කොකාවිල් කුළුණ යළි ඉදි කරයි

ප්‍රභාත් විතාන

කොටි ත්‍රස්‌තවාදීන් විසින් විනාශ කරන ලද කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇත. රුපියල් මිලියන 270 ක වියදමින් ඉදිකරන ලද මෙම සම්ප්‍රේෂණ කුළුණෙන් උතුරු පළාතට අවශ්‍ය සන්නිවේදන පහසුකම් ලබාදීමට හැකවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය.

මීටර් 172 ක උසින් යුතු මෙම සම්ප්‍රේෂණ කුළුණ ශ්‍රී ලංකාවේ උසම සම්ප්‍රේෂණ කුළුණ මෙය වේ.

දැනට විකාශය වන රූපවාහිනි සහ ගුවන් විදුලි සේවා උතුරු පළාතට ලබාදීමට අවශ්‍ය කටයුතු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ සිදුවිය යුතු බවත් අනිකුත් සියලුම සන්නිවේදන පහසුකම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ලබාදෙන බවත් පැල්පිට මහතා වැඩිදුරටත් කියා සිටියේය.

1990 ජුලි 11 වැනිදා කොටි ත්‍රස්‌තවාදීන් විසින් කොකාවිල් සම්ප්‍රේෂණ කුළු සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති අතර පසුගිය වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව වසර 20 කට පමණ පසුව නැවත වරක්‌ උතුරු පළාතේ ජනතාවට මෙමගින් සන්නිවේදන පහසුකම් ලබාදීමට හැකියාව ලැබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.