පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා පවත්වන නවදිල්ලියේ ඩෙංගු වසංගත බියක් සංවිධාන දුර්වලතා සහ යෝජිත ක්‍රීඩා පහසුකම් කලට වේලාවට නිම කිරීමේ නොහැකියාව මත දැඩි විවේචනයට පාත්‍රව සිටින ඉන්දීය පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා නිලධාරීන් තවත් පියවරක් පසු පසට අදිමින් ඩෙංගු උවදුර හිස ඔසවන බව ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි. ලබන ඔක්‌තෝබර් මස 03 දා සිට 14 දා දක්‌වා නවදිල්ලියේ දී මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර ඩෙංගු රෝගය වැළඳුණු 1000 ක පමණ පිරිසක් මේ වන විටත් හඳුනාගෙන ඇතැයි නවදිල්ලි මහ නගර සභා මහජන සෞඛ්‍ය කමිටු සභාපති වෛද්‍ය මොන්ගා මහතා පවසා ඇති අතර තරග පැවැත්වෙන අදාළ දින වකවානුවලදී ඩෙංගු උවදුර උච්ඡස්‌ථානයට පත්වන බවද අනතුරු අඟවා ඇත. "මෙම වසර ආරම්භයේ සිටම ඩෙංගු රෝගීන් පිළිබඳව වාර්තා වෙමින් තිබෙනවා. ඩෙංගු මදුරුවන්ගේ බෝ වීමේ ආරම්භයත් එයයි. මෙම තත්ත්වය උච්ඡතම ස්‌ථානයට පත් වන්නේ තවත් මාසයකින් පමණ හෙවත් පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උත්සවය පවත්වන සමයේදී"යි වෛද්‍ය මොන්ගා වැඩි දුරටත් පවසා ඇත. තරගාවලිය සඳහා ඉදිකරන ලද ක්‍රීඩාංගණ එකොලහක් මෙතෙක් අදාළ අවසන් අදියරට ළඟා වී නොමැති අතර ඒ ආශ්‍රිත භූමිද මෙතෙක් නිසි ලෙස නිමවා නොමැති බවද එම වාර්තාවේ සඳහන් වේ. එහෙත්, අපේක්‍ෂිත ඩෙංගු වසංගතය ප්‍රශ්නයක් නොවන බව තරග සංවිධායක කමිටු ලේකම් ලලිත් භානොට් මහතා අවධාරණය කරයි. මේ අතර, මෙම ක්‍රීඩාංගණ ආශ්‍රිතව පුහුණු කටයුතුවල යෙදුණු ඉන්දීය පාපැදි තරග ධාවකයන් දෙදෙනක් සහ එම මලයාසියානු ක්‍රීඩකයෙක් ඩෙංගු රෝගයට ගොදුරුව සිටින බව නිල නොවන ආරංචි මාර්ගවල සඳහන් වන බව ඒ.පී. පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.