උතුරේ ඉඩම්වල ඔප්පු කොටි විනාශ කරලා!

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

යාපනය මන්නාරම වව්නියාව කිලිනොච්චිය සහ මුලතිව්හි ඉඩම් ලියාපදිංචි කාර්යාලවල තිබූ ඉඩම් ඔප්පු විශාල තොගයක්‌ කොටි සංවිධානය විසින් විනාශ කිරීම ගැන ආරක්‍ෂක අමාත්‍යංශය විසින් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

කොටින්ගේ මෙම නීතිවිරෝධී ක්‍රියාදාමය ගැන එම ප්‍රදේශවල එවකට සිටි රජයේ දිසාපතිවරු හා ඉඩම් නිලධාරීන් විසින් රජයට හා ආරක්‍ෂක අංශවලට දන්වා නැතැයි ද හෙළි වී තිබේ. මෙලෙස නිත්‍යානුකූල ඉඩම් ඔප්පු විනාශ කර එම ඉඩම් මියගිය කොටි ත්‍රස්‌තයන්ගේ පවුල්වලට ලබාදී ඇත. ඊට අමතරව කොටින්ට උපකාර කළ ඇතැම් ව්‍යාපාරිකයන්ටද එම ඉඩම් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

පසුගියදා මෙරටට පැමිණි කැනඩා බ්‍රිතාන්‍ය හා ජර්මනියේ පදිංචි ද්‍රවිඩ පවුල් රැසක්‌ උතුරට ගොස්‌ තම ඉඩකඩම් ගැන සෙවීමේදී කොටින්ගේ මෙම ක්‍රියාදාමය ගැන හෙළි වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.