ශ්‍රී ලංකා තැපැල් වෙතින් නව භාණ්‌ඩ ප්‍රවාහන ක්‍රමයක්‌

ජා ඇල - ලෝරන්ස්‌ ප්‍රනාන්දු

තැපැල් සන්නිවේදනයේ ප්‍රමුඛයා වන "ශ්‍රී ලංකා තැපැල්" වෙතින් ජනතාවට පිදෙන නවමූ සේවාව වූ 4 දමරි Eංචරුss භාණ්‌ඩ ප්‍රවාහන සේවාව මගින් ඔබේ නිවසේ දොරකඩටම කි. ග්‍රෑ. 2 ක උපරිම බරකට යටත්ව භාණ්‌ඩ ප්‍රවාහනය කර ගැනීමේ අවස්‌ථාව ශ්‍රී ලාංකිකයන්ට දැන් උදාවී ඇත.

ශ්‍රී ලංකා තැපෑල සතු තැපැල් භාණ්‌ඩ ප්‍රවාහන ජාලය හා එක්‌ව පැමිණෙන ඔබේ තැපැල් මිතුරා මගින් ක්‍රියාත්මක වන 4 දමරි Eංචරුss සේවාව යටතේ ඔබට සාධාරණ මිලකට ඔබේ භාණ්‌ඩ ප්‍රවාහන අවශ්‍යතාවය ඉටුකර ගත හැකි බව ශ්‍රී ලංකා තැපෑල ශ්‍රී ලාංකික ජනතාවට දන්වා සිටී. 071-4440440 දුරකතන අංකය ඇමතීමෙන් ඔබේ භාණ්‌ඩ ප්‍රවාහන අවශ්‍යතාවයන් පහත සඳහන් මිල ගණන් වලට ඉටුකර ගත හැකි බව 4 දමරි Eංචරුss භාණ්‌ඩ ප්‍රවාහන සේවාව පවසයි.

(1) කොළඹ මහ නගර සීමාව (කොළඹ කලාප 15) තුළවූ ස්‌ථාන දෙකක්‌ අතර හුවමාරුවන ලේඛන, පැකට්‌ටු හා පාර්සල් සඳහා - පළමු ග්‍රෑම් 500 හෝ ඉන් කොටසක්‌ සඳහා රු. 70.00 යි. වැඩිවන සෑම ග්‍රෑම් 500 ක්‌ හෝ ඉන් කොටසක්‌ සඳහා රු. 30.00 බැගින්.

(2) කොළඹ මහ නගර සීමාවේ ස්‌ථානයක්‌ හා 4 දමරි Eංචරුss කලාපය තුළ පිහිටි ස්‌ථානයක්‌ අතර හුවමාරු වන භාණ්‌ඩ සඳහා - පළමු ග්‍රෑම් 500 හෝ ඉන් කොටසක්‌ සඳහා රු. 100.00 වැඩිවන සෑම ග්‍රෑම් 500 හෝ ඉන් කොටසක්‌ සඳහා රු. 50.00 බැගිනි.

(3) කොළඹ මහ නගර සභාවෙන් පිටත ස්‌ථාන 2 ක්‌ අතර හුවමාරුවන භාණ්‌ඩ සඳහා පළමු ග්‍රෑම් 500 හෝ ඉන් කොටසක්‌ සඳහා රු. 150.00 යි, වැඩිවන සෑම ග්‍රෑම් 500 ක්‌ හෝ ඉන් කොටසක්‌ සඳහා රු. 60.00 බැගිනි
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.