|

දිමුත් කරුණාරත්නගෙන් අර්ධ
ශතකයක්
සංචාරක පාකිස්‌තානු "ඒ" කණ්‌ඩායම සහ ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායම
අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (09 දා) ආරම්භ වූ
පළමු සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනට තරගය නරත කරන විට
පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායම කඩුලු 3 ට ලකුණු 105
ක් ලබා සිටියේය.
ඊයේ දිනට නියමිත පන්දුවාර 90 යෑවීමට අයහපත් කාලගුණ තත්ත්වයෙන්
ඉඩ නොලැබීම හේතුවෙන් යෑවීමට හැකියාව ලැබුණේ පන්දුවාර 30 ක්
පමණි.
කාසියේ වාසිය දිනාගත් පාකිස්‌තාන් "ඒ" කණ්‌ඩායම පළමුව පන්දුවට
පහරදීමේ අවස්‌ථාව ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමට ලබාදුන් අතර එහිදී
ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු 11 කට සහ අංක 3 තුන
පිතිකරු දිනේෂ් චන්දිමාල් ලකුණු 11 ට පිටියෙන් ඉවත් කිරීමට
පාකිස්‌තාන් පන්දු යවන්නෝ සමත් වූහ.
පළමු කඩුලු දෙක අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී දිනයේ කැපී
පෙනෙන පිතිහරඹය දියත් කළ දිමුත් කරුණාරත්න පන්දු 84 කදී හතරේ
පහර 8 ක් සමග ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව ඔහු
පිටියෙන් ඉවත් වීමත් සමග පිටියට පිවිසි නායක තිලිණ කණ්‌ඩම්බි
(04) සහ කෞෂාල් සිල්වා (25) දිනය අවසන් වන විට කඩුල්ලේ රැඳී
සිටියහ. අද තරගයේ දෙවැනි දිනය වේ.
ලකුණු තත්ත්වය
ශ්‍රී ලංකා "ඒ" පළමු ඉනිම පන්දුවාර 30 කදී කඩුලු 3 ට ලකුණු 105
යි.
දිමුත් කරුණාරත්න 51, ලහිරු තිරිමාන්න 11, දිනේෂ් චන්දිමාල්
11, කෞෂාල් සිල්වා නොදැවී 25, තිලිණ කණ්‌ඩම්බි නොදැවී 4,
මොහොමඩ් තල්හා 34/1, ජුනයිඩ් ඛාන් 30/1, නබීෂ් ඛාන් 37/1 යි.
|