ප්‍ර. ජා. සංධානයේ පදයට නටන්න එජාපය ලෑස්‌ති නෑ දයාසිරි ජයසේකර සිරිමන්ත රත්නසේකර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය කියන කියන පදයට නැටීමට එක්‌සත් ජාතික පක්‍ෂය කිසිසේත් සූදානම් නැති බව එක්‌සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. එම පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කට පරිස්‌සම් කරගෙන කටයුතු කිරීම වඩාත් උචිත යෑයිද, කට නිසා ඉතිහාසයෙහි ඔහුට බොහෝ දේ අහිමි වූවේ යෑයිද පැවසූ ජයසේකර මහතා අද ඔහු සිටින තත්ත්වයට පත්වීමට ඔහුගේ කට හේතු වූ බවත් පැවසීය. එක්‌සත් ජාතික පක්‍ෂයේ අර්බුද විසඳීම සඳහා සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් අනවශ්‍ය බවත් තමන්ගේ පක්‍ෂයට චෝදනා කරන විට එය වේදනාවට කරුණක් බවත් එහෙයින් ඒ වෙනුවෙන් පිළිතුරු සැපයීමට සිදුවන බවත් හෙතෙම පැවසීය. සරත් ෆොන්සේකා මහතා කෙරෙහි තමාගේ හා පක්‍ෂයේ ඇති ගෞරවය අහිමි කර ගන්නා ලෙසට කටයුතු නොකරන ලෙස ඒ මහතාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය. දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේ (9 වැනිදා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්‌වමිනි.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.