සමාගම වෙනුවෙන් කේ. ගුණරත්නම් නිපැයූ එම්. මස්‌තාන් අධ්‍යක්‍ෂණය කළ අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටය තිරගත වූයේ 1963 මාර්තු මස 26 වැනිදාය. ගාමිණී සමග අතිශය ජනප්‍රිය සිනමා ශිල්පියෙකු වූ ආනන්ද ජයරත්න, ජීවරාණි කුරුකුළ සූරිය, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, කේ. හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනි සී පෙරේරා, එච්. ඩී. කුලතුංග, තලතා ගුණසේකර ඇතුළුව ජනප්‍රිය නළු නිළියන් රැසක්‌ මෙහි රඟපෑවා.

සිංහල දමිළ අලුත් අවුරුදු උළෙල වාර්ෂිකව ජයට පවත් වනවා. කොළඹ කොටහේන කේම්බ්්‍රජ් ක්‍රීඩා සමාජය ඊට උදව් කරන ප්‍රධාන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම සිටියා. ව්‍යාපාරිකයෙකු මෙන්ම සුප්‍රසිද්ධ පුද්ගලයෙකු වන ඔසී කොරයා මහතා, රාමක්‍රිෂ්ණ මුදලාලි මහතා, සහ ඔහුගේ සොහොයුරු තාමෝදරම් මුදලාලි මහතා යන අය.

1963 වසරේ අප්‍රේල් මස අවුරුදු උත්සවය උදාවුණා. අන් වර්ෂවලටත් වඩා උත්සවශ්‍රීයෙන් කිරීමයි සංවිධායකයින්ගේ අපේක්‍ෂාව වුණේ. කේම්බ්‍රිඡ් ක්‍රීඩා සමාජය ඉදිරිපිටයි උත්සවය පවත්වන්නේ. කොටහේන ගල් පොත්ත හංදියට නුදුරුව. ජෝර්ඡ් ආර්. ද. සිල්වා මාවතේ මැද. හැම පැත්තම විවෘතයි. ඒ නිසා දහස්‌ ගණනකට සහභාගීවන්න පුළුවන්. තරග ගොඩයි. තෑගි ගොඩයි.

උතුරු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ඒ. සුගතදාස මැතිතුමාගේ පැමිණීමත් සමගම සිනමාස්‌ අධිපති කේ. ගුණරත්නම්, ගාමිණී ෆොන්සේකා, ආනන්ද ජයරත්න, නෙල්සන් කරුණගම්, සන්ධ්‍යාකුමාරි, විජිත මල්ලිකා, තලතා ගුණසේකර, ඇන්තනි සී පෙරේරා, ක්‍රිස්‌ටි ලෙනාඩ් පෙරේරා ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පැමිණ වේදිකාව අබියස පළමු පෙළේම අසුන් ගන්නට වූහ. අල්හාඡ් මොහිදින් බෙග්, එච්. ආර්. ජෝතිපාල, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා, එම්. එස්‌. ප්‍රනාන්දු, වී, වර්ධරාජා, ජී. එස්‌. බී. රානි පෙරේරා, මල්ලිකා කහවිට, පුෂ්පරානි ආරියරත්න ඇතුළු ගායක, ගායිකාවන් රැසක්‌ම ඒ අසල වූහ. සංගීතවේදී මොහොමඩ් සාලි මාස්‌ටර් ප්‍රධාන වාදක මණ්‌ඩලය වේදිකාවේ සිsටියහ.

ගීතයෙන් ගීතය කරුණාරත්න අබේසේකර සූරීන් හඳුන්වා දෙමින් දිවග රසපද නලවමින් ජනමන පොබයන හඩින් අපූර්ව කථනයක. නැගෙන ඔල්වරසන් කෙළවරක්‌ නැහැ. ඊළගට එළඹෙන්නෙ තවත් අපූරු මොහොතක්‌. ඡේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට ඊළග ගීතය ගැයීමට සුදානම්ව සිටිනවා. සඳුන් ගසේ සමන් වැලක්‌ එතෙන්නේ" ඒ ගීතය. ඒක ලිව්වේ කරුණාරත්න අබේසේකර සූරීන්. චිත්‍රපටය අදට වැඩිය හෙට හොඳයි. ආනන්ද ජයරත්න හා විජිත මල්ලිකා ප්‍රධාන චරිතවල හිටිමින් ඒ ගීතය ගායනා කරන්නෙ. ඒ දෙපලත් දැන් එතැන. සිනමා සක්‌විති ගාමිණි ෆොන්සේකාත් අමුත්තන් අතර ඉදිරි පෙළ අසුන්වල.

එක්‌ ගීතයක්‌ අවසන්. දැන් අනෙක්‌ ගීතය

ඒ සඳුන් ගසේ සමන් වැලක්‌ එතෙන්නේ ගීතය

කරු අයියා වේදිකාවට විස්‌තර කථනයට නගින්න සූදානම්

මිස්‌ටර් කරු ඔහොම පොඩ්ඩක්‌ ඉන්න. ඔසී කොරයා මහතා ඉල්ලීමක්‌ කළා.

කරු අයියා නැවතුනා.

ඔයා ලියපු එක ඔයා මොකටද එනවුන්ස්‌ කරන්නෙ. මේ ගාමිණීට දෙන්න ඔසී කොරයා මහතා කීවා. ඉන්පසු ඔහු ගාමිණී ෆොන්සේකා මහතා දෙසට හැරුණි.

ගාමිණී එනවුන්ස්‌ කරන්න. මේ මමෘ ගාමිණී ඇසීය.

ඔව් යෑයි කී ඔසී කොරයා මහතා තම ඉනේ තිබු රිවෝල්වරය ගෙන දබර ඇඟිල්ලෙන් කරකවන්න වුහ.

සාමය රකින්න ඕන. සිංහල සිනමාවට දිගු ගමනක්‌ තියෙනවා.

මේක අමතක කළ යුතු මොහොතක්‌ විරතය. ඒ අවස්‌ථාව්දී ගාමිණීට එහෙම හිතෙන්න ඇති.

ගාමිණී ෆොන්සේකා වේදිකාවට පියමැන්න. නොපැකිළිව. මයික්‍රපෝනය ගත්තා සුරතට. මතුවුණා ගැඹුරු හඬක්‌ මුළු කොටහේනම හෙල්ලෙන්න. ඔල්වරසන්. අත්පොලසන් නැගුණා ජනතාව වෙතින්.

ඇස්‌දෙක වසා මඳක්‌ යනවිට අතීතයට. ඒ ඔල්වරසන් තවමත් ඇහෙනවා වගේ මට


සටහන - ටී. එම්. සංගදාස
උපදේශක - ජාතික චිත්‍රපට සංස්‌ථාව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.