කොළඹ කුණු එකතු කරන්න දිනකට ලක්‍ෂ විසි එකක්‌

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

කොළඹ නගරයේ කැළිකසළ එකතු කිරීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් දිනකට රුපියල් විසිඑක්‌ ලක්‍ෂ හැත්තෑ එක්‌ දහස්‌ තුන්සිය තුනක්‌ වැය කරන බව පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතා ඊයේ (25 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කොළඹ නගරය තුළ පමණක්‌ දිනකට එකතු කරන කැළිකසළ ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් හත්සියයක්‌ බවද පෞද්ගලික සමාගම් තුනක්‌ මගින් එම කසළ එකතු කිරීම සිදු කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

කැළිකසළ ඉවත් කිරීම සඳහා දෙහිවල-ගල්කිස්‌ස මහ නගර සභාව දිනකට රුපියල් හයලක්‍ෂ හාර දහසක්‌ ද, ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව රුපියල් තුන්ලක්‍ෂ විසි දහසක්‌ ද, මොරටුව නගර සභාව රුපියල් විසිනව දහස්‌ දෙසීයක්‌ ද, මහරගම නගර සභාව රුපියල් එක්‌ලක්‍ෂ පහළොස්‌ දහසක්‌ ද වැය කරන බව ඉන්දික බණ්‌ඩාරනායක මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එ.ජා.ප.) රවි කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.