"විකිලීක්‌ස්‌" හෙළි කරන ඉරාක යුද්ධයේ ඇමරිකානු නිරුවත

වි කිලීක්‌ස්‌ වෙබ් අඩවිය අද ගූගල් වෙබ් අඩවිය තරම් ජනප්‍රියදැයි විටක සැක සිතේ. මන්ද අද ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසක්‌ විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය වෙතට පිවිසෙන්නට උත්සාහ කරන්නේ එයින් ඉරාකයේ ඇමරිකානු හමුදා නිරුමාතෘ මනාව පෙන්නුම් කර ඇති නිසාය. විකිලීක්‌ස්‌ වෙබ් අඩවියේ නිර්වාතත ජුලියන් ඇසෑන්- පසු පස මාධ්‍යකරුවෝ දිවයන්නේ මේ තොරතුරු කෙසේ සොයා ගත්තේද යන්න විමසීමටය. ඇත්තෙන්ම "විකිලීක්‌ස්‌" වෙබ් අඩවිය ඇමරිකානු යුද යාන්ත්‍රණය සසල කළ පළමු වතාව මෙය නම් නොවේ. මන්ද ඉකුත් ජුලි 25 වැනිදා මෙම වෙබ් අඩවිය මගින් ඇමරිකාව ඇෆ්ගනිස්‌ථානයේ සිදුකරන යුදAධයේ එහෙත් මෙතෙක්‌ හෙළි නොවූ රහස්‌ රැසක්‌ හෙළිකරනු ලැබීමෙන් ධවල මන්දිරය මෙන්ම පෙන්ටගනයද සසල විය.

Aටේබ උaර dස්‌රහ මැයෙන් ඇෆ්ගනිස්‌ථානයේදී ඇමරිකාව හා නේටෝ හමුදා සිදුකළ රහස්‌ මෙහෙයුම් පිළිබඳ ලිපිගොනු අනූඑක්‌දහසක්‌ ජුලි මාසයේදී එළිදක්‌වනු ලැබීය. මේ වාර්තාවල ඇමරිකානු විශේෂ බළකායේ මෙහෙයුම් ගැන තොරතුරුද ඇතුළත් විය. එදා විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය හෙළිකළ තොරතුරු පිළිබඳව අගෝස්‌තු 01 වැනිදා "දිවයින" පුවත්පතට "විකිලීක්‌ස්‌" මගින් හෙළි කළ ඇෆ්ගන් යුද්ධයේ කටුක ඇත්ත මැයෙන් ලිපියක්‌ ලිව්වෙමු. දැන් ජුලියන් ඇසෑන්- ඇතුළු කණ්‌ඩායම ඉදිරිපත්කර ඇත්තේ ඉරාක යුද්ධයේ කටුක ඇත්තයි. ඒ ගැන අප වහාම අවධානය යොමු කළ යුතුය.

බොහෝ බටහිර රටවල් 2009 මැයි මාසයේදී පුදුමාතලන් යුද මුක්‌ත කලාපයේදී සිදු වූයේ කවරක්‌දැයි වහ වහා පරීක්‍ෂා කළ යුතු යෑයි අවධාරණය කළද "විකිලීක්‌ස්‌" වෙබ් අඩවිය මගින් හෙළි කළ ඇෆ්ගනිස්‌ථානයේ මෙහෙයුම්වලදී සිදුවූ යුද අපරාධ නොඑසේනම් නිsරපරාදේ සාමාන්‍ය ජනයා ඝාතනය ගැන කිසිවක්‌ ප්‍රකාශ කළේ නැහැ. එහෙත් දැන් ඇෆ්ගනිස්‌ථානයේ යුද නිරුවත පමණක්‌ නොව ඉරාකයේද යුද නිරුවත පැහැදිලිව ලොවට හෙළිවී ඇත. ඇත්තෙන්ම ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළායින් පසුව මිය ගිය සාමාන්‍ය වැසියන් ප්‍රමාණය ලක්‍ෂ 6 කට වැඩි මිස අඩු නැත.

ඉකුත් ඔක්‌තෝබර් 22 වැනිදා ලෝක ඉතිහාසයේ හෙළිකරනු ලැබූ වැඩිම යුද වාර්තා ප්‍රමාණය විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය හරහා එළිදැක්‌විණි. ඔයෑ ෂර්q උaර ඛදටි මැයෙන් වූ මෙම වාර්තා 2004 ජනවාරි 01 වැනිදා සිට 2009 දෙසැම්බර් 01 වැනිදා දක්‌වා ලියවුණු ඒවාවේ. මෙම වාර්තාවල ඉරාක යුද්ධයේදී සිදුවූ මරණ 109032 තොරතුරු ඇතුළත්ය. එයින් 66081 දෙනෙක්‌ සාමාන්‍ය වැසියන් වන අතර 23984 ක්‌ ත්‍රස්‌තවාදීන් ලෙස වර්ගීකරණයට ලක්‌කර ඇත. මේ "විකිලීක්‌ස්‌" වෙබ් අඩවිය හෙළි කළ වාර්තා අනුව වසර හයක කාලයක්‌ තුළ සෑම දිනකම සාමාන්‍ය වැසියන් 31 දෙනා බැගින් ඝාතනය වී තිබේ. ඇෆ්ගනිස්‌ථානයේ යුද වාර්තාවලින් හෙළි වූයේ සාමාන්‍ය වැසියන් විසිදහසකගේ මරණ ගැන තොරතුරුය. එහෙත් ඉරාකයේ එම ප්‍රමාණය ඇෆ්ගනිස්‌ථානයට වඩා පස්‌ගුණයකින් ඉහළය.

