|
|
|
|

අනාගත ලෝකයට අවශ්‍ය ICT වෘත්තිකයන්
බිහි කිරීම අපේ අරමුණයි
මහාචාර්ය ගිහාන් වික්‍රමනායක
අනාගත ලෝකයට අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ (ICT)
වෘත්තිකයන් බිහි කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක
අධ්‍යයනායතනයේ (UCSC) ප්‍රධාන අරමුණ බව, එහි අධ්‍යක්‌ෂ
මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවැසුවේ
UCSC ආයතනයට වසර 25 ක් පිරීම නිමිත්තෙන්. එම ආයතනය විසින්
සංවිධානය කරන IFO++ තොරතුරු තාක්‌ෂණ සහ පරිගණක විද්‍යා
ප්‍රදර්ශනය පසුගියදා විවෘත කරමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ගිහාන් වික්‍රමනායක - "අපේ
රටේ ICT උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුරෝගාමී කීර්තිමත්
ආයතනයක් වන UCSC එක මේ වසරේ එහි 25 වැනි සංවත්සරය සමරනවා. IFO++
ප්‍රදර්ශනය සංවිධානය කළේ ඒ වෙනුවෙන්. පසුගිය වසර 25 දී UCSC එක
ICT වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් බිහි කරලා තියෙනවා. ඔවුන්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කීර්තිමත් ආයතනවල ඉහළ
තනතුරු දරනවා. ඔවුගෙන් ICT ක්‍ෂේත්‍රයට වගේම රටේ ආර්ථික
සංවර්ධන ක්‍රියාවලියට ලැබෙන දායකත්වය අති විශාලයයි. පසුගිය
දශකයට වඩා හත් අට ගුණයක ICT වෘත්තීයන් ප්‍රමාණයක් ඉදිරි දශකය
සඳහා ලෝකයට අවශ්‍ය වෙනවා. ඊට හේතුව නූතන දැනුම් ආර්ථිකයේ පදනම
බවට ICTක්‍ෂේත්‍රය පත්ව තිබීමයි. ඉදිරි දශකයේUCSC එකේ කාර්ය
භාරය සහ ප්‍රධාන අරමුණ ලෝකයට අවශ්‍ය මේ ICT වෘත්තිකයයන්
තැනීමයි. මේ සඳහා අපි UCSC එක අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව
පවත්වාගෙන යනවා."
"ගතිකත්වය මගින් නව්‍යකරණය" යන තේමාව යටතේ පැවැත්වුණු IFO++
තොරතුරු තාක්‌ෂණ සහ පරිගණක විද්‍යා ප්‍රදර්ශනය පර්යේෂණ
ව්‍යාපෘති, නව්‍යකරණ ව්‍යාපෘති, රොබෝ විද්‍යාව, අධ්‍යාපනය,
පරිගණක ක්‍රීඩා, ෂඔ වෘත්තිකයන්ගේ සමුළු, ICT සම්මන්ත්‍රණ,
පරිගණක කෞතුගාර යනාදියෙන් සමන්විත වූ අංග සම්පූර්ණ එකකි. දින
තුනක් පැවැති ප්‍රදර්ශනය එක් එක් දිනවල විශේෂ ආරාධනා ලැබූ
රජයේ අමාත්‍යාංශවල සහ ICT කර්මාන්තය නියෝජනය කරන ප්‍රධානීහු
විවෘත කළහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ 25 වැනි සංවස්‌තරය
මේ වසරට යෙදී ඇති අතර ඒ නිමිති කරගෙන වසර පුරාම විවිධ වැටසටහන්
ක්‍රියාත්මක කරයි. ජාතික සහ අන්තර්ජාතික සමුළු, වැඩමුළු,
සම්මන්ත්‍රණ, මහජනතාව දැනුවත් කරන දේශන, ඒ අතර ප්‍රධාන තැනක්
ගනී. UCSC ආයතනය IFO++ ප්‍රදර්ශනය සංවිධානය කළේ ද 25 වැනි
සංවත්සරය වෙනුවෙනි. පාසල්වල අ.පො.ස. සාමාන්‍ය පෙළට, උසස් පෙළට
ICT විෂය හදාරන සිසුන් සහ එම විෂය උගන්වන ගුරුවරුන් විශාල
පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර ඔවුන් වැඩමුළු සහ
සම්මන්ත්‍රණවලට ද සහභාගි වූහ. ICT ක්‍ෂේත්‍රය පිළිබඳ තරුණ
පරපුර දැනුවත් කිරීම, ICT උපාධි අපේක්‌ෂකයන්ට ඔවුන්ගේ
නිර්මාණශීළීත්වය සහ හැකියාවන් පෙන්වීමට අවස්‌ථාවක් සැලසීම.
ICT කර්මාන්තය නව්‍යකරණය, ICT උසස් අධ්‍යාපනයේ පුරෝගාමී උසස්
අධ්‍යාපන ආයතනයක ජාතික මෙහෙවර ඉෂ්ට කිරීම, රටේ මහජනතාව දැනුවත්
කිරීම මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ අරමුණුය. |
|
|
|