ශ්‍රී සම්පත් ළඟා කරන ගස්‌වැල්

ගමක - රටක - නිවසක සෞභාග්‍යය උදා කර දෙන බොහෝ වස්‌තූන් අතර ගස්‌වැල්වලට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. මේ බව නොදැන හෝ පැරණි කියමන් අවඥාවට පත් කරමින් හෝ වර්තමාන ලංකාවාසීන් ස්‌වභාව ධර්මයේ නීතිරීති උල්ලංඝණය කරමින් ක්‍රියා කිරීම් මත උද්ගතව ඇති ප්‍රශ්න රාශියකි. ඉතා වටින කියන සතා සිවුපාවාගේ පක්‍ෂින්ගේ වඳ වී යාමත් - පරිසර දූෂණය වීම විවිධාකාර පුදුම සහගත ලෙඩවලින් සමාජය පීඩාවට හසුවීමත් මිනිසාට අත්‍යවශ්‍යම වු ඖෂධ වර්ග සමුගැන්මත් ආදි ව්‍යසනයන්ට ගොදුරුව ඇති නූතන සමාජයට උග්‍ර ජල හිඟයනටද ඇතැම් විට මුහුණ පාන්න සිදුව ඇත.

මෑත භාගයේ ලංකාවේ අමුතුම වර්ගයේ බුද්ධිමතුන් දාර්ශනිකයන් - පණ්‌ඩිතයන් පිsරිසක්‌ බිහි වී අවිචාරයෙන් පෙරදිග විද්‍යාවන්ට ගරහමින් ඕවා බොරු - හණ මිටි යුගයේ අදහස්‌ ග්‍රහයන්ට හැකිද දෛවය වෙනස්‌ කරන්න. ආදී වශයෙන් විවිධ මත සමාජයේ විචාරයෙන් තොරව පැතිරවීම මත සිද්ධ වු හානිය සුළුපටු නොවේ.

පරගැති වහල් චින්තනයන් නිසා ගස්‌ වැල් වලටද සදහටම සමුගන්න සිදු වුණි. - ඒ අනුව කර්පන්ටයින් µයිනස්‌ ගස්‌ - යෝධ නිදිකුම්බා ආදිවශයෙන් නිසරු ගස්‌වලින් අපේ භූමිය නිසරු කර දමා සතා සිවු පාවා පක්‍ෂින්ටද උන්හිටි තැන්ද අහිමි කරවීය.

මුදල් උපයන - සම්පත් ළඟා කරදෙන යන්ත්‍ර බවට අපේ වනාන්තරපත් විය. සාවෝ - මුවෝ - ගෝනු ඇත්තු පක්‍ෂින්ද ආදි වශයෙන් අපේ වසර දහස්‌ ගණනක්‌ පැවැති අපට සැපය සුවය සැලසූ සම්පත් සදහටම සමුගති, ඉනුදු නොනැවතුන මොවුන් ගෞරවණීය ජීවිතයක්‌ ගත කළ හෙළ කතුන්ද මැද පෙරදිගට විකුණ මින් ජයට ධනය උපයන කදිම යන්ත්‍ර බවට පත් කරගති.

.එනිසා දැන්වත් දේශීය ආචාර ධර්ම හෝ දේශීය විද්‍යාවන් අවිචාරවත් ලෙසට විවේචනය කරමින් බැහැර නොකළ යුතුය. අවඥාවට පාත්‍ර නොකළ යුතුය.

පෙර ඉසිවරුන් - ගස්‌කොලන් පිළිබඳව ප්‍රකාශ කර ඇති සාරවත් අදහස්‌ විචාර බුද්ධියෙන් යුතුව පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කළ යුතුය. සෞභාග්‍ය උදෙසා පෙර පඬිවරුන් විසින් අපට දායාද කළ වෘක්‍ෂ ලතාවන් පිළිබඳව තොරතුරු බිඳක්‌ දක්‌වමි. නීතියෙන් තොර සදාචාර සම්පන්න ජීවිතයකට නීතියෙන් තොරව පරිසරය ආරක්‍ෂා කර ගැනීම සඳහා පලදාවලිය නම් පැරණී පොතේ මෙයාකාරයෙන් කරුණු හෙළි කරයි.


