බ්‍රිතාන්‍යයේ යුද ආධාර පකිස්‌තානය ප්‍රතික්‍ෂේප කරයි

ඉස්‌ලාමාබාද්



බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ඉන්දීය සංචාරයෙන් පසු එරට නියෝජ්‍ය අගමැති නික්‌ ක්‌ලෙග් පකිස්‌තානයේ සවාරියක යෙදීමට නියමිතය. පකිස්‌තානය ත්‍රස්‌තවාදීන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ විවේචනයට හේතු විය.

මෙම ප්‍රකාශය දෙරට අතර සුහදතාවට විශාල බාධාවක්‌ වී ඇති අතර පකිස්‌තානයේ ජල ගැල්මෙන් විපතට පත්වූවන්ට බ්‍රිතාන්‍ය හමුදාවල ආධාර ලබාදීමට කළ යෝජනාව පකිස්‌තානය විසින් ප්‍රතික්‍ෂ්ප කර ඇත. එහෙත් බ්‍රිතාන්‍ය විසින් දෙනු ලැබූ හදිසි ආධාර පකිස්‌තානය විසින් පිළිගෙන ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.