ඉන්දියානු ජනතාවගෙන් තුනෙන් එකක් දූෂිතයි
- හිටපු දූෂණ විරෝධි කොමසාරි
ස්
නවදිල්ලිය
ඉන්දියානු ජනතාවගෙන් තුනෙන් එකක් තනිකරම දූෂිතයින් බවට පත්ව ඇති බව ඉන්දියාවේ දූෂණ විරෝධී කොමිසමේ ප්‍රධානී ප්‍රටියුෂ් සිං පසුගියදා ප්‍රකාශ කළේය. ඔහු පසුගියදා මෙම තනතුරෙන් ඉවත්ව ගියේය.
ඉන්දියාවේ දූෂිතයින් නොවන පිරිසක් වේ නම් ඒ සියයට විස්‌සක පමණ ජනතාවයි. සියයට පනහක් එනම් බිලියන භාගයක ජනතාවක් එම සීමාවට දැන් පැමිණ සිටින අතර සියයට තිහක් සම්පූර්ණයෙන්ම ඊට ඇබ්බැහිවී ඇත.
දූෂණය කොතරම් ඔඩුදුවා ඇත්තේද කිවහොත් අද ඉන්දියානු ජනතාව එය පොදුවේ පිළිගත් දෙයක් බවට පත්වී ඇති බව ඔහු සඳහන් කළේය.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.