කොටි ඝාතකයන්ගේ බිරියන්ගෙන්
විද්වත් මණ්‌ඩලය වෙත සාක්‍ෂි


* බ්‍රිතාන්‍ය සෙබළුන් යුද අපරාධවලට සම්බන්ධ යෑයි හෙළිවෙද්දී අගමැති කැමරන් ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශනයක්‌ ඉල්ලයි

* රාඡ් රාජරත්නම් හා ඔහුගේ පියා යුද අපරාධකරුවන්

* ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්‌ඩායම උතුර නැගෙනහිරට පොලිස්‌ බලතල නොදෙන්නේ මන්දැයි විමසයි

* විනාශකාරී ක්‍රියා සිදු කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය ටොන් 205 ක්‌ මිලයට ගැනීමට කොටි ක්‍රියා කළ අයුරු හෙළිවේ

* වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළ ඊළාම්වාදීන් තිදෙනෙක්‌ රජයේ උපදේශක ධුරවල

* මනෝ ගනේෂන්ගේ වෘත්තීය සමිති නායක අත්අඩංගුවේ

"වෙස්‌මුහුණු පැළඳගත් පාර්ශ්වයන්ගෙන් අප ප්‍රවේශසම් විය යුතුයි"
- රාම්සාන් කර්දොව් : චෙච්නියානු ජනාධිපති

1991 ජුනි 21 වැනිදා කොළඹ කුරුඳුවත්තේ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ බෝම්බ පිපිරීමක්‌ සිදුවිය. මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ නිලධාරීහු ලැබුණ තොරතුරු මත තලවකැලේ ප්‍රදේශය වෙත ගියහ. මේ බෝම්බ පිපිරීම සිදු කළ තැනැත්තා සිටි ස්‌ථානය වට කළ අවස්‌ථාවේ ඔහු සයනයිඩ් කරලක්‌ ගිල දමා සිය දිවි නසාගෙන තිබිණි. මොහු කඳුරට ජනතා පෙර මුණට අයත් "වර්ධන්" නමැත්තකු යෑයි වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී අනාවරණය විය.

 
ශ්‍රී ලංකා නාවික හමුදාපති තිසර සමරසිංහ මහතා
ඉන්දියාවේ දකුණු නාවික විධානයේ නිල චාරිකාවක
නිරත වූ අයුරු...




මෙයට කලකට පෙර කොළඹ වරායට ප්‍රහාර එල්ල කිරීමට කොටි සංවිධානය කළ සැලසුමක තොරතුරු ආරක්‍ෂක බුද්ධි අංශ වෙත ලැබී තිබිණි. මේ ප්‍රහාරයේදී තුවාල ලබන කොටින්ට ප්‍රතිකාර කර වන්නියට යැවීම භාරවී තිබුණේ ද කඳුරට ජනතා පෙරමුණේ දේශපාලනඥයකුට යෑයි හෙළි විය. එසේම කොටි සංවිධානය සමූල ඝාතනය වීමට මාස ගණනකට ඉහතදී රහස්‌ පොලිස්‌ නිලධාරීහු කොළඹදී ත්‍රස්‌තවාදී සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතර මානව හිමිකම් ක්‍රියාකාරියකු යෑයි හඳුන්වා ගන්නා මනෝ ගනේෂන්ගේ සිවිල් නිරීක්‍ෂණ කාර්යාලයේ සේවය කළ සිවරාජා නඩරාජා ද විය. මොහු පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකු බවට ද වාර්තා විය.

