අන්තර් ජාතික ආසියා ශාන්තිකර පරිගණක
මෘදුකාංග තරගාවලියෙන් කොළඹ සරසවියේ
පරිගණක අධ්‍යයනායතනයට සම්මානයක්‌



අන්තර්ජාතික ආසියා ශාන්තිකර තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සන්ධානය APICTA විසින් පවත්වනු ලැබූ විශිෂ්ටතම පරිගණක මෘදුකාංග සඳහා සම්මාන පිරිනමන APICTA -2010 ජාත්‍යන්තර තරගාවලියෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (ඹCSC) කුසලතා (පැරසඑ) සම්මානයක්‌ දිනාගෙන ඇත. මෙම සම්මානය හිමිව ඇත්තේ UCSC ආයතනය එම තරගාවලියට ඉදිරිපත් කළ "විදුසයුර" (Vidusayura) නමැති සමුද්‍ර සහ නාවික විද්යුත් අධ්‍යාපන පරිගණක මෘදුකාංගයටයි. APICTA -2010 ජාත්‍යන්තර තරගාවලියේ සමස්‌ත ජයග්‍රාහකයන්ගේ සංඛ්‍යාව 160 කි. වැඩිම සම්මාන ප්‍රමාණයක්‌ දිනා ගත්තේ ඕස්‌ටේ්‍රලියාව, මැලේසියාව සහ සිංගප්පූරුවයි. APICTA -2010 ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාවට කුසලතා සම්මාන හතරක්‌ හිමිවිය. APICTA ආයතනය විසින් සාර්ථක 10 වැනි වතාවට සංවිධානය කරන ලද මෙම තරගාවලියේ සම්මාන ප්‍රදාන උත්සවය මැලේසියාවේ ක්‌වාලාලම්පූර්හිදී පසුගියදා පැවැත්විණි.

APICTA -2010 ජාත්‍යන්තර තරගාවලියේ කුසලතා සම්මානයක්‌ දිනාගත් "විදුසයුර" සමූද්‍ර සහ නාවික අධ්‍යාපනය සඳහා තාත්වික ඉගෙනීම සහ පුහුණු පරිසරයට සම්බන්ධ මෘදුකාංගයකි. එය සුළඟ, මුහුදු රළ, දියවැල් යනාදී අයහපත් මුහුදු පරිසරයක ආදර්ශ නාවික අභ්‍යාසයකට ඉඩ සලසයි. "විදුසයුර" ගාලු වරායේ නාවික යාත්‍රා පුහුණුවට සහ නෞකා චලන අධ්‍යයනයට පාවිච්චි කරයි.

තොරතුරු තාක්‍ෂණ වරලත් ආයතනයෙහි (බ්‍රිතාන්‍ය පරිගණක සමාජය-BCS ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද, පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති විශිෂ්ටතම පරිගණක මෘදුකාංග සඳහා සම්මාන ප්‍රදානය කරන 2010 ජාතික තරගාවලියෙන් NBQSA -2010 "විදුසයුර" මෘදුකාංගයට අධ්‍යාපන සහ පුහුණු කාණ්‌ඩයෙන් රන් (ටදකා) සම්මානයක්‌ද, සමස්‌ත කාණ්‌ඩයෙන් ලෝකඩ Bronze සම්මානයක්‌ද හිමි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.