|

නාවික හමුදාව බලවත් කිරීමේ
අවශ්‍යතාව

නාවික හමුදාපතිවරයා සහ වයඹ නාවික ආඥපතිවරයා විසින් ආරක්‍ෂක
ලේකම්වරයාට මුල්ලිකුලම් නාවික කඳවුර පිළිබඳව කරුණු පහදා දෙන
අයුරු. ඡායාරූපය - සජිත් ජයසේකර
දූපතක් වන ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව පිළිබඳව නාවික හමුදාවට පැවරී
ඇත්තේ සුවිශේෂී කාර්ය භාරයකි.
දශක තුනක පමණ කාලයක් රට අභ්‍යන්තරයෙහි පැවැති යුදමය වාතාවරණය
තුළ ගොඩබිම මෙහෙයුම් සහ ආරක්‍ෂක කටයුතු සඳහා ප්‍රමුඛත්වය දීමට
සිදුවීම නිසා යුද හමුදාව මෙරට ප්‍රධානතම සන්නද්ධ හමුදාව ලෙස
ක්‍රියා කළද නාවික හමුදාව සතුව තිබූ වගකීම සහ කාර්ය භාරයද ඊට
නොදෙවෙනි විය.
කොටි ත්‍රස්‌තවාදීන්ට සිය අවි ආයුද හා යුද උපකරණ මෙරටට රැගෙන
ඒමේ ප්‍රධාන සැපයුම් මාර්ගය ලෙස පැවැති මහා සාගරය ආරක්‍ෂා
කිරීමේ ප්‍රබල කාර්ය භාරය නාවික හමුදාව වෙත පැවරී තිබීම නිසා
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව උදෙසා නාවික හමුදාව ප්‍රධාන
තැනක් ගනු ලැබීය.
යුද්ධය අවසන් වුවද නාවික හමුදාව සතු එම වගකීම එලෙසම පවතින අතර,
ගොඩබිම ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා මුහුද ආරක්‍ෂා කර ගැනීම
සඳහා නාවික හමුදා ශක්‌තිය තව තවත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව
ප්‍රධාන තැනක් ගෙන ඇත.
දුපතක් වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන හමුදාව නාවික හමුදාව විය යුතු
බව හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් සිසිල් තිසේරා කලකට
පෙර අප සමග පැවැසීය.
ඔහු නාවික හමුදාපති තනතුරට පත්වීමෙන් පසු සිදුකළ ප්‍රථම
පුවත්පත් සම්මුඛ සාකච්ඡාවේදී කළ ඉහත ප්‍රකාශය 1997 වසරේදී
දිවයින ඉරිදා සංග්‍රහයේ පලවිය. එය එකල ආරක්‍ෂක අංශ තුළ මහත්
ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රකාශයක් බවටද පත්විය.
රටේ ප්‍රධාන හමුදාව ලෙස යුද හමුදාව සලකන සමයක නාවික හමුදාව රටේ
ප්‍රධාන හමුදාව විය යුතු යෑයි සෘජුව පැවැසීමට තරම් අද්මිරාල්
තිසේරා එඩිතර විය.
නාවික හමුදාව රටේ ප්‍රධාන හමුදාව ලෙස සැළකීම ප්‍රායෝගිකව
සිදුකළ නොහැකි වුවද, මුහුදේ ආරක්‍ෂාව වඩාත් වැදගත් ලෙස සලකා
නාවික හමුදාව තව තවත් ශක්‌තිමත් කළ යුතු බවද ඔහු එදා පෙන්වා
දුන්නේය.
එපමණකින් නොනැවතුන අද්මිරාල් තිසේරා නාවික හමුදාපති වශයෙන් තම
දක්‍ෂ නායකත්වය නාවික හමුදාවට ලබාදෙමින් එල්. ටී. ටී. ඊ. යට
එරෙහිව ප්‍රබල තර්ජනයක් වන අයුරින් නාවික හමුදාව
ප්‍රතිසංවිධානය කරමින් මුහුදු සටන් රැසක් ජයග්‍රහණය කිරීමට තම
හමුදාව මෙහෙයවීය.
මුහුදු කොටි ක්‍රියාකාරකම් මර්දනය කිරීමෙහි වගකීම නිසි පරිදි
ඉටුකිරීමට ප්‍රමාණවත් ලෙස නාවික හමුදා ශක්‌තිය වර්ධනය කිරීමට
පියවර ගත් අද්මිරාල් තිසේරා නාවික හමුදා ඉතිහාසයේ නව පිටුවක්
පෙරළමින් ප්‍රථමවරට නාවික ගුවන් ඒකකයක් (භ්ඩ්ක Aසර උසබට)
පිහිටුවීමට සහ නාවික හමුදාවට මිසයිල් තාක්‍ෂණය ගෙන ඒමටද කටයුතු
කළේය.
