|

සංස්‌කරණය : නාරද නිශ්ශංක
ළමා පරපුරට අවැසි ගීත අද අවශ්‍යයි
ගායන ශිල්පිනී අනුරාධා නන්දසිරි
 |
 |
සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ මල්කාන්ති
නන්දසිරි යුවලගේ එකම දියණියවන අනුරාධා නන්දසිරි සිය මවුපිය
උරුමය ඔස්‌සේ ගායනා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යැමට උත්සාහ දරන
ගායන ශිල්පිණියකි. දිගු නිහැඬියාවකට පසු අනුරාධා අපට පසුගියදා
නුගේගොඩ, නාවල කුරුළුබැද්ද පාරේ අංක 130/20 ඒ දරන සනත්
මල්කිනාත් ගායන යුවලගේ නිවහනේදී මුණ ගැසිණි.
අනුරාධා මෙච්චර කාලයක් මොකද නිහඬව සිටියේ" යෑයි මා ඇගෙන්
පළමුව විමසුවෙමි.
"ඇත්තටම මේකයි මගේ විවාහයත් සමග මා එංගලන්තයේ ගියා. විශේෂයෙන්
මගේ සැමියාගේ ව්‍යාපාරික කටයුතු සඳහා. එහි කාලයක් හිඳ ඔහුගේ
කටයුතු සඳහා උදව් කළා. පසුව අපි 2008 දී ලංකාවට පැමිණියා. ඒ
ඇවිත් මම තාත්තගෙයි අම්මගෙයි වැඩකටයුතුවලට සහාය වුණා."
අනුරාධා ඔබේ පාසල් කාලය ගැන කිව්වොත්?
මං ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. එහිදී මං හොඳින්
ඉගෙන ගත්තා. සංගීතය පිළිබඳ හොඳ දැනුමක්‌ද ගුරුවරුන්ගෙන්
ලැබුණා.
පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔබ මොනවද කළේ?
පාසල් අධ්‍යාපනයෙන් පසුව මා නැවත මම ඉගෙන ගත් මියුසියස්
විද්‍යාලයේ සංගීත ගුරුවරිය වශයෙන් කටයුතු කරන්න අවස්‌ථාව
උදාවුණා. ඒ අනුව මා වසර අටක් එහි සේවය කළා. ඉන් පසුව තමයි මා
විවාහ වුණේ. අනතුරුව මා පාසල් ගුරු වෘත්තියෙන් ඉවත් වුණා.
ඉන් අනතුරුව ඔබ සැමියා සමග විදේශගතවෙලා හිඳ නැවත ලංකාවට
පැමිණියා. දැන් ඔබ ඔබේ ගීත ඇතුළත් සංයුක්‌ත තැටියක්
එලිදක්‌වන්න අදහසක් තිබෙනවාද?
ඇත්තෙන්ම ඔව්. මගේ ගී නිර්මාණ දහහතරක් ඇතුළත් ගී සංයුක්‌ත
තැටියක් එළිදක්‌වයන්න බලාපොරොත්තු වෙනවා. එය ඉතා හොඳ තේමා
කීපයක් යටතේ ලියෑවුණු ගී පෙළක්. එම ගී සංයුක්‌ත තැටියේ වැඩි
විස්‌තර එය එළිදක්‌වන්න කිට්‌ටුව කියන්නම්.
ඔබ දැන් මොනවද කරන්නේ?
මම දැන් තාත්තාගේ (සංගීතය නිපුන් සනත් නන්දසිරි) සංගීත
පන්තිවලට උදව් කරනවා. ඊට අමතරව මගේ මිතුරකු විසින් පවත්වාගෙන
යන මාධ්‍ය කලා හා කළමනාකරණ පාසලේ සංගීතය ඉගැන්වීමේ කටයුතුවල
නිරත වෙනවා. එතන මා වයස අවුරුදු 14 න් පහළ කුඩා දරුවන්ට සංගීතය
කියා දෙනවා. මේක මාස පහක පුහුණු පාඨමාලාවක්. ගීත ගායනය,
සංගීතය, ළමයින්ට ගැලපෙන ගීත මොනවාද? යන්න ගැන මෙහිදී වැඩි
වශයෙන් කියා දෙනවා. ඒ වගේම දිගින් දිගටම සංගීත හදාරන්න
බලාපොරොත්තුවෙන් ඉන්න අයට භාත්කණ්‌ඩේ විභාගය සඳහා දැනුම
ලබාදෙනවා. එතනින් එහාට ඒ කියන්නේ විශාරද දක්‌වා යන්න ඉන්න අයව
මගේ තාත්තා ළඟට යොමු කරවනවා."
