2600 සම්බුද්ධ ජයන්තියට සියලූ රටවල පන්සල් ඉදිකරයි

ලසිත දුමින්ද

එළඹෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියත් සමග ලෝකයේ සියලුම රටවල බෞද්ධ වෙහෙර විහාරස්‌ථාන ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත.

මේ සඳහා වූ කටයුතු සිදු කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමින් සාකච්ඡා අරඹා ඇති බව අගමැති සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ ඇමැති දි. මු. ජයරත්න මහතා"දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

ලෝකයේ බෞද්ධ රටවල එම රටවලට ආවේණික බෞද්ධ වෙහෙර විහාරස්‌ථාන ඇති බව සඳහන් කළ අගමැතිවරයා අනෙකුත් රටවලද එවැනි වෙහෙර විහාරස්‌ථාන ස්‌ථාපිත කිරීම එහි අරමුණ බවද කීවේය.

එසේම ශ්‍රී ලංකාවේ සියලුම සර්ව ආගමික මධ්‍යස්‌ථාන එකවර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බවත් එවැනි දෙයක්‌ ක්‍රියාත්මක වන්නේ පළමු වරට බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.