|
|
|
|

චෝදනා රැසක් මත එජාප
ආසන
සංවිධායකවරු 9 ක් ඉවතට
පියසේන දිසානායක
එක්‌සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරු නව දෙනකු වහාම
ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත් කිරීමට එම
පක්‍ෂය ඊයේ (09 වැනිදා) තීරණය කර ඇත.
මේ අය අතර ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ආසන සංවිධායකවරු හත්
දෙනෙක් ද සිටිති. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
ලක්‍ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර යන මහත්වරු මෙතෙක්
පක්‍ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇත. බදුල්ල
දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් සෙනෙවිරත්න
මහතා එජාප නියෝජ්‍ය ලේකම් හා මහියංගන ආසන සංවිධායක ලෙසත්
පොළොන්නරුව දිස්‌ත්‍රික් මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා
පොළොන්නරුව සංවිධායක හා එජාප නියෝජ්‍ය භාණ්‌ඩාගාරික ලෙසත්
කටයුතු කළ අතර ඊයේ සිට ඔවුන් එම සියලු තනතුරුවලින් ඉවත් කළ
බව ලිතව දැනුම්දී ඇත.
මෙම මන්ත්‍රීවරු දෙදෙනා පක්‍ෂයේ නීතිරීති කඩ කරමින් 18
වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට සහයෝගය දැක්‌වීම
නිසා මෙම තීන්දුව ගත් බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ
ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවසීය.
එජාපයට හා පක්‍ෂ නායකත්වයට අපහාස කරමින් පාක්‍ෂිකයන් නොමඟ
යවන ආකාරයට කරුණු දක්‌වමින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට
පෙනී සිටීම ඇතුළු චෝදනා ගණනාවක් හේතුවෙන් එම පක්‍ෂයේ විනය
කමිටුව විසින් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ අම්බලන්ගොඩ එජාප
සංවිධායක මෛත්‍රී ගුණරත්න, බද්දේගම සංවිධායක ලැනරෝල්
පෙරේරා, හබරාදුව, සංවිධායක ලයනල් ඉපලවත්ත, හිනිදුම දෙක
කොට්‌ඨාසයේ සංවිධායක බන්දු ලාල් බණ්‌ඩාරිගොඩ, රත්ගම
සංවිධායක අශෝක ධනවංශ, අක්‌මීමන සංවිධායක විජයපාල
හෙට්‌ටිආරච්චි, කරන්දෙණිය සංවිධායක ජයන්ත ජයවීර යන අය
මෙලෙස ඉවත් කර ඇත.
මෙම ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමෙන් ඇතිවන පුරප්පාඩු
පිරවීම සඳහා පක්‍ෂය කඩිනමින් පියවර ගන්නා බව ඉහත
ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
|
|
|
|