ඔක්‌තෝම්බර් 22 වැනිදා "විකිලීක්‌ස්‌" වෙබ් අඩවිය හෙළි කළ රහස්‍ය ඇමරිකානු යුද වාර්තා ප්‍රමාණය ලක්‍ෂ හතරකි. ජුලියන් ඇසෑන්- පවසන්නේ මේවාර්තා හරහා ඇමරිකානු ආක්‍රමණයෙන් පසු සැබවින්ම ඉරාකයේ සිදු වූයේ කුමක්‌ද යන්න පිළිබඳ තොරතුරු ලොවට ප්‍රකාශ වන බවයි. යුද්ධය ආරම්භ වෙද්දීම පළමුව සත්‍යයට ප්‍රහාරයක්‌ එල්ලවන බව පවසන ජුලියන් මේ වාර්තා ලබාගන්නේ කෙසේද කාගෙන්ද යන්න කිසිවිටකත් හෙළි නොකරන බව කියයි. "විකිලීක්‌ස්‌" වෙබ් අඩවිය මේ වාර්තා නිකුත් කළ පසු ඉරාකයේ වර්තමාන අගමැති නූර් අල් මල්කි මේවා ප්‍රතික්‍ෂේප කළේය. ෂියා මුස්‌ලිම්වරුන්ගේ බලය යොදා ගෙන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නට යන මලිකිට මෙම වාර්තා වහ කදුරුවී ඇතත් සුන්නි මුස්‌ලිම්වරුන්ගේ සහාය ලබන ඉරාකයේ හිටපු අගමැති ඉයාඩ් අලාවි පවසන්නේ මේ රහස්‌ හෙළිකිරීම තමන්ගේ පාර්ශ්වයට ශක්‌තියක්‌වූ බවයි. ඉරාකයේ දේශපාලකයෝත් "විකිලීක්‌ස්‌" වාර්තා නිසා අන්දමන්දවී ඇති බව නම් සත්‍යයකි.

"විකිලීක්‌ස්‌" හෙළි කළ එක්‌ වාර්තාවක්‌ අනුව භාරවීමට පැමිණි ඉරාක සටන්කාමීන් පිරිසකටද ඇමරිකානු හෙළිකොප්ටර් මගින් වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම හෙළිකොප්ටරයේ වෙඩික්‌කරුවන්ගේ ප්‍රහාර වලින් මීට ප්‍රථම රොයිටර් වාර්තාකරුවන් දෙදෙනකුද ඝාතනය වූ බව "විකිලීක්‌ස්‌" හෙළිකරයි. මේ වාර්තා අනුව බැග්ඩෑග් නුවරට සැතපුම් 75 ක්‌ උතුරින් පිහිටි සමාරා නගරයේ ඇමරිකානු හමුදා කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් වැසියන් ප්‍ර්‍රශ්න කිරීම සඳහා ලබාදී ඇත්තේ ඉරාක වෘක බළකායටයි. මොවුන් තමන් වෙත ගෙන එනු ලබන සිරකරුවන් දැඩි වධබන්ධනවලට ලක්‌කර ඇත. එමෙන්ම ඉරාක බලධාරීන්ගේ වධ කඳවුරු ගැන කිසිදු පරීක්‍ෂණයක්‌ නොකරන ලෙස ඇමරිකානු හමුදා මගින් නියෝග නිකුත් කර තිබූ බවත් මේ වෙබ් අඩවිය හෙළි කර ඇත.

2003 දී ඇමරිකානු ආක්‍රමණය සිදුවූ පසු ඉරාකයේ ස්‌ථාන ගතකර තිබූ ඇමරිකානු මුරපළකදී සාමාන්‍ය වැසියන් හයසියයක්‌ ඝාතනය කළ තොරතුරුද ජුලියන්ගේ වෙබ් අඩවිය හෙළි කර ඇත.

විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය ඇෆ්ගනිස්‌ථානය පිළිබඳ රහස්‌ තොරතුරු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් මේ තොරතුරු හෙළිකරන්නේ සමස්‌ත මනුෂ්‍ය වර්ගයාගේම යහපත වෙනුවෙන් බවයි. 2004 සිට 2010 දක්‌වා ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්‌ථානයේදි මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කළ අපරාධ ඉකුත් ජුලි 25 වැනිදා හෙළි කළ "විකිලීක්‌ස්‌" දැන් මේ ඔක්‌තෝබර් මාසයේදී ඉරාකයේදී ඇමරිකානු හමුදා එරට පුරවැසියන්ට එරෙහිව සිදු කළ මහා අපරාධ රැසක්‌ ලොවටම හෙළි කර ඇත. ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය තිබුණා නම් මෙපමණ සාමාන්‍ය වැසියන් ප්‍රමාණයන් ඝාතනය වන්නේ නැත. ඉරාකය පමණක්‌ නොව සමස්‌ත මැදපෙරදිග කලාපයම අර්බුදයට ලක්‌වන්නේ නැහැ. ඇත්තෙන්ම "විකිලීක්‌ස්‌" හෙළි කළ තොරතුරු අනුව ඇමරිකානු ආක්‍රමණිකයා තමන්ට කළ විනාශය ගැන නැවතත් වඩා හොඳ චිත්‍රයක්‌ ඉරාක වැසියන්ට මවාගන හැකිවනු ඇත. එමෙන්ම "සදාම්" ජනපතිකමේ හිටියානම් කොපමණ හොඳ දැයි ඔවුන් නැවත නැවතත් කල්පනා කරනු ඇත.

චතුර පමුණුව
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.