ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කරන්න දෙන්නේ නෑ
- රජය දන්වයි

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කිසිසේත් ඉඩදෙන්නේ නැතැයි ශ්‍රී ලංකා රජය විසින් එක්‌සත් ජාතීන්ගේ විද්වත් මණ්‌ඩලය වෙත දන්වා ඇත.

ශවේන්ද්‍ර සිල්වා මහතා තානාපති නිලධාරියෙක්‌. ඔහුගෙන් ප්‍රශ්න කිරීමට තානාපති වරප්‍රසාද යටතේ ඉඩ නැහැ. එසේ කිරීමට උත්සාහ කළහොත් තානාපතිවරුන් සම්බන්ධයෙන් වූ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක්‌ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

යුද අපරාධ සම්බන්ධයෙන් මේජර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරන්නැයි රාජ්‍ය නොවන සංවිධානයන් විසින් එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන්ගෙන් ඉල්ලීමක්‌ කර තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.