මෙය සැලවූ විගස මනෝ ගනේෂන් ප්‍රකාශයක්‌ කරමින් සිවරාජා තමන්ගේ කාර්ය මණ්‌ඩලයේ අයෙක්‌ නොවන බවත් ස්‌වෙච්ඡාවෙන්ම සිය කාර්යාලයට පැමිණෙන තැනැත්තෙක්‌ යෑයි කියා සිටියේය. පසුගිය සතියේ දිනෙක ත්‍රස්‌ත මර්දන නිලධාරීහු තලවකැලේ ගේ්‍රට්‌ වෙස්‌ටර්න් වතුයාය සමීපයේ වළ දමා තිබූ ක්‌ලේමෝ බෝම්බයක්‌ ටී-56 අවි දෙකක්‌ සී.4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ හතරක්‌ සහ අත්බෝම්බ කීපයක්‌ සමග එක්‌ සැකකරුවෙක්‌ අත්අඩංගුවට ගනු ලැබීය. මොහු සුදාකරන් නමැත්තෙකි. කොටි සංවිධානය ක්‍රියාත්මක වන සමයේ මොහු වන්නියට ගොස්‌ කොටින්ගෙන් අවි පුහුණුව ලබා ඇතැයි පාපොච්චාරණය කර ඇත. මේ තැනැත්තා කළ හෙළිදරව්ව මත මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ වෘත්තිය සමිති ලේකම්වරයකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා විය.

මෙහිදී ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට හෙළි වූයේ වතුකරය තුළත් කොටි ත්‍රස්‌ත ක්‍රියා මෙහෙයවීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වූ බවයි. මේ සමිති ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය අනාවරණය වීමත් සමගම විදේශගතව සිටි මනෝ ගනේෂන් කලබලයට පත්විය. ඔහු ලන්ඩනයේ කොටි රූකඩය වූ බී.බී.සී. සංදේශයට ප්‍රකාශයක්‌ කරමින් රජය දේශපාලන පළිගැනීමක්‌ ලෙස තම වෘත්තීය සමිති ලේකම්ව අත්අඩංගුවට ගෙන ඇතැයි චෝදනා නැඟීය. එහෙත් ඒ වන විට ත්‍රස්‌ත මර්දන විමර්ශකයෝ වතුකරයේ තිබී සොයාගත් අවි ආයුධ සම්බන්ධයෙන් යාපනය පදිංචිකරුවන් දෙදෙනකු ඇතුළු පස්‌ දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන තිබිණි. "මනෝ ගනේෂන් කවුද කියා අපි දන්නවා. ඔහුගේ කාර්යාලයේ සිටි කොටි ත්‍රස්‌තයාව අත්අඩංගුවට ගත්තාට ඔහු ස්‌වෙච්ඡවෙන් එන අයෙක්‌ කීවා. භාරතිදාසන් නමැති වෘත්තීය සමිති ක්‍රියාකාරියාව අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්‌ යෑයි ඔහු කළ ප්‍රකාශය අපි මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.

මේ මනෝ ගනේෂන් නමැත්තා කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේය. ශ්‍රී ලංකාවේ හමුදාවට අවි ආයුධ ලබාදීමෙන් වළකින්නැයි ද විදේශ තානාපති කාර්යාලවලින් ඉල්ලීමක්‌ ද කෙරිණි. රජය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඔහු ඝෝෂා කළේ කොටි ත්‍රස්‌තයන් පිළියන්දල, කොටුව, වැලිවේරිය යන ස්‌ථානවල බෝම්බ පුපුරුවා සමූල ඝාතන ක්‍රියාදාමයක්‌ ක්‍රියාත්මක කරද්දීය.

මොහුගේ මේ මානව හිමිකම් ඝෝෂාව සඳහා ඇමරිකානු බලධාරීහු මානව හිමිකම් සම්මානයක්‌ ද දුන්නේය. මේ අතර එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවට එරෙහිව පත් කළ විද්වත් මණ්‌ඩලය පසුගිය ඔක්‌තෝබර් 18 වැනිදා නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් මෙම මණ්‌ඩලය විමර්ශන පවත්වන හෝ තොරතුරු සොයන ආයතනයක්‌ නොවන බව කියා සිටියේය. එහෙත් විවිධ සංවිධාන හා අතරමැදියන්ට එම මණ්‌ඩලය වෙත කරුණු දැක්‌විය හැකි යෑයි එකී නිවේදනයේ සඳහන් විය. බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විමර්ශන පවත්වන්නේ නැත්නම් විවිධ සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන් ලිත කරුණු විමසන්නේ කුමකටද?

