විපතටපත් වල් අලියකු ජීවත්කරවීමට කැපවන අයුරු
රජරට කලාපයට නියං සමය උදාවීමත් සමග ආහාර සහ ජලය සොයා ගම්මානවලට පැමිණෙන අලින්ට විවිධ අනතුරු සිදුවේ. හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයට යාබද හතරැස්‌කොටුව, මාකුලාවැවෙහි වෙඩි වැදී අසරණව මඩේ එරී සිටි අලියෙකු පසුගිය 08 දා ගොඩට ගෙන වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් එක්‌ව ප්‍රතිකාර කරන අයුරු. වයස අවුරුදු පහළොවක් පමණ වයසැති මෙම වල් අලියාගේ ශරීරය පුරා වෙඩි පහරවල් ඇති අතර වම්පස ඇසෙහිද පෙනීම දුර්වලවී ඇත. හබරණ - හරිස්‌චන්ද්‍ර ගුණවර්ධන
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.