"අද මේ පවතින සමාජ රටාව තුළ ළමයින්ට ළමා කාලයක් නැහැ. අද
ළමයින් ළමා ගීත නෙවෙයි ගායනා කරන්නේ. අර වැඩිහිටි ගායන
ශිල්පීන් ගායනා කරන ආදර ගීත විරහ ගීත ගායනා කරන්නේ. මං හිතන්නේ
මේකට යම් විදියකින් දෙමාපියනුත් වගකියන්න ඕනෑ. මොකද ළමයින්ව
ළමා කාලයට හැඩගස්‌වන්නේ නැති එකට. ඔවුන්ට කුඩා කාලයේදීම ළමා
ගීත ගැන කියාදෙන්න. එසේත් නැත්නම් එවැනි ළමා ගීත ගැන උගන්වන්න
සංගීත පංතියකට යොමුකරවන්න"
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
ඉදිරි බලාපොරොත්තු කිව්වොත් මං මේ දිනවල තාත්තා ලියාගෙන යන
භාරතීය අමරණීය සංගීතවේදින් ගැන ලියෑවුණු ග්‍රන්ථයට හා
භාත්කණ්‌ඩේ විෂය නිර්දේශයට අදාළ මුල විභාගයේ සිට විශාරද දක්‌වා
තිබෙන රාග සම්පූර්ණ විස්‌තර ගීත ඇතුළත් ග්‍රන්ථවලට උදව් කරමින්
ඉන්නවා. ඉතිං තාත්තාගේ මේ ග්‍රන්ථ දෙක පාසල් සිසුන්ට
විශ්වවිද්‍යාල සිසුන්ට හා සංගීතය ගැන හදාරන ඕනෑම කෙනෙකුට ඉතාම
වැදගත් ග්‍රන්ථ දෙකක් කිව්වොත් නිවරදියි. දැන් මා ඒ සඳහා
තාත්තාට උදව් කරනවා. ඉන් පස්‌සේ මම මගේ ගී සංයුක්‌ත තැටිය
එළිදක්‌වන්න බලාපොරොත්තු වෙනවා."
ඊට අමතරව මා අම්මගේ (මල්කාන්ති නන්දසිරි) හා තාත්තගේ සංගීත
වැඩවලට උදව් කරනවා.
පවුලේ විස්‌තරයක් කිව්වොත්?
මගේ සැමියා නිරෝෂ බණ්‌ඩාර. ඔහු නුවර අම්පිටියේ. දැනට ඔහු ඉඩම්
හා නිවාස ආයතනයක වෙළෙඳ කළමනාකරු ලෙස කටයුතු කරනවා. අම්මයි
තාත්තයි ගැන කියන්න ඕනේ නෑනේ දන්නවනේ."
ඔබේ මේ ගමනට උදව් කරන පිරිසක් ඉන්නවාද?
ඇත්තෙන්ම ඔව්. දෙමවුපියන්ගෙන් මගේ ගමනට නිරතුරුව ධෛර්ය ශක්‌තිය
ලැබෙනවා. ඊට අමතරව මගේ සැමියා නිරෝෂගෙන් ලැබෙන සහාය අමතක
වෙන්නෙම නැහැ. ඒ වගේම පවුලේ නිර්මලා රණතුංග, නිරංජලා සරෝජනී,
සකුන්තලා පීරිස් යන පුංචි අම්මලාගෙන් හා කුමාර හා මනෝඡ්
පීරිස් යන මාමලාගෙන් ලැබෙන දිරිගැන්වීම තමයි මගේ මේ යන ගමනේ
ශක්‌තිය, ඒ අය හැම වෙලාවෙම මට කතා කරනවා. නිරතුරුව උපදෙස්
දෙනවා. ඒක ඇත්තතටම අද මට ආශීර්වාදයක් වෙලා."
"ඒ වගේම ප්‍රවීන සංගීතවේදීන්, කලාකරුවන් මගේ මිතුරු මිතුරියන්,
රසික රසිකාවියන් විශාල පිරිසක් මට උදව් කරනවා. ඒ විතරක්
නෙමෙයි විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවල ඉන්න මගේ මිතුරු
මිතුරියන්ගෙන් ලැබෙන සහායටත් මගේ අවංක ප්‍රණාමය පුද කරනවා."
අවසන් වශයෙන් ඔබට මොකද කියන්න තියෙන්ද?
මේ රටේ හොඳ ගායන ශිල්පිණියක්‌වීම මගේ එකම බලාපොරොත්තුවයි. ඒ
වගේම මම ඉගෙන ගත් සංගීත දැනුම තවකෙනෙකුට ලබාදෙන්න සූදාdනම්."
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ඡායා - උපාලි වෛද්‍ය
ජීවක නුගේගොඩ
|