මෙලෙස බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය තොරතුරු එවන්නැයි කළ ඉල්ලීමත් සමග කැනඩා කොටි ජාලයේ ප්‍රධානියකු වූ වෙළුපිල්ලේ තංගවේළු නමැත්තා එකී මණ්‌ඩලය වෙත සංදේශයක්‌ යවමින් යුද අපරාධ සම්බන්ධව සර්බියානු ජනාධිපති ස්‌ලෝබදන් මිලොසවික්‌ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ ක්‍රියා කළා නම් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ අනෙකුත් අයට එරෙහිව ක්‍රියා කරන්නැයි ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ නායකත්වය සහ හමුදාව යුද අපරාධ කළ බවට මේ කොටි හිතවාදියා සාක්‍ෂි ලෙස ඉදිරිපත් කර ඇත්තේ ජර්මනියේ කොටි හිතවාදී ෙ-.ඩී.එස්‌. නමැති මාධ්‍ය කණ්‌ඩායමේ වාර්තා, කොටි ජාලයට සම්බන්ධ ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය, විදේශ බුද්ධි සේවාවක සහය මත ක්‍රියාත්මක වන වෙබ් අඩවියක වාර්තා, කොටි ඝාතකයකු වූ එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිහරන්ගේ සාක්‍ෂිය සහ කොටි හමුදා ප්‍රකාශක ඉලන්තිරියන්ගේ බිරිය වූ ප්‍රතිරූබන් වනිතාගේ සාක්‍ෂියයි. වේළුපිල්ලේ තංගවේලුගේ මේ සංදේශය යුරෝපා කොටි වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන අභ්‍යන්තර සතුරකුගේ මෙහෙයුම බුද්ධි අංශවලට අනාවරණය විය. විදේශ බුද්ධි සේවා අරමුදල් මත වෙබ් අඩවියක්‌ මෙහෙය වන මේ අභ්‍යන්තර සතුරා මාධ්‍ය අඳබාලයෙකි. මුලින්ම ඔහු යුද හමුදාව චීනයෙන් ගෙන්වූ ගෑස්‌ කුටියක දමා ද්‍රවිඩ තරුණ තරුණියන් දහස්‌ ගණනක්‌ පිළිස්‌සූ බව කියා සිටියේය. දැන් ඔහුගේ අළුත්ම ප්‍රකාශය 2010 මාර්තු මාසයේදී යාපනයේදී හමුදා කණ්‌ඩායමක්‌ විසින් ද්‍රවිඩ කාන්තාවක්‌ අතවර කර ඝාතනය කර ඇති බවත් මේ කණ්‌ඩායම ගැන ආරක්‍ෂක අමාත්‍යාංශය දන්නා බවද එහි කටයුතුවලට ඉඩදී ඇති බව ද කියා සිටීමයි. (The defence Ministry is fully aware of its
functioning of this group and allowed its
activities to continue without interferans)

මෙම ප්‍රකාශයෙන් ලෝක ප්‍රජාවට පෙන්නුම් කිරීමට යන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ඝාතන කණ්‌ඩායමක්‌ මෙහෙයවන බවයි. මෙම හමුදා ඝාතක කණ්‌ඩායමට හමුදා ජනරාල්වරයකු ද සම්බන්ධ යෑයි දක්‌වමින් සාවද්‍ය ප්‍රචාර මෙහෙය වන මේ මාධ්‍ය අඳබාලයා මෙරටින් පැන ගොස්‌ අසල්වැසි රටක සිට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන බව හමුදා බුද්ධි අංශවලට වාර්තා වී ඇත.

එහෙත් මේ දක්‌වාම මොහුට ඇමරිකානු බලධාරීහු සම්මානයක්‌ දී නැත. මෙලෙස අභ්‍යන්තර සතුරු බලවේග කොටි ඝාතකයන් වෙනුවෙන් හඬනඟද්දී මෑතකදී මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්‌ඩායමේ යටි අරමුණ අනාවරණය විය.

