ජනාධිපතිතුමනි අපි විශ්වාසයෙන් යුතුව බලාසිටින්නෙමු

අනුපමේය ජාතික මෙහෙවරක යෙදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බවට පත්ව සිටින විශ්‍රාමිකයන්ගේ දහසකුත් එකක්‌ ප්‍රශ්න පිළිබඳව ඔබතුමාට සුවිශේෂ අවබෝධයක්‌ ඇති බව දනිමු. 2006 ට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාව නිසා ඔවුන්ට අසාධාරණයක්‌ සිදුවී ඇති බව ද ඔබතුමා පිළිගත් කරුණකි.

සියලුම රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප 2006 වසරේ වැටුප් ක්‍රමයට ගැලපෙන අයුරින් සකස්‌කොට මීළඟ අයවැයේ සිට ක්‍රියාත්මක කරන බවට "මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" තුළින් ඔබතුමා ශපථ කර ඇත්තේ ඒ පිළිගැනීම මතය.

"මීළඟ අයවැය" අත ළඟය. අපි විශ්වාසයෙන් යුතුව බලා සිටිමු.

රාජා මඩිගේපොල
යක්‌විල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.