උතුර නැගෙනහිර සිංහලයින් පදිංචි කරවීම

උතුර නැගෙනහිර අවතැන් වූ සිංහල ජනතාව යළි පදිංචි කරවීම රජය විසින් ආරම්භ කර ඇත. දැනට පවුල් ගණනාවක්‌ම (පන්සියයක්‌ පමණ) ඔවුන්ගේ මුල් පදිංචි වූ ඉඩම් ආපසු ලබාදෙන තුරු යාපනයේ දුම්රිය ස්‌ථානයේ තාවකාලිකව පදිංචිව සිටී. ඔවුන්ගේ මුල් ඉඩම් මහාවිරු පවුල්වලට එල්ටීටීඊය විසින් ලබාදී ඇත. රජයේ අමාත්‍යවරයකු වූ ඩග්ලස්‌ දේවානන්ද හා නියෝජ්‍ය කාරක සභා සභාපති එම්. චන්ද්‍රකුමාර් පවසන්නේ ඔවුන් ඉඩම් අල්ලා ගැනීමේ මුවාවෙන් පැමිණි අයවලුන් විය හැකි බවය. අවතැන්වූවන්ගේ සංවිධානයේ ලේකම් වූ ලලිත් පී. වික්‍රමසිsංහ පවසන්නේ ඔවුන් යාපනයේ ඉපදී එහි පදිංචිව සිට යුද්ධ ගැටුම් පැවති සමයෙහි මිහින්තලේ පදිංචිව සිටි බවය. කෙසේ හෝ යාපනයේ ප්‍රදේශවල සෑහෙන සිංහල ජනගහනයක්‌ වූ අතර, යාපනය නගරයේ සිංහල මහා විද්‍යාලයක්‌ ද තිබිණි. මෙම ලියුම්කරු රජයේ සේවකයකු වශයෙන් යාපනයේ සිංහල ගොවීන් සමග ද කිට්‌ටු සම්බන්ධතාවක්‌ ගොඩනඟාගෙන තිබිණි. සිංහල රජ දරුවන් දවස උතුර නැගෙනහිර ප්‍රධාන ජනගහනය වූයේ සිංහලුන්ය. යාපනය කෝට්‌ටේ රාජධානිය දවසේ ද අයත්ව තිබුණේ හයවන පරාක්‍රමබාහු රජතුමාටය. එම ප්‍රදේශය භාරව සිටියේ සපුමල් කුමාරයාය. ඔහු යාපනයේ ආක්‍රමණිකයන් පළවා හැරි බව සැලළිහිණි සංදේශය මෙසේ වර්ණනා කරයි.