පෝල් මර්පිගේ නායකත්වයෙන් යුත් මේ පාර්ලිමේන්තු කණ්‌ඩායම ත්‍රිකුණාමලයට ගොස්‌ ආණ්‌ඩුකාර විෙ-වික්‍රම හමුවී සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

එහිදී ඔවුන් උතුර නැගෙනහිර පළාතේ සභාවන්ට පොලිස්‌ බලතල නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කර තිබේ. මෙයට ප්‍රතිචාර දැක්‌වූ ආණ්‌ඩුකාරවරයා පොලිස්‌ බලතල ලබාදීම ගැන තීරණයක්‌ ගත යුත්තේ රජය යෑයි කියා සිටියේය.

මේ අතර කොටින්ට උපකාර කළ වුන් නීතියේ රැහැනින් ගැලවීමේ සිද්ධියක්‌ වාර්තා විය. වන්නි මෙහෙයුමින් පසු ආරක්‍ෂක හමුදාව විසින් කන්ටේනර් විශාල තොගයක්‌ වන්නියේ තිබී සොයාගෙන තිබිණි. මේ කන්ටේනර්වල ගෙනවිත් ඇත්තේ කොටින්ට අවශ්‍ය භාණ්‌ඩය. එහෙත් සටන් විරාම සමයේ රජයේ ආයතනයක්‌ බදු රහිතව කන්ටේනර් රැසක්‌ මුදාහැර ඇතැයි අනාවරණය විය. වන්නි මෙහෙයුමින් පසු මෙයට වගකිවයුතු ද්‍රවිඩ නිලධාරියා මෙරටින් මාරු විය. එහෙත් ඔහු යළිත් මෙරටට සම්ප්‍රාප්ත වී ඇත. දැන් ඔහු විදේශගත බැංකුවක ප්‍රධානියෙකි.

මේ අන්දමේ තොරතුරු හෙළිවෙද්දී කොටි හිතවාදී රා- රාජරත්නම්ට එරෙහිව සාක්‍ෂි දීමට බිය නැතිව ඉදිරිපත්වූ ශ්‍රී ලාංකික සාක්‍ෂිකරුවන් සිටින ස්‌ථාන දැන ගැනීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු උත්සාහ කරන බව වාර්තා විය.

