කුරුණෑගලට මහ වැසි : දැදුරු ඔය හා හක්‌වටුනා
ඔය පිටාර ගැලීමෙන් විශාල හානි


ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

පසුගිය 21 දින සිට කුරුණෑගල ප්‍රදේශයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා දැදුරුඔය සහ හක්‌වටුනාඔය පිටාර ගැලීමෙන් ත්‍රිරෝදරථ රියෑදුරෙකු මියගොස්‌ ඇති අතර නිවාස රැසක්‌ම සහ මාර්ග කීපයකට විශාල ලෙස අලාභහානි සිදුවී තිබේ.

මියගොස්‌ ඇත්තේ ගොකරැල්ල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් නෙල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කීර්ති ජයලත් (48) නමැති එක්‌දරු පියෙකි. හක්‌වටුඔය පාලමෙන් බැසයන ජලයේ ගසාගෙන යැමෙන් ජීවිතක්‍ෂයට පත්වී ඇත. ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් තිදෙනකු ගසක අතුවල එල්ලී දිවි ගලවාගෙන ඇත.

වැල්ල ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්‌ථානයක දේවගැතිවරයකු මෝටර්රථයෙන් ගමන් කරමින් සිටියදී මුදනාපිටිය ප්‍රදේශයේදී ජල පහරකට හසු වී ගසාගෙන යැමේදී ප්‍රදේශවාසීන් හා පොලිසියේ මැදිහත්වීමෙන් බේරාගෙන තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.