එජාපයෙන් "ග්‍රාම සේනා" තරුණ බළකායක්‌

පියසේන දිසානායක

එක්‌සත් ජාතික පක්‍ෂය "ග්‍රාම සේනා" නමින් දස දහසක (10,000) ගෙන් සමන්විත නව තරුණ බළකායක්‌ ගොඩනැඟීමට සැලැසුම්කොට ඇත.

මැතිවරණ කොට්‌ඨාස මට්‌ටමින් සිය පක්‍ෂය මේ වන විට ආරම්භ කර තිබෙන "ග්‍රාම චාරිකා" වැඩපිළිවෙළෙහි අවසන් අදියරත් සමග ග්‍රාම සේනා බළකාය ගොඩනඟන බව ග්‍රාමචාරිකා වැඩපිsළිවෙළෙහි සම්බන්ධීකාරක ශිරාල් ලක්‌තිලක මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සහ පක්‍ෂයේ සෙසු නායකයන් හා ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් මහ මැතිවරණ කොට්‌ඨාස හතක්‌ ආවරණය වන පරිදි ග්‍රාම චාරිකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට ඉන් අනතුරුව එහි දෙවන පියවර ආරම්භ කෙරෙන බව හෙතෙම කීය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පාක්‍ෂිකයන් දිරිමත් කර ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමේ අරමුණින් දියත් කළ මෙම ග්‍රාම චාරිකා වැඩසටහන අතරතුර ග්‍රාම සේනා තරුණ බළකාය පිහිටුවීමට ද පියවර ගන්නා බව පවසන ලක්‌තිලක මහතා එජාප ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීම සඳහා ඒ සියලු බලවේග යොදන බවද වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.