ඔහු ආරම්භ කළ නාවික ගුවන් ඒකකය ඔහුගෙන් පසුව අතර මග නැවතී ගිය
අතර, ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශය එකලට වඩා තිස් ගුණයකින් පමණ
වැඩිවී තිබෙන මෙසමයෙහි එහි අවශ්‍යතාව අදත් වලංගුව පවතී.
අද්මිරාල් සිසිල් තිසේරාගෙන් ඇරඹි ශ්‍රී ලංකා නාවික හමුදාවේ
ස්‌වර්ණමය යුගය තව තවත් ත්‍රීව්‍ර කරමින් නාවික හමුදාව උසස්‌ම
තත්ත්වයකට ගෙන ඒමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපති
ධුරය හෙබවූ සමයේ හැකිවිය.
පිරිස් බලයෙන් සහ නාවික ප්‍රහාරක බලයෙන් බොහෝ ශක්‌තිමත් නාවික
හමුදාවක් ඇති කිරීමට සාර්ථක නායකත්වයක් දුන් හිටපු නාවික
හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව
යුද්ධයේදී නාවික හමුදාවෙන් ඉටුවිය යුතු ප්‍රමුඛතම කාර්ය භාරය ඒ
අයුරින්ම සාර්ථක ලෙස ඉටුකර මුහුදු කොටි බළකාය සම්පූර්ණයෙන්ම
විනාශ කිරීමටත්. කොටි ත්‍රස්‌තවාදීන්ගේ මුහුදු සැපයුම් නවතා
දැමීමටත් දක්‍ෂ නායකත්වයක් ලබා දුන්නේය.
විශේෂ යාත්‍රා බලඝනය සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනය
තුළින් මුහුදු කොටි ක්‍රියාකාරකම් මර්දනය කිරීමත්, අවසන්
සටනේදී ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් මුහුදින් පළා යැමට ගත්
ප්‍රයත්නය ව්‍යර්ථ කර දැමීමටත් නාවික හමුදාව ඉටුකළ සුවිශේෂී
කාර්ය භාරය යුද විජයග්‍රහණය ඉතිහාසයට එක්‌වු දැවැන්ත
ජයග්‍රහණයන් වනු ඇත.
එමෙන්ම ආයුධ ප්‍රවාහන නෞකා හෙවත් පාවෙන අවි ගබඩා 10 ක් ඈත
ගැඹුරු මුහුදේදී විනාශ කිරීමට හැකි වීමද අද්මිරාල් කරන්නාගොඩගේ
දක්‍ෂ නායකත්වය යටතේ නාවික හමුදාව ලැබු දැවැන්ත ජයග්‍රහණයකි.
වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ එවකට
නැගෙනහිර නාවික ආඥාපති වශයෙන්ද, වත්මන් නාවික හමුදා මාණ්‌ඩලික
ප්‍රධානි රියර් අද්මිරාල් සෝමතිලක දිසානායක එවක උතුරු නාවික
ආඥාපති වශයෙන්ද කටයුතු කරමින් යුද විජයග්‍රහණය උදෙසා ලබාදුන්
නායකත්වය අගය කළ යුතුව ඇත.
දශක තුනක යුද්ධය සාර්ථකව අවසන් කළ පසු මුදාගත් ගොඩබිම්
ප්‍රදේශවල ආරක්‍ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන කාර්ය භාරය යුද
හමුදාවට පැවරිනි. නාවික හමුදාවද මුහුදුබඩ ගොඩබිම් ප්‍රදේශ රැසක
ආරක්‍ෂාව භාරගත් අතර මුහුදේ ආරක්‍ෂක කටයුතුද පෙර පරිදිම තම
මූලික හා ප්‍රමුඛ කාර්ය භාරය ලෙස සලකා කරගෙන යමින් සිටී.
නාවික හමුදාවට නාවික විධායක මූලස්‌ථාන 06 ක් අයත් අතර, උතුර,
නැගෙනහිර, බටහිර, දකුණ, උතුරු මැද සහ වයඹ නාවික විධාන
මූලස්‌ථාන ලෙස ඒවා ක්‍රියාත්මක වේ. වයඹ නාවික විධාන මූලස්‌ථානය
2008. 12. 28 වැනි දින ස්‌ථාපනය කරන ලදී. මෙතෙක් පුත්තලමේ
පවත්වාගෙන ගිය එම නාවික මූලස්‌ථානය පසුගිය 02 වැනිදා පුත්තලම
සහ මන්නාරම දිස්‌ත්‍රික් මායිමේ පිහිටි මුල්ලිකුලම් ප්‍රදේශය
කරා ගෙන යන ලද අතර, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින්
එම නව මූලස්‌ථානය විවෘත කළේය.