නිල තුරඟට නැගෙමින් රිවි දෙව් සිරින

දුල කර සේසත් මිණි බරන කිරණින

බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන

බල සේනානායක සපු කුමරු එන

මේ සපුමල් කුමාරයා පසුව හය වැනි බුවනෙකබාහු නමින් රජ විය. නැගෙනහිර කොට්‌ඨශාර දිස්‌ත්‍රික්‌කයේ දෙවන වික්‍රමබාහු හා ඔහුගේ පුත් දෙවන ගජබාහු ද යන රජවරුන් මිහිදන් කළ දිස්‌ත්‍රික්‌කයයි. මෙම ප්‍රදේශය නූතනයේ මාවිල්ආරු බද කොට්‌ටියාර් පත්තුවය. දිගාමඩුල්ල නම් වූ නැගෙනහිර ප්‍රදේශය දීඝ නම් ආර්ය කුමාරයෙක්‌ එදා ගෝකන්න නම් වූ ත්‍රිකුණාමලයෙන් ගොඩ බැස මහවැලි නදී තීරය දිගේ නැගෙනහිරට ගොස්‌ ජනාවාස කළ ප්‍රදේශයයි. එදා ගෝකන්න, සිරිගෝකන්න, ශ්‍රී ගෝණපුර, ශ්‍රී ගෝනමලේ, ගෝනගමක පටුන ආදී නොයෙක්‌ නම් වලින් හැඳින්වූ ත්‍රිකුණාමලේ රටේ ප්‍රධාන නැව් තොට විය. පඬුවස්‌ දෙව් රජුගේ (505-474 ක්‍රි. පූ.) බිසව වූ භද්දකච්චායනා කුමරිය ඇතුළු රාජකීය දූත පිරිස මෙරටට ගොඩබැස්‌සේ ද මෙම වරායෙනි. ඉහතින් සඳහන් කළ දීඝවාපි ජනපදය ආරම්භ කළේ ද භද්දකච්චායනා බිසවගේ සහෝදරයා වූ දීඝ කුමාරයාය. අද මෙම ප්‍රදේශවල ද සිංහල ජනයාට අයත්ව තිබූ ඉඩම්වලින් සිංහලයින් පන්නා හැර දමන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බව විද්යුත් හා වෙනත් මාධ්‍ය තුළින් දැක ගතිමු. නැගෙනහිර ඕලන්ද වෙළෙඳ සමාගම හා උඩරට රජුන් අතර 1766 දී ගිවිසුම අත්සන් තබන විට මෙම ප්‍රදේශ සිංහල ජනගහනයක්‌ තිබූ ප්‍රදේශ විය. එම ප්‍රදේශ එදා හඳුන්වන ලද්දේ පුලියන්දුව හා ත්‍රිකුණාමලේ වශයෙනි. මැලේරියා වසංගතය හා වෙනත් ස්‌වාභාවික හේතූන් නිසා මෙම ජනගහනය දකුණු දෙසට සංක්‍රමණය වී ඇති බව පෙනේ. ගල්ඔය ජනපද ව්‍යාපාරයෙන් පසුව සිංහල ජනතාව පදිංචි කරවීමේ කිsසිදු ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට මහාමාන්‍ය ඩී. ඇස්‌. සේනානායක මැතිතුමාගෙන් පසුව පැමිණි රාජ්‍ය නායකයින්ට නොහැකි විය. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ද මහවැලි A හා D කලාප වැඩ නිමවා මිනිසුන් පදිංචි කරවීමට නොහැකි වූයේ එදා අමිර්තලිංගම් ප්‍රමුඛ රජිව් ගාන්ධිගේ ඉන්දීය රජය එයට විරුද්ධ වූ බැවිනි. හයෙන් පහක විධායක බලයක්‌ තිබූ කිසිම රාජ්‍ය නායකයකුට එම බලය යොදා මෙම ගැටලුව නිරාකරණය කිරීමට නොහැකි විය.

අවම වශයෙන් 1971 ජන සංඛ්‍යා ලේඛන අනුව හෝ මෙම දිස්‌ත්‍රික්‌කවල ජන සංයුතිය පාදක කොටගෙන අවතැන්වූවන් ආපසු එම දිස්‌ත්‍රික්‌කවල පදිංචි කළ යුතුය. මුලතිව් හා කිලිනොච්චි නම් නව දිස්‌ත්‍රික්‌ක ඇති කළේ මෙයින් පසුවය. මූල දීපයේ කුරුන්ද විහාරය පිහිටා ඇත. එය එකල සිංහල ගමකි.

1987 රජයේ සංගණනය අනුව මෙම දිස්‌ත්‍රික්‌කවල සිංහල ජනගහනය මෙසේ විය.

යාපනය 6659, මන්නාරම 8683, මුලතිව් 3932, මඩකලපුව 11262, ත්‍රිකුණාමලය 85503, වවුනියා 115794.



අවසාන වරට රජය ලබාගත් 2007 සංඛ්‍යා ලේඛන අනුව සමහර දිස්‌ත්‍රික්‌කවල පමණක්‌ සිංහල ජන සංයුතිය පහත සඳහන් පරිදි විය.

යාපනය 138, මඩකලපුව 2811, අම්පාර 228652, ත්‍රිකුණාමලය 84694.

සෙසු දිස්‌ත්‍රික්‌කවල සංගණනයක්‌ කිරීමට යුද ගැටුම් නිසා නොහැකි විය. එවකට රජයේ සංඛ්‍යා ලේඛන සහ කාර්ය ප්‍රධානියා වූ එල්. බී. ෙ-. ටර්නර් විසින් ජනසංඛ්‍යා ලේඛන ලබාගන්නා ලද්දේ වාර්ගික පදනමක්‌ යටතේය. එය වසර දහයකට වරක්‌ ගනු ලැබූ අතර 1911 හා 1921 සඳහා මෙසේ විය.



ඇස්‌. බී. කරල්ලියද්ද

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.