back
තැපැල් හැඳුනුම්පතට නව මුහුණුවරක්
ප්‍රියදර්ශන ලියනගේ
තැපැල් හැඳුනුම්පත අදට ගැලපෙන පරිදි පරිගණක තාක්‍ෂණය යොදාගෙන නව නිමාවකින් යුතුව ජනතාව අතට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ඊයේ (27 දා) දිවයිනට පැවසීය. තැපැල් හැඳුනුම්පත නැවත ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය කිරීම මෙහි අරමුණයි. මෙමගින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට සෙත සැලසෙන බවද ඇමැතිවරයා කීවේය.
වැඩි දුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා කීවේ නව හැදුනුම්පතට ඕනෑම කෙනෙකුගේ අනන්‍යතාව ඉතා පහසුවෙන් තහවුරුකර ගැනීමට හැකිවන පරිදි පුද්ගලික තොරතුරු සියල්ල ඇතුළත් කරන බවයි. එසේම හැදුනුම්පත අවභාවිතය සිදුවීම වැලැක්‌වීම සඳහා ජාලගත තොරතුරු ලබාගත හැකි වන පරිදි පරිගණක ගත අංක ක්‍රමයක් හදුන්වාදෙන බවද අවධාරණය කළේය.
අලුතින් නිර්මාණය කරන තැපැල් හැදුනුම්පත කාඩ්පතක් ලෙස සකස් කිරීමටද සහනදායී මිලකට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා කියයි.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.