රියර් අද්මිරාල් රුවන් ඩයස් වයඹ නාවික ප්‍රදේශ ආඥාපති ලෙස
කටයුතු කරන අතර, කොමදෝරු ජගත් රණසිංහ නියෝජ්‍ය ආඥාපතිවරයා වේ.
උඩප්පුව සහ අරිප්පුව අතර වෙරළ තීරයේ හා එම ප්‍රදේශ දෙකේ සිට
බටහිර දිශාවට ඉන්දු ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාව තෙක් දිවෙන
මුහුදු ප්‍රදේශය සහ වෙරළ බඩ ගොඩබිම් ප්‍රදේශය වයඹ නාවික විධානය
යටතේ පවතින බල ප්‍රදේශය වේ.
සිලාවතුර "තේරපුත්ථ, මුල්ලිකුලම "භරණ" කල්පිටිය "විජය" සහ
පුත්තලම "තම්බපණ්‌නි" යන ප්‍රධාන නාවික හමුදා කඳවුරු වයඹ නාවික
විධානය යටතේ පවතී.
වයඹ නාවික විධාන මූලස්‌ථානය යටතේ පවතින නාවික හමුදා කඳවුරුවල
නිලධාරීන් හා නැවියන් සතු කාර්යභාරයන් පහත සඳහන් පරිදි වේ.
උඩප්පුව හා අරිප්පුව දක්‌වා විහිදෙන මුහුදු ප්‍රදේශ හා
වෙරළතීරයේ ආරක්‍ෂාව ස්‌ථාපිත කිරීම සඳහා මුර සංචාරයන් හා
නිරීක්‍ෂණ කටයුතු සිදුකිරීම.
එම ප්‍රදේශ හරහා මුහුදින් හා ගොඩබිමෙන් ඇතිවිය හැකි සතුරු
උවදුරු වලක්‌වා ගැනීම.
ධීවර කර්මාන්තය සඳහා ආරක්‍ෂාව සැපයීම.
ධීවර කටයුතු නිසිලෙස පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය කටයුතු
සම්පාදනය.
මුදාගත් ප්‍රදේශවල නැවත පදිංචි කිරීම සඳහා බිම්බෝම්බ ඉවත්
කිරීම මුහුදු මාර්ග ඔස්‌සේ සිදුකෙරෙන නීති විරෝධී ආගමන, විගමණ
හා හොර බඩු ජාවාරම් වැලැක්‌වීම. මුහුදු මාර්ග හා වෙරළබඩ මාර්ග
ඔස්‌සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැලැක්‌වීම
අනවසරයෙන් මසුන් මැරී ම සම්බන්ධව ක්‍රියා කිරීම හා නීති විරෝධි
ධීවර කර්මාන්තය වැළැක්‌වීම.
විල්පත්තුව වනය ආශ්‍රිත නීති විරෝධි ක්‍රියා වැළැක්‌වීම.
එලුවන්කුලමේ සිට අරිපුව දක්‌වා කොන්ඩච්චි කුඩා සිට මහවිලච්චිය
දක්‌වා යන සිලාවතුර සිට අරවිආරු දක්‌වා දිවෙන මාර්ග පද්ධතිය
ආරක්‍ෂා කිරීම.
මුදාගත් ප්‍රදේශවල අවතැන්වූ සිවිල් වැසියන් නැවත පදිංචි කිරීම
සඳහා සහාය ලබාදීම.
පුනරුත්ථාපනය හා ජාතීන් අතර සම්බන්ධතා ප්‍රතිස්‌ථාපනය කිරීමේ
කටයුතු සඳහා රජයේ ආයතනවලට සහාය ලබාදීම.
පහත දැක්‌වෙන ස්‌ථාන ආරක්‍ෂා කිරීමද නාවික හමුදාව විසින් සිදු
කෙරේ.
නොරොච්චෝලේ විදුලි බලාගාරය, ලක්‌දනව් විදුලිබලාගාරය, සේගුවන්ති
සහ විඩාකමුණයි සුළං බලාගාරය, සෙනොක් සුළං බලාගාරය, හොල්සිම්
සිමෙන්ති කම්හල, රයිගම ලුණු සමාගම, පුත්තලම ලුණු සමාගම
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
|