හික්‌කඩුවේ කැරපොත්තකු සහිත බනිස් විකුණූ වෙළෙඳ සල් හිමියාට පන්දහසක් දඩ චමින්ද සිල්වා හික්‌කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්‌ඨාශයට අයත් හික්‌කඩුව නගර මධ්‍යයේ පිහිටි වෙළෙඳසලකින් කැරපොත්තකු සහිත බනිස් ගෙඩියක් පාසල් ශිෂ්‍යයකුට අලෙවි කළ වෙළෙඳසල් හිමියකු ඊයේ (09 වැනිදා) ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එස්. බෝදලගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය. වෙළෙඳසලට පැමිණි පාසල් සිසුවකු ඊයේ (09 වැනිදා) බනිස් ගෙඩියක් මිලදී ගෙන නිවසට ගොස් අනුබව කරමින් සිටියදී ඒ තුළ මියගොස් සිටි කැරපොත්තකු දරුවාට කැවී වමනය සහ හිසරදය ඇතිවී තිබේ. පසුව කැරපොත්තා සහිත බනිස් ගෙඩිය දරුවාගේ දෙමාපියන් විසින් දොඩම්දූව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඊ. එන්. නිශාන්ත මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වෙළෙඳසල් හිමියා අධිකරණයට ඉදිරිපත් කිsරීමට පියවර ගෙන තිබිණි.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.