|

ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදය
විනාශ කරද්දී
මාධ්‍ය සංවිධාන සිටියේ කොහේද?
ව්‍යවස්‌ථා සංශෝධනය ගැන අපි එරෙහි වන්නෙමු
- රටින් පිටුවහල් වී ඇති මාධ්‍ය හා මානව හිමිකම් සංවිධානය
ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ජනතාවගේ නිදහස උල්ලංඝනය කර ඇත.
- මාධ්‍ය සංවිධාන හයක්
ව්‍යවස්‌ථා සංශෝධන සම්බන්ධයෙන් විවිධාකාර පාර්ශ්වයන් සිය
විරෝධතාවය දක්‌වා තිබේ. එහෙත් මේ කිසිවෙක් ප්‍රභාකරන් නම් වූ
ඝාතකයා කොළඹට සැතපුම් 250 ක් ඈත බංකරයක සිටිමින් මෙරට
ජනතාවගේත් දේශපාලකයන්ගේත් ඉරණම තීන්දු කරද්දී කට ඇරියේ නැත. ඒ
ඔවුන් විසින් මිස්‌ටර් ප්‍රභාකරන් යෑයි හැඳින්වූ ඝාතකයාට ඇති
බිය නිසාය. ප්‍රභාකරන්ව විනාශ කළ යුතු යෑයි අපි කියද්දී
කිසිවෙක් ඔහුට එරෙහි වූයේ නැත. මෙලෙස ව්‍යවස්‌ථා සංශෝධනයට
විරෝධතා දැක්‌වුවන් අතර විදේශ අරමුදල් ලබන ට්‍රාන්ස්‌පේරනසි
ඉන්ටර්නැෂනල් ආයතනය ද වේ. මේ ව්‍යවස්‌ථා සංශෝධනය අතර ජාතික
පොලිස් කොමිසම පත් කිරීමද ජනාධිපතිට පැවරේ. පොලිසිය ස්‌ථාපිත
කිරීම සඳහා පසුගිය කාලයේ මහ ඝෝෂාවක් කර පත් කළ පොලිස් කොමිසම
ක්‍රියා කළේa කෙසේ දැයි නිරීක්‍ෂණය කළ යුතුයි. මේ කොමිසමේ තිබූ
දිගු දුර විහිදුම් බළකාය පාවාදීමට අදාළ ලිපි ගොනුව අතුරුදන්
විය. කොමිසම මියගිය පොලිස් නිලධාරීන්ට හා අතවර චෝදනාවන්ට ලක්
වූ පොලිස් නිලධාරීන්ට ද උසස්‌වීම් දුන්නේය. කොමිසමේ
බලධාරියෙක් ජනාධිපතිවරණ සමයේ යාපනයට ගොස් ද්‍රවිඩ සන්ධානය
වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරත විය.
එසේම 2002 දිගු දුර විහිදුම් බළකාය පාවාදීමේ සිද්ධියට සම්බන්ධ
හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොලට එරෙහිව කොමිසම
අක්‍රිය වූහ. මේ වසරේ අප්‍රේල් මස වනතෙක්‌ම විමර්ශනයක්
පැවැත්වීමට කොමිසම ක්‍රියා කළේ නැත.
මෙලෙස ස්‌වාධීන යෑයි සිතූ පොලිස් කොමිසම පක්‍ෂග්‍රාහීව කටයුතු
කරද්දී ඊට එරෙහිව ක්‍රියා කිරීමේ හිමිකමක් රජයට ඇත.
පොලිස් කොමිසමේ මේ අකටයුතුකම් සිදුවෙද්දී මේ මාධ්‍ය සංවිධාන
කොහේ සිටියේද? මෙරට ජනතාවටත් ජනාධිපතිනියටත් හමුදාපතිවරුන්ටත්
හොරෙන් 2002 දී සටන්විරාම ගිවිසුම අත්සන් කරද්දී මාධ්‍ය
සංවිධාන නිහඬ විය.
එහෙත් කොටින්ගේ කොටි හඬ ගුවන්විදුලියට, ගුවන් හමුදාවට බෝම්බ
හෙළද්දී ඊට එරෙහිව විරෝධතාවන් පැවැත්වූයේ නිදහස් මාධ්‍ය
ව්‍යාපාරික ජාලයයි.
