කඩින් කඩ පවත්වන්න බෑ
නගර සභා-ප්‍රා. සභා ඡන්දය එකම දිනකදී
පළාත් පාලන නි. ඇමැති


අජිත් අලහකෝන් - අකිත පෙරේරා

දිවයින පුරා ඇති සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභාවල මැතිවරණය එකම දිනයක පැවැත්වීමට කටයුතු කරන බව පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභා විශාල සංඛ්‍යාවක්‌ රට පුරා තිබෙන නිසා පළාත් සභා මැතිවරණය මෙන් පළාත් පාලන ආයතන මැතිවරණය කඩින් කඩ පැවැත්වීම අසීරු බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

දැනට විශේෂ කොමසාරිස්‌වරයකු යටතේ පාලනය වන කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ඡන්දයක්‌ පැවැත්වීමට පළාත් ප්‍රධාන ඇමැතිවරයාට හැකියාව ඇති මුත් සියලු පළාත් පාලන ආයතන සඳහා එකවර මැතිවරණය පැවැත්වීම රජයේ අපේක්‍ෂාව බව ද නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.