ධර්මාචාර්ය ගුරු පත්වීම් බුද්ධ ජයන්තිය සමරන දා දෙමු

දහම් පාසල් ගුරුවරයා යනු ලාභ ප්‍රයෝජනවලින් තොරව කටයුතු කරන සමාජයට වැඩදායී පුරවැසියකි. සමාජය යහමඟට ගෙන යා හැකි ගුණ ධර්මවලින් පරිපූර්ණ එම ගුරුවරයාට නිසි වටිනාකමක්‌ ලබාදීම කාලීන සමාජ වගකීමකි.

වර්තමාන රජයේ අදහසක්‌ අනුව ජනාධිපතිතුමාගේ අදහසක්‌ අනුව කැබිනට්‌ අනුමැති පවා හිමිවුණු ඉහත පත්වීම්, "2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය" ට සමගාමීව ලබාදෙන්නේ නම් දහම් ගුරුවරයාට, සමාජයට යහපතක්‌ම එතුළින් ඉටුවෙයි.

වර්තමානයේ දහම් පාසල්වල ඉගැන්වීම්වල නිරත ධර්මාචාර්ය සමත් ගුරුවරුන් ඇත්තේ ඉතාම අතළොස්‌සකි. එවැනි වටිනාකමක්‌ ඇති ගුරුවරයාට උසස්‌ පෙළ සමත්, ධර්මාචාර්ය සමත් ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීම තුළින් දරුවන්ගේ සාරධර්ම, ඉහළ නැංවීමක්‌ ද එතුළින් බලාපොරොත්තු වීමට පුළුවන.

දේශප්‍රිය බණ්‌ඩාර
මහනුවර.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.