මංකඩ - මේ සතුට ඔබේ

සතියෙන් සතිය අලුත් වුවත් පළවෙද්දි මංකඩේ මීට පෙර පළවූ සමහර පුවත් මේ වන විට ඔබට අමතකවත් ඇති. ඒක තමයි දිනෙන් දින අලුත් වන මේ ධාවනකාරී සමාජ රටාවේ ස්‌වභාවය. නමුත් මේ කරුණු හැම දේකටම සාධාරණ නෑ. අපි එහෙම කියන්නේ එක හේතුවක්‌ නිසා. "අහෝ දෙවිඳුනි මෙදුක නිවන්න... ශීර්ෂ පාඨයෙන් මේ තීරුවේ පළවූ තුන් නිවුන් දරුවන්ගෙ සංවේදී කතාව ඔබට මතකද? මේ පුවත පළවෙලා කාලයක්‌ ගත වුණත් තවම මේ දරුවන්ගෙ දුක සැප බලන්න එන මිනිසුන් ඉන්නවා.

පසුගිය දවසක එහෙම හිතවතුන් පිරිසක්‌ මේ දරුවන්ගෙ නිවසට ගොඩවුණා. ඒ මධ්‍යම පළාත් මාර්ග ප්‍රවාහන සේවා අධිකාරියේ හිත හොඳ මහත්වරු. මේ දරුවන්ගෙ දුක්‌ බර කතාව මංකඩේ පළවූ දවසේ ඉඳන් ඔවුන්ගේ අනාගතය සුභදායි කරන්න ඒ අය වගේම කාරුණික වූ සිත් තවත් තියෙනවා. අන්න ඒ මොහොතෙද වර්වුසා ආයතනයේ නෝනල මහත්වරුන්වත් අමතක කරන්න බෑ. ඒ හැමෝටම මංකඩ වටා එක්‌රොක්‌ව සිටින හැමෝගෙන්ම තුති මල් පිදෙන බවත් මම දන්නවා.

දැන් මේ දරුවො ටිකත් ලොකුයි. කාලයක්‌ තිස්‌සේ නිවසින් පිටවෙලා හිටිය එයාලගෙ තාත්තත් ආයෙත් ගෙදර ඇවිල්ලා. කැදැල්ල එකතුවෙලා. කොයි තරම් සතුටක්‌ද? වඩා වැදගත්ම දේ අමතක කරන්න එපා. ඒ සතුට රැගෙන එන්න ඔබත් කොටස්‌ කාරයෙක්‌ වූ බව.

ඔහු හිතන විදියට හිතන්න

ගෙවුණු ළමා දිනයට ආසන්න දිනක පුවත්පත් කාච හා ලේඛනය පිළිබඳ වැඩමුළුවකදී එය මෙහෙය වූ ප්‍රධානියෙකු "මග හොද නම් සිටුවන ලද බීජයකින් විශාල ඵලයක්‌ අපේක්‍ෂ කළ හැකි" බව ප්‍රකාශ කළේය.

එය ඊට සහභාගි වූ දරුවන්ට විශාල ශක්‌තියක්‌ වූ බව පෙනෙන්නට තිබිණි. එහෙත් "තිලක්‌ කුමාර" ට මෙය තවදුරටත් සිතන්නට තරම් කාරණයක්‌ විය. ඔහු දිගින් දිගටම කල්පනා කළේය. සැබෑවය, බීජයක්‌ වපුල පසු ඉහළ පලයක්‌ ලැබිය හැකි බව සැබෑය. එහෙත් බීජය වපුල තැන ශුණ්‍ය භූමියක්‌ පවතීනම් කුමක්‌ කළ හැකිද?

තිලක්‌ එසේ සිතන්නට නිධන්ගත හේතුවක්‌ තිබිණි. ඒ හේතුව තුළ සැඟවුණු හද කකියවන කතාවක්‌ තිබිණි. එය කුමක්‌ දැයි අපි සෘජුවම නොකියමු. ඒ aaඔහු ඒ සියල්ල වැඩමුළුව අතරතුර අකුරු කර තිබූ හෙයිනි. ඔහු බොහෝ දේ ලියා ඇති මුත් වඩා වැදගත් වන සටහන පමණක්‌ මෙසේ මංකඩ තීරුවේ පළකරමු.

ඒ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන "තිලක්‌" බොහෝ දේ ගැන සිතන "ගැඹුර" වගකිව යුතු බොහෝ දෙනකුට නොවන බැවිණි. "තිලක්‌" සේම හිතන්න පුළුවන් දරුවන් සේම, වැඩිහිටියන්ද අපේ සමාජයට බිහිවේවායි අපගේ ප්‍රාර්ථනයයි. මේ තිලක්‌ගේ සටහනයි.

