ලන්ඩන් සටහන්
සුජීව නිවුන්හැල්ල

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ  නිදහස්‌ පරීක්‍ෂණයක්‌ ඕනෑ
බ්‍රිතාන්‍ය අගමැති

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ නිදහස්‌ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පසුගිය බදාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මිඩම් සහ මෝඩන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සිබෝන් මැක්‌ඩෝනා අගමැතිවරයාගෙන් ප්‍රශ්නයක්‌ අසමින් කියා සිටියේ බෙල් පොටින්ජර් ආයතනය ශ්‍රී ලංකාවට සුදු හුනු ගෑමට උත්සාහ කළත් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ නවතම වීඩියෝ දර්ශන සහ ඡායාරූප ලැබෙන්නට පටන්ගෙන තිබෙන නිසා ඒ පිළිබඳ නිදහස්‌ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු නොවේදැයි යනුවෙනි.

එයට පිළිතුරු දුන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියේ මෙම ඡායාරූප මාධ්‍ය මගින් එළිදැක්‌වීමට පටන්ගෙන තිබෙන නිසා සත්‍ය තත්ත්වය අවබෝධ කරගැනීමට නම් නිදහස්‌ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවයි.

උඩුවේ ධම්මාලෝක හිමි ලන්ඩනයේ

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පසුගිය සතියේ ලන්ඩනයට වැඩම කළහ.

උන්වහන්සේ ලන්ඩනයට වැඩම කළේ කිංස්‌බරිහි සද්ධාතිස්‌ස බෞද්ධ මධ්‍යස්‌ථානයේ කඨ§න පිංකමට සහභාගි වීමටය.

කඨ§න පිංකමට පෙර ඔක්‌. 23 වැනි සෙනසුරාදා සවස අටවිසි බුද්ධ පූජා පිංකමක්‌ද ධම්මාලෝක හිමියෝ පැවැත්වූහ.

කඨ§න පිංකම පැවැති 24 වැනි ඉරිදා කඨ§නානිසංස ධම_ දේශනය පවත්වන ලද්දේ ද ධම්මාලෝක හිමියෝය.

මෙම පිංකමට ශ්‍රී ලංකාවේ සිට අකුරැටියේ නන්ද හිමියෝද වැඩම කර සිටි අතර පිංකම සාර්ථකව සංවිධානය කර තිබුණේ සද්ධාතිස්‌ස බෞද්ධ මධ්‍යස්‌ථානයේ විහාරාධිපති ගලයායේ පියදස්‌සි ස්‌වාමින් වහන්සේය.

අන්තර් ආගමික අධ්‍යයන සමුළුවක්‌

එක්‌සත් ජාතීන්ගේ සංගමයේ අධ්‍යාපන හා සංස්‌කෘතික අනුමණ්‌ඩලය (යුනෙස්‌කෝ) මගින් ස්‌පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේදී අන්තර් ආගමික සමුළුවක්‌ මෙම මස 20-27 දිනයන්හි පැවැත්විණි.

මෙම සමුළුව සඳහා එක්‌සත් රාජධානිය, ඇමෙරිකා එක්‌සත් ජනපදය සහ ස්‌පාඤ්ඤය යන රටවල ප්‍රධාන ආගම් හතක නායකයෝ සහභාගි වූහ.

මෙම අධ්‍යයන සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ බහුතරය කතෝලික ආගමිකයන් වන ස්‌පාඤ්ඤයේ ක්‍රිස්‌තියානි, යුදෙව්, බෞද්ධ, හින්දු, ඉස්‌ලාම්, සික්‌ සහ බහායි යන ආගම් සමග ඔවුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කිරීමයි.

යුනෙස්‌කෝ කැටලෝතියා ශාඛාව මගින් මෙහි සංවිධාන කටයුතු සිදු කෙරුණු අතර ආගමික නායකයෝ ඉහත සඳහන් සියලුම ආගම්වලට අයත් ප්‍රධාන ආගමික ස්‌ථාන නැරඹූහ.

ඔවුන් කැටලෝතියා රජයේ රාජ්‍ය නිලධාරීන්ද, දේශපාලනඥයන්ද හමුවී සාකච්ඡා කළහ.

මෙම සංචාරය සඳහා යුනෙස්‌කෝ ආරාධනයෙන් බුදු දහම නියෝජනය කරමින් ස්‌කොට්‌ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කඹුරාවල රේවත නාහිමියෝ සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.