මේ මාධ්‍ය සංවිධාන යෑයි අටවාගත් සංවිධානවලින් වැඩි කොටසක්
විදේශ අරමුදල් මත යෑපෙන සංවිධාන වේ.
එහෙත් ඔවුන් මුළු ලොවටම පෙන්වන්නේ මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ
උරුමක්‌කරුවන් තමන් බවයි. ඒ අතරේ ඇතමුන් ද්විත්ව රංගනයේ යෙදේ.
ව්‍යවස්‌ථාව ගැන විවිධ ප්‍රකාශ කරන්නන් පසුපසින් රජයේ
තනතුරුවලට ද පත්විය. ඒ නිසා මොවුන් රඟ දක්‌වන නාටකය පැහැදිලිය.
එසේම රටින් පිටත මාධ්‍යවේදියෝ නමින්a ලන්ඩනයේ සිට ක්‍රියාත්මක
වන සංවිධානයේ නායිකාව කොටි හිතවාදිනියකි. ඇය වසර කිහිපයකට පෙර
හොර රහසේ වන්නියට ගොස් ආපසු එද්දී හමුදාවට අසු විය. වන්නි
මෙහෙයුම නතර කරලීම සඳහා ඇය පසුගිය කාලය මුළුල්ලේ දැඩි විරෝධතා
ව්‍යාපාරයක නිරත විය. ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහි වූවන් අතර
ද්‍රවිඩ සංධානය මෙන්ම කොටි වෙබ් අඩවි ද වේ. රජය ගෙන එන
ව්‍යවස්‌ථා සංශෝධනයට ශ්‍රී ලංකාවේ මුළු මාධ්‍ය ක්‍ෂේත්‍රයම
එරෙහි වී ඇති බවට කොටි වෙබ් අඩවිය ලෙස ක්‍රියා කළ ටැමිල් නෙට්
වෙබ් අඩවිය දක්‌වා තිබිණි. එහෙත් යථාර්ථය නම් සුළු පිරිසකට
සීමා වූ සංවිධාන පුවත්පත් නිවේදන නිකුත් කිරීමයි. මේ අතරේ
ද්‍රවිඩ සංවිධානය 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා
සිටී. ඊට පොලිස් හා ඉඩම් බලතල ද අයත් වියයුතු යෑයි කියා සිටී.
එහෙත් එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු ව්‍යවස්‌ථා සංශෝධනය තුළින්
රටේ තත්ත්වය අනතුරුදායක ගමනකට මුලපුරන බව කියා සිටී.
ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතන සමාගමකට එරෙහිව දියත් වූ වන්නි
මෙහෙයුම නතර කිරීම සඳහා එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු රැසක්
පසුගිය කාලයේ උත්සාහ කළහ.
ප්‍රභාකරන්ලාව බේරාගැනීමට ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර්
හා බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් මෙරටට පැමිණ
ඉල්ලීමක් කරද්දී මේ මාධ්‍ය සංවිධාන මුළුමනින්ම මුනිවත රැකීය.
නෝර්වේ තානාපතිව සිටි හැන්ස් බ්‍රට්‌ස්‌ගාර් ජනාධිපති හමුවී
සාම්පූර් මෙහෙයුම නවත්වන්නැයි කියද්දී මාධ්‍ය සංවිධාන කට ඇරියේ
නැත. එහෙත් දැන් හඬ නඟන්නේ ව්‍යවස්‌ථා සංශෝධනය ගැනය. මේ අතරේ
ප්‍රභාකරන්ගේ පියාගේ මළසිරුර රැගත් පෙට්‌ටිය ගෙන යැමට සහාය
වූවන් ද වේ.
එසේම හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ සමයේ යුද
වාර්තාකරණය සම්බන්ධ පිළිපැදිය යුතු කරුණු මාලාවක් ද සකස්
විය.
මාධ්‍ය නිදහස ගැන බෙරිහන් දෙන්නන් ඊට පසුබිමින් සහාය වූහ.