වීදියේ මල් කැකුළු............

ලොව වෙසෙන සෑම මිනිසෙකුට බලාපොරොත්තු තිබේ. නමුත් එම බලාපොරොත්තු සිහින මාත්‍රයක්‌ වී ගොස්‌ සමාජයේ ජීවත් වීමට පවා අයිතියක්‌ නොමැතිව මහ මඟට අවතීර්ණ වන මල් කැකුළු බොහෝය.

මහ පොළොවේ බීජයක්‌ සිටවූ පසු එහි විශාල ඵලයක්‌ අපේක්‌ෂ කළ හැකිය. නමුත් වීදි කොනක සිටුවන ලද පුංචි පැළයෙන් අපේක්‌ෂා කළ හැක්‌කේ සමාජයට වෛර කරන සමාජයට බියගුලු වූ හුදකලා වූ ගසක්‌ නොවේද?

මතුපිටෙන් පේන දැට වඩා සෑම දෙයකම ඇතුලාන්තය ගැඹුරුය. වීදි කොනක ජීවිතය ගත කරන කුඩා මල් කැකුලක ඇතුලාන්තය ගැන අවධානය යොමු කළ විට ලොව වෙසෙන කවර සංවේදී ජීවියෙකුගේ වුවද නෙත කඳුළක්‌ නොපිරේ නම් අරුමයකි.

තිලක්‌ කුමාර
බප/පිළි/ ශාන්ත මරියා විදුහල, දෙහිවල.

සිඟමන් යෑද්දත් අප්‍රසන්නම දේ...

දුම්රියේ සිඟමන් යෑදීම තහනම් කියල පුවතක්‌ පළවුණා ඔබට මතකද? ඒක හොඳ දෙයක්‌ කියා බොහෝ දෙනෙක්‌ කතා වුණා. ඒත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන බවක්‌ නම් පේන්න නෑ. නැති බැරි කමට සිඟමනේ ගොස්‌ හරි ජීවත් වීමට උත්සාහ දරන්නෙත් ඉන් බලහත්කාරයෙන් ඇද දැමීම හරිම අමානුෂික දෙයක්‌ තමයි. ඒත් මානුෂීය පැත්ත ගැන විතරක්‌ හිතල සමහර තීරණ ගන්න බැරි බව අපට තේරෙනවා. ඒ කොහොම උනත් නොවිය යුතු එකමදේ සිඟමන් යදින හැමෝම බලහත්කාරයෙන් හෝ නවත්වන එක නොවෙයි. අප්‍රසන්නම දේ අත දරුවො වඩාගෙන සිඟමන් යෑදීමට ඉඩ දෙනඑකයි.

පුංචි දරුවන් එක්‌ක මහ පාරට එන්නෙ ඒ දරුවන්ට වෙනත් රැකවරණයක්‌ නොමැති නිසා කියල කාට හරි කියන්න පුළුවන්. නමුත් ඒක එහෙමයි කියල හයක්‌ හතරක්‌ නොතේරෙන දරුවන්ට සිඟමනට අනියම් ආකාරයෙන් හෝ යොදා ගැනීම මහ පාපයක්‌. ඒ දිහා බලාගෙන ඇස්‌ කන් වහගෙන ඉන්න එකත් පාපයක්‌. පොදුවෙ රේල්ලුවෙ සිඟමන් යදින එක නොනවැත්තුවාට දොසක්‌ නෑ. ඒත් පුංචි දරුවොත් එක්‌ක සිඟමන් යෑදීම නම් නැවැත්විය යුතුමයි.

තවත් දෙයක්‌ ඔය පුංචි දරුවො කර තියාගෙන සිඟමන් යදින කොට නිකමට වගේ දරුවන්ගෙ මුහුණ දිහා බලන්න. බොහෝ විට ඒ දරුවො ඉන්නෙ නිදා වැටිල. ඒකට හේතුව තමයි පුංචි එවුන්ට පිරිටන් පෙති දෙන එක නිසයි කියල මග සමහරු කතාවෙනවා ඇහිල තියෙනවා. ඇත්ත නැත්ත බලන්න පරීක්‍ෂණ පවත්වන්න ගියේ නෑ. එහෙම දෙයක්‌ තියනවනම් අදාළ අය ඒ ගැන හොයන එක තමා හොඳ.

තිස්‌ස ගුණතිලක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.