හිස මුඩු කළා

මේ දිනවල ස්‌වාධීන රූපවාහිනියේ විකාශය වන වජිරපානි, ස්‌වයංජාත, සිරස නාලිකාවේ විකාශය වන රුවන් මාලිගා, ස්‌වර්ණවාහිනියේ අළුපාට හීන ටෙලිsනාට්‍යය හතරේම චරිත නිරූපණය කරන ජගත් චමිල මේ වෙද්දි ඒ චරිතවල සිටින රූපයට වඩා බොහෝ සේ වෙනස්‌වෙලා. ඇත්තටම ජගත්තේ කොණ්‌ඩෙට මොකද වුණේ?

"ඩොක්‌ට කපිලකුමාර අධ්‍යක්ෂණය කරන ප්‍රතිරූ චිත්‍රපටයේ මම රඟපානවා. ඒ වෙනුවෙන් තට්‌ටේ ගාන්න සිද්ධ වුණා.

එතකොට මේ දිනවල රූගත කෙරෙමින් විකාශය වන රුවන් මාලිගා ටෙලිනාට්‍යයේ ලීඩර්ට මොකද වෙන්නේ. ලීඩර් දිගටම රුවන් මාලිගාවේ රඟපානවා. අධ්‍යක්ෂ රවීන්ද්‍ර විඡේරත්න එක්‌ක කතා කරලා තමයි මේ තීරණය ගත්තේ. ඉදිරියේ දී ප්‍රේක්ෂකයන්ටත් ලීඩර් චරිතය වෙනස්‌ මුහුණුවරකින් දැකගන්න ලැබෙයි.

මීට අමතරව මේ දිනවල චන්ද්‍රසෝම බිංදුහේවාගේ සිහින දකින්නා, ඉන්දික පර්ඩිනෑන්ඩොගේ කලම්බෝ කලම්බෝ නාට්‍යවල දර්ශනවලට සහභාගි වෙනවා. රාජ්‍ය නාට්‍යය උළෙලටත් කලම්බෝ කලම්බෝ නාට්‍ය තේරිලා තියෙන නිසා පුහුණුවීම් කටයුතුවලටත් සහභාගි වෙනවා. ඉදිරියේදී කයිරෝ නගරයටත් කලම්බෝ කලම්බෝ නාට්‍යය සමග සහභාගි වෙන්න තියෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.