මේ කරුණු අතර හමුදාව වැරැදි යෑයි කියන පුවතක් පළ කළ යුද
වාර්තාකරුවකුට යුද වාර්තාකරණයේ යෙදීම තහනම් වන නීතියක් ද විය.
(ඊක්‌ජන කසිඑ)
ප්‍රභාකරන් සහ දෙස්‌විදෙස් එන්a ජී. ඕ. සංවිධාන එක්‌ව රටේ 2/3
ක පාලනය අල්ලා ගැනීමට උත්සාහ කරද්දී මේ මාධ්‍ය සංවිධාන නිහඬ
විය.
ජාතික ආරක්‍ෂාවට හානිකරදායිs ක්‍රියාදාමයන් සිදුවෙද්දී මේ
සංවිධාන නිදිවැදිණ. මෙය පුදුමයක් නොවේ. නිදහස් මාධ්‍ය
ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා මෑතකදී ප්‍රංශයේ කොටි ඒජන්ත
තිරුබාහරන් සමග සාකච්ඡා පවත්වන අයුරු අතටම අසු විය. මේ මාධ්‍ය
සංවිධාන අතර අග්නිදිග ආසියානු නිදහස් මාධ්‍ය සංවිධානය නමින්
තිදෙනකුට සීමාවූ සංවිධානයක් ද විය. පසුගිය සටන්විරාම සමයේ
ඩැනිඩා නමින් ඩෙන්මාර්ක් ස්‌වෙච්ඡා සංවිධානයේ සහායෙන්a කළු
කොටි බෝම්බකාරියක් ගැන වීඩියෝ පටයක් නිෂ්පාදනය කළේද මේ
සංවිධානයේ ක්‍රියාකාරීනියකි.
මේ නිසා ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිවීම විහිළුවක් නොවේද?
අද ද්‍රවිඩ සන්ධානය ෂයිලොක් නම්වූ යුදෙව්වා මෙන් මස් රාත්තලම
ඉල්ලා සිsටී. ද්‍රවිඩ සන්ධානය හා කොටි අතර වැඩි වෙනසක් නැත. ඒ
අතරේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නැයිද කියමින් රජයට බල කරයි.
මෙලෙස ජාතික ආරක්‍ෂාවට එරෙහි ක්‍රියාදාමයන් සිදුවෙද්දී මාධ්‍ය
සංවිධාන නිසලව සිටී. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ්
වරක් ධවල මන්දිරයේ පැවැති උත්සවයකදී මෙසේ පැවසීය. රටේ
ආරක්‍ෂාවට හානිකර ජාත්‍යන්තර ක්‍රියාදාමයන් ඇති වූ සෑම
අවස්‌ථාවකම අපේ මාධ්‍යවේදීන් රට වෙනුවෙන් පෙනී සිටියහ.
එහෙත් මෙරට එවැනි තත්ත්වයක් ගැන මෙරට මාධ්‍ය සංවිධාන
සිsටින්නේ ඊට හාත්පසින්ම වෙනස් මතයකය.
මෙය පුදුමයක් නොවේ. ආරක්‍ෂක ලේකම් කොටි නායකයන්ව මරන්න යෑයි
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළේ යෑයි පැවසූ මාධ්‍ය
සිටියේද මෙරටයි.
එහෙත් කිසිම ඇමරිකානු මාධ්‍යවේදියෙක් ඇමරිකානු ආරක්‍ෂක
ලේකම්වරයා හමුවෙහි ඇමරිකානු හමුදා නායක ජනරාල් ජවාස්‌නෝපිට
ඉරාක භටයන්ව මරන්න යෑයි කීවේ යෑයි සාවද්‍ය ප්‍රකාශයක් කිරීමට
ඉදිරිපත් වූයේ නැත. මේ නිසා ව්‍යවස්‌ථා සංශෝධනය ගැන හඬ නඟන
මාධ්‍ය සංවිධාන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ත්‍රස්‌තවාදී
ක්‍රියාවලින් විනාශ කිරීමට උත්සාහ කළ කොටි ඝාතන සමාගමට සහ එකී
ප්‍රධානියාට එරෙහිව කිසිදිනෙක හඬනැඟුවේ නැත.
කීර්ති වර්ණකුලසූරිය
|