සල්මන් බට් ලා ආපසු කැඳවයි බුකීකරුවන්ට තරග පාවාදීමේ චෝදනා ලැබ සිටින පාකිස්‌තානු කණ්‌ඩායමේ නායක සල්මන් බට් වේග පන්දු යවන්නන් දෙදෙනා වන මොහොමඩ් අසීෆ් සහ මොහොඩ් ආමර්ට එංගලන්ත කණ්‌ඩායම සමගින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්‌දින තරගාවලියෙන් ඉවත් කොට නැවතත් පාකිස්‌තානයට යෑවීමට තීරණය කර ඇතැයි කණ්‌ඩායම් කළමනාකරු යවර් සයීඩ් පවසා සිටියි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්‌වා සිටින සයීඩ්, අදාළ තරගාවලිය සහභාගිවීමේ අවස්‌ථාව ඔවුන්ට අහිමි වුවත් එය ඔවුන්ට තරග තහනමක් නොවන බවද පවසා සිටියි. චූදිත ක්‍රීඩකයන් තිදෙනා ඊයේ වනතුරුත් එංගලන්තයේ ලන්ඩන් නුවර රැඳී සිටි අතර, එංගලන්තයේ පාකිස්‌තානු මහ කොමසාරිස්‌වරයා සමග සාකච්ඡාවකට සහභාගිවීම සඳහා ඔවුන්ට ලන්ඩන්හි තවදුරටත් රැඳී සිටීමට සිදුවී තිබේ. එම හේතුවෙන් ප්‍රථමයෙන් පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 තරගාවලියට ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් සමන්විත පාකිස්‌තානු කණ්‌ඩායම සහභාගිවීමට නියමිත වන අතර එක්‌දින තරගාවලියේදී එම සංඛ්‍යාව 16 දක්‌වා වැඩි කර ගැනීමට පාකිස්‌තානු ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වේ.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.