ප්‍රභාකරන් ඝාතකයා ප්‍රමුඛ කොටි ඝාතක සමාගම විනාශ කළ යුතු යෑයි අපි එදා සිටම පවසන අවස්‌ථාවේ මෙරට බොහෝ දෙනා ප්‍රභාකරන්ට එරෙහිව කට ඇරියේ නැත. එහෙත් සාක්‍ෂිකරුවන් පිරිස ඇමරිකානු අධිකරණය හමුවේ රාජරත්නම්ට එරෙහිව නඩු පැවරීමට එකඟ වූහ. ඇමරිකානු කෝටිපති ව්‍යාපාරික රා-රාජරත්නම් කොටින්ට ඩොලර් මිලියන පහක්‌ ලබාදී ඇතැයි ත්‍රස්‌ත ක්‍රියාවලින් විපතට පත්වූවන්ගේ ඥතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී මයිකල් එල්ස්‌තර් විසින් අධිකරණය හමුවේ පවසා ඇත.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ රාජරත්නම්ගේ නීතිඥ ෙ-ම්ස්‌ වෝල්ටර් එය මුළුමනින්ම අසත්‍යයක්‌ බවත් වන්දි ඉල්ලිය හැකි ප්‍රකාශයක්‌ බවත් සඳහන් කරනු ලැබීය. එහෙත් විත්තියේ නීතිඥයාගේ ප්‍රකාශය පැමිණිල්ලේ නීතිඥ එල්ස්‌නර් විසින් බිඳ දමනු ලැබීය. "රා- රාජරත්නම්ගේ පියා ෙ-සුදාසන් රාජරත්නම් ඉලංකයි තමිල් සංගම් නමැති සංවිධානයේ ප්‍රධානියායි. නිව් ජර්සි නගරයේ පිsහිටි ඔහුගේ නිවසේදී කොටි ක්‍රියාකාරීන් සමග සාකච්ඡා පැවැත්විණි. ඇමරිකානු රජය විසින් කොටි සංවිධානයට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කරලීම සඳහා ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ට අල්ලස්‌ දීමට උත්සාහ කළ තැනැත්තා ලෙස ෙ-සුදාසන් රාජරත්නම්ව හඳුනාගෙන තිබිණි. 2002 සහ 2003 රාජරත්නම් සහ පවුලේ අයට ප්‍රභාකරන්ව මුණ ගැස්‌සීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වුණා යෑයි එල්ස්‌නර් තවදුරටත් ප්‍රතිචාර දැක්‌වීය. අපි වසරක්‌ තිස්‌සේ රාජරත්නම් ගැන විමර්ශනය කර ඔහුගේ සියලුම මූල්‍ය ගනුදෙනු සොයාගත් බව පැවසූ මයිකල් එල්ස්‌නර් 2007 ජනවාරි මාසයේදී ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය විසින් කොටින්ගේ ඉන්දුනීසියානු ආයුධ ඒජන්ත වූ නඩරාජා ප්‍රදීපන්ව අල්ලාගත් බවත් ඔහු සතුව පැවැති ලැප්ටොප් පරිගණකයේ තිබී කොටි සංවිධානයට ඩොලර් මිලියන ගණනක අවි ආයුධ මිලයට ගැනීමේ තොරතුරු හෙළිවූයේ යෑයි ද දන්වනු ලැබීය. 2006 ජුනි මාසයේදී ඉතා හදිසියි යන ශීර්ෂය යටතේ තිබූ ලිපියක්‌ එම පරිගණකයේ තිබුණා. ඩොලර් මිලියන 20 ක්‌ වටිනා ගුවන්යානා නාශක අවි, නාවික අවි සහ පුපුරණ ද්‍රව්‍ය ගැන ලිපියේ සඳහන් වුණා. ඒ අතර සී. 4 වර්ගයේ අධි බල පුපුරණ ද්‍රව්‍ය ටොන් පනහක්‌ ආර්. ඩී. එක්‌ස්‌. පුපුරණ ද්‍රව්‍ය ටොන් පහක්‌, ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් පනහක්‌ හා ටි්‍රටොනල් පුපුරණ ද්‍රව්‍ය ටොන් පනහක්‌ මිලයට ගත යුතු යෑයි දන්වා තිබුණා. එසේම එෆ්.බී.අයි. පොලිසිය ඇමරිකානු කොටි ඒජන්ත චන්දරු නමැත්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු රාජරත්නම් කොටින්ට අරමුදල් සැපයූ බව සනාථ කරනු ලැබුවා. 2000 දී කොටින් අලිමංකඩ හමුදා කඳවුර අල්ලා ගැනීමෙන් පසු ඩොලර් මිලියනයක මුදලක්‌ රාජරත්නම් විසින් කොටින්ට ලබාදුන් බවද චන්ද්‍රරු කියා සිටියා. එසේම අරමුදල් ලබාගැනීම සඳහා ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය විසින් වැල්ලවත්තේ ස්‌ටෑන්ටඩ් චාටඩ් බැංකුවේ අංක 01607837001 යටතේ ගිණුමක්‌ ද ආරම්භ කර තිබුණා යෑයි පැමිණිල්ලේ නීතිවේදී එල්ස්‌නර් තවදුරටත් අනාවරණය කරනු ලැබීය. මේ හැර කොටින්ට හා මියගිය කොටින්ගේ පවුල්වලට මුදල් ලබාදීමටත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට හා ආයුධ ගැනීමට ද රාජරත්නම් පිය පුතු දෙදෙනා සහ ටී.ආර්.ඕ. සංවිධානය සැපයූ මුදල් කොටි සංවිධානය විසින් භාවිත කර තිsබේ.

මේ නිසා රාජරත්නම් සහ ඔහුගේ පියා වූ ෙ-සුදාසන් යුද අපරාධකරුවන්  යෑයි හැඳින්විය හැක.