"බුරුත ගොදිව් ළඳු පියලිත් එඊතන

වැවෙන යම් බිමක එහිගේ නැගුවො තින

රජත රුවන් ගම මිනිසුන් සිරි නොමින

ලැබෙන අඹුදරුවනුත් නිරො බව ලැබ සොඳින"


අන්දර දෙමට සූරිය සහ කැට කෑල

සුන්දර ලෙස වැවුණු බිම ගෙහි විසූ කල

ගම්බිර විලස ගවයින් බෝව සැම කල

සුන් කර යකුන්ගේ බිය සුභවේ සියල

පලදාවලිය - දෛවඥ කාම දේනුව නම් ග්‍රන්ථ ආශ්‍රිතව වෘක්‍ෂ ලතාදියෙන් ලැබෙන සුබා සුබ මෙසේ කැටිකර මදක්‌ දක්‌වමි.

සැවන්දරා - බෝ - මාරා වැවෙන භූමියෙහි වාසය කිරීමෙන් - ආයුෂ සැප සම්පත් ළඟාවේ.

පුලිල - දෙළුම් - හෝපළු - පලොල් - මුහුනමල් - මිදි- බඳු - වද කොසොඹ - පුවක්‌ - පොල් - බෝලිද්ද - පනා - නෙල්ලි - සීනුක්‌ නෙළුම් - සමන් - මහනෙල් - සාදික්‌කා - දොඩම් - කෙසෙල් වැටකේ - ගෙමුදුලෙහි වගා කිරීමෙන් ශ්‍රී සම්පත් - නිරෝගී බව - තේජස පැතිරෙන බවත් සඳහන්ය. මේ වෘක්‍ෂ වගා කිරීමේදී ඒ ඒ දිශා නිවසට ඇති දුර ආදිය ගැන විශේෂ අවධානයට යොමු විය යුතුය. නාගරික වැසියනට මේවා බොන්සෝයි ක්‍රමයට වගා කරගත හැකිය.

තවද මදක්‌ වෘක්‍ෂලතාදිය ගැන පවසමු. මී වෘක්‍ෂ බහුල ගම තුළ ගෝධුම මැණික බහුලවේ - අසෝක වෘක්‍ෂ බහුල ගම තුළ රං රිදී මුතු මැණික්‌ බහුල වේ. - ඉඟිනි මදටිය බහුල ගම තුළ - රිදි - මුතු- ශක්‌ බහුල වේ - හබරල එරඬු - බහුලව වැවීමෙන් ගම තුළ ඇතුන්ගේ බෝවීම සිදුවේ, පලොල් වෘක්‍ෂ බහුල ගමතුල ගවයින්ගේ බෝ වීම සිදුවේ, බඳුවද ධාන්‍ය සුලබ කරේ සපුගස්‌ බහුලව ගම තුළ රත්‍රං බහුලවේ, - වතුසුද්ධ බහුල ගම තුළ වෛධුයර්ය මැණික්‌ බහුල කරේ - රත්ගිරිතිල්ල බහුල ගම තුළ දියමන්ති බහුල වේ - රතු නෙළුම් බහුලව වගා කිරීමෙන් රජ ඇමැති වරුන්ගේ කීර්තිය පැතිරේ - නිල් මහනෙල් බහුලව වගා කිරීමෙන් රජ මැතිඳුන්ගේ කීර්තිය පැතිරේ - නිකගස්‌ බහුල ගම තුළ මුතු බහුල වේ.

කිතුල්ගොල්ලේ අනුරුද්ධ මහා ස්‌ථවීර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.