කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන
ආයතනය විසිපස්‌ වැනි සංවත්සරය සමරයි


ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ (ICT) උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක්‌ වන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය, (UCSC) එහි විසිපස්‌ වැනි සංවත්සරය දැන් සමරමින් සිටී. මේ වනවිටත් UCSC ආයතනය සිය 25 වැනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රාශියක්‌ සැලසුම් කර ක්‍රියාවට නගමින් සිටී.

මේ පිළිබඳ අදහස්‌ දක්‌වන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේදී (UCSC) අධ්‍යක්‍ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක...

"කොළඹ විශ්වවිද්‍යාලය 1985 දී සංඛ්‍යාන සහ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව පටන් ගත්තා. එම දෙපාර්තමේන්තුව එම වර්ෂයේදීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පරිගණක විද්‍යා උපාධි පාඨමාලාවක්‌ ආරම්භ කළා. ඊට පසුව 1986 දී ප්‍රථම වතාවට පශ්චාත් උපාධි පාඨමාලාවක්‌ ආරම්භ කළා. වසර 2000 දී තොරතුරු තාක්‍ෂණ බාහිර උපාධිය (BIT) ආරම්භ කළා. ඇත්තටම අද තියෙන UCSC එකේ තිඹිරිගෙය වුණේ සංඛ්‍යාන සහ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවයි."

කොළඹ විශ්වවිද්‍යාලයේ වර්තමාන පරිගණක අධ්‍යයන ආයතනය, (UCSC) ආරම්භ කළේ 2002 වර්ෂයේය. ඒ එම විශ්වවිද්‍යාලයේම 1985 පිහිටුවන ලද සංඛ්‍යාන සහ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව සහ 1987 පිහිටුවන ලද පරිගණක තාක්‌ෂණ ආයතනය ඒකාබද්ධ කිරීමෙනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.