ඒ බව නීතිවේදී මයිකල් එල්ස්‌තර් විසින් ඇමරිකාවේ නිව්ජර්සි අධිකරණය වෙත යොමු කළ පැමිණිල්ලෙන් සනාථ වේ. රා- රාජරත්නම්, ඔහුගේ පියා වූ ෙ-සුදාසන් සහ ටී.ආර්.ඕ. සංවිධානය සෘජුව හා අනියම් ලෙසින් කොටින්ට අරමුදල් සපයමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා වෙනත් අපරාධකාරී ක්‍රියා සිදු කිරීමට සහය වූවා යෑයි එල්ස්‌නර් විසින් සඳහන් කර ඇත. (All times Reajaratnam, Jesudasan and T.R.O Knew that
the receipt transfer and disbursment of
charitable funds were being paid to members
of L.T.T.E who carried out sucide Bombings
and murderous attacks against Sri Lankan)

මෙම ප්‍රකාශය මත මේ පිය පතු දෙදෙනාගේ වත්කම් තහනම් නොකරන්නේ මන්ද යන්න ගැන දැඩි සැකයක්‌ මතුවී ඇත. එසේම කොටි ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කිරීම සඳහා අරමුදල් සැපයීමට ඉදිරිපත් වූයේද රා- රාජරත්නම්ය. ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට මෙරට දේශපාලකයන් දෙදෙනෙක්‌ මේ කොටි හිතවාදියාගේ මිතුරන් වේ.

මේ අතර වත්මන් රජය සතුරන් කවුද මිතුරන් කවුද කියා මෙතෙක්‌ හඳුනාගෙන නැත. 2007 ජුලි මාසයේ දිනෙක කොළඹ පැවැත්වූ සමුළුවක්‌ ඇමතූ ඊළාම්වාදියෙක්‌ ද්‍රවිඩ නිජබිම් සංකල්පය හා ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනයට ඇති හිමිකම සනාථ කිරීමට තමන් සූදානම් යෑයි පවසා තිබිණි. ((Willing to prove. Tamil
Homeland theory and the rights of Tamils for
SELF determination. ඔහු ශ්‍රී ලංකා සෙබළුන්ව හැඳින් වූයේ කුලී හේවායන් යනුවෙනි.

මේ ඊළාම්වාදියා ප්‍රමුඛ පිරිසක්‌ වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා ක්‍රියා කරන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද ඉල්ලීමක්‌ කරනු ලැබීය. (Tamil Separatist sympathizers called
for a immediat halt to the anti-Tiger Miltary
offensive)

මෙලෙස වන්නි මෙහෙයුම නතර කිරීමට මහන්සි ගත් ඊළාම්වාදීන් තිදෙනකු වත්මන් රජය සමයේ උපදේශක මණ්‌ඩලයකට පත් කර ඇතැයි මැතකදී වාර්තා විය. මෙය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දැඩි අවධානයට යොමුවිය යුතුව තිබේ. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් සිංහල අන්තවාදී රාජය ද්‍රවිඩ අරගලය මර්දනය කිරීමට ක්‍රියා කරන බවට ඝෝෂා කළ වුන් ලැ-ජා නැතිව එම රජයේම උපදේශන තනතුරු භාර ගැනීමයි.

එහෙත් රජය ප්‍රවේශම් විය යුත්තේ බැටළු වෙස්‌ ගත් මෙම වෘකයන්ගෙනි. (Wolves in
sheeps clothing)

මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳව විමර්ශනය කරන විට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එරට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක්‌ හෙළි විය. ඉරාකයේ සහ ඇෆ්ගනිස්‌තානයේ සිටින බ්‍රිතාන්‍ය හමුදාව ද යුද අපරාධවලට සම්බන්ධ යෑයි විකිලික්‌ස්‌ වෙබ් අඩවිය හෙළි කරද්දී බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවීම් ගැන ස්‌වාධීන විමර්ශනයක්‌ අවශ්‍ය බවයි.

බ්‍රිතාන්‍යයේ සිටින කොටි හිතවාදී මන්ත්‍රීවරියක්‌ වූ සියොබ්හාන් මැක්‌ඩොනා නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ අගමැති කැමරන් පුවත්පත්වල පළවූ පුවත් හා රූපවාහිනියේ විකාශනය වූ දර්ශන සැම දෙනා දුටු නිසා ශ්‍රී ලංකාවේ සිදුවූ දේ ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ ඕනෑ බව පවසා ඇත. එහෙත් බ්‍රිතාන්‍ය සෙබළුන් කළ යුද අපරාධ සම්බන්ධව කැමරන් රජය ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ ඉල්ලා නැත. බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පමණක්‌ නොව සිංහලයකු යෑයි හඳුන්වා ගනිමින් අයර්ලන්තයේ ත්‍රිත්ව විශ්වවිද්‍යාලයේ සේවය කරන සරණාගතයකු වූ ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තා ද රට දෙකඩ කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථවීමෙන් පසු විදේශිකයන් කණ්‌ඩායමක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නගරයට ගෙන්වා මහජන විනිශ්චය සභාවක්‌ යනුවෙන් සමුළුවක්‌ පවත්වා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් යෑයි තීන්දු කර ඇත. 2009 මැයි 5 වැනිදා ඩබ්ලින් නුවර සමුළුවක්‌ ඇමතූ මොහු යුද්ධය මෙහෙය වන්නේ ද්‍රවිඩයන්ට එරෙහිව යෑයි පළ කළේය අයර්ලන්ත සාම ක්‍රියාදාමය අපි ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක කළ යුතු යෑයි ඔහු එහිදි කියා සිටියේය.

එහෙත් මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම සමූල ඝාතනයවීමෙන් ජූඩ් ලාල්ගේ බලාපොරොත්තු බිඳ වැටින. එහි ප්‍රතිඵලය ඔහු විසින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමය.

මේ අතර මන්නාරමේ සිට ඔස්‌ටේ්‍රලියාව බලා යැමට පිටත්වූ ද්‍රවිඩයන් කණ්‌ඩායමක්‌ රැගත් බෝට්‌ටුවක්‌ ඉන්දුනීසියානු නාවික හමුදාවට අසුවිය. මේ බෝට්‌ටුවේ අලුත්ම යතුරුපැදියක්‌ එවා තිබී හමුවිය.

ප්‍රභාකරන් වෙනුවෙන් ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධිව රැවටූ කාසි ආනන්දන් නමැති කොටි හිතවාදියා මේ සතියේදී චෙන්නායි නගරයේදී මතු විය. යුද්ධයේ මුහුණුවර නමින් පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයක්‌ නැරඹීමට ඔහු පැමිණි බව හෙළි විය. යාපනයේ මානියම් තෝටම් ප්‍රදේශයේ පදිංචිව සිටි සිංහල පවුල් 400 ක්‌ යළිත් තම ඉඩකඩම් ලබාගැනීම සඳහා යාපනයට පැමිණ ඇතැයි කොටි හිතවාදීන්ට වාර්තා විය. මේ නිසා මානියම් තෝටම් ගම්මානයට පැමිණ ද්‍රවිඩයන් කණ්‌ඩායමක්‌ ලහි ලහියේ නිවාස ඉදිකරන අයුරු හමුදා බලධාරීන්ට වාර්තාවීමත් සමග එකී පිරිස ඉවත් කෙරිණි. හිටපු ජනාධිපතිනිය ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් ඉලංනේශ්වරම් සත්‍යවේලි නමැත්තාට වසර 30 ක සිරදඬුවමක්‌ නියම වූයේ ද මේ සතියේයි. මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රිංගන කොටි ඒජන්තවරයෙක්‌ ගැන හෙළි විය. මේ බව තානාපතිනිය වෙත වාර්තා වී නැතැයි ආරංචි මාර්ග පවසයි. මෙම කොටි ඒජන්තවරයා ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජිනීවාහි යුනිසෙෆ් කාර්යාලයට ඡායාරූප සපයා තිබූ බවද වාර්තා විය.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.