ජෛව විවිධත්වය යනු රටේ දරුවන්ගේ අනාගත ජීවයයි

ජෛව විවිධත්වය රටක ඉතාම වැදගත් සම්පතක්‌ වන අතරම සංවර්ධන ක්‍රියාවලියේද අතිශයන්ම තීරණාත්මක ස්‌වභාවික දායාදයකි.

අද්‍යතන විද්‍යාත්මක සොයා ගැනීම් මගින් හෝ කුමන හෝ කෘතිම ආදේශකයක්‌ මගින් හෝ එසේ නැතහොත් වෙනත් ස්‌වභාවික ක්‍රියාවලියක්‌ හරහා හෝ ආදේශ කළ නොහැකි වූ ජෛව විවිධත්වය පෘථිවි ගෝලයේ ස්‌වභාවික ආකෘතියේ විශිෂ්ඨතම නිර්මාණයක්‌ වන අතරම පෘථිවියේ ජීවය පවත්වාගෙන යැම සඳහා ඉවහල් වන පරිසර පද්ධතීන් අතරින් ප්‍රධාන අංගයකි.

ගෝලය සිසාරා විද්‍යාත්මක සොයාගැනීම් මගින් ස්‌වභාවික සම්පත් ක්‍ෂයවීම සඳහා විකල්ප ඉදිරිපත් කර ඇතත් රටක, ජාතියක, වගකීම වනුයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් විසින් ඉතිරිකර දායාද කොට ඇති ස්‌වභාවික සම්පත්වල අවසන් කොටස හෝ සංරක්‍ෂණය කොට අනාගත ජාතියේ දූ දරුවන් වෙත භාරදීම සඳහා නිවැරදිව ක්‍රියාකිරීමය.

ජෛව විවිධත්වය යනු රටක, ජාතියක ස්‌වකීය අනාගත අවශ්‍යතාවයන්ට හා කාලීනව වෙනස්‌ වන අභියෝගයන්ට මෙන්ම අනාගත පරපුර මුහුණ දෙන්නා වූ යථාර්ථයන්ට අනුව සැලසුම් කරගත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීම සඳහා උපයෝගී කරගත හැකි විශිෂ්ටතම ස්‌වභාවික දායාදයකි.

අද්‍යතනවද, අනාගතයේද පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන් විසින් ගොඩනංවනු ලබන දැනීම් ආර්ථිකයේ සංකීර්ණ හා ප්‍රබලතම භෞතික පදනම වනුයේද ජෛව විවිධත්වයයි. (WWW. EN.WIKIPEDIA.ORG/WIKI/KNOLEDGEECONOMY)

ශ්‍රී ලංකාව වනාහි පෘථිවි ගෝලයේ ඉතිරිව ඇති ජෛව විවිධත්ව සම්පත් වලින් සුවිසාල කොටසකට උරුමකම් උපයාගෙන ඇති වාසනාවන්ත භූමියකි. ආසියානු කලාපයේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළම ස්‌ථානයේ පසුවෙන අතර කුඩා දිවයිනක්‌ වුවත් එනම්, භූවිද්‍යාත්මක, භූ රූප විද්‍යාත්මක මෙන්ම දේශගුණික වශයෙන්ද අපේ රට තුළ ඇති සුවිශාල ප්‍රදේශයක පැතිරුණු විවිධත්වය අවසානයේදී එකිනෙකින් දැඩි ලෙස වෙනස්‌ වන්නාවූත්, එකිනෙකක්‌ තුළ දැඩි විවිධත්වයක්‌ සහිත වූත් ජෛව පද්ධතීන් ගණනාවකට උරුමකම් කියයි.

වෙරළ කලාපයේ මුහුදු ජලජ පරිසරයේ පිහිටි කොරල්පර හා වෙනත් සාගරික ජලජ ශාක මෙන්ම වෙරළේ පිහිටි කලපු මෝය වැනි නොයෙක්‌ විධ ජෛවීය තත්ත්වයන් පවතින ස්‌වභාවික පද්ධතීන්ද ඇත.

ජෛව විවිධත්වයෙහි විවිධත්වය මට්‌ටම් ත්‍රිත්වයකින් විස්‌තර කර ඇත. පද්ධතික මට්‌ටම (SYSTEMS LEVEL) විශේෂ මට්‌ටම (SPECIES LEVEL) ජාන මට්‌ටම (GENE LEVEL) ලෙස හඳුනාගෙන ඇති එම මට්‌ටම් ගත් විට ශ්‍රී ලංකාවේ පද්ධතික මට්‌ටම අතිශයින්ම ඉහළ විවිධත්වයකින් යුක්‌තය.

එම පද්ධතීන් වෙන් වෙන් වශයෙන් ගත් කල ඇතැම් ඒවා, එනම් නිර්වර්ථන වැසි වනාන්තර පද්ධතිය තුළ පෘථිවි ගෝලයේ වෙනත් කිසිම පද්ධතියක නොමැති තරම් විශේෂ විවිධත්වයක්‌ හඳුනාගත හැකිය. වර්ග කිලෝ මීටර් 65610 ක භූමිය තුළ එම විශාලත්වයට අනුරූපීව සස¹ බලන විට ඉහළම මට්‌ටමේ ජෛව විද්‍යාත්මක විවිධත්වයක්‌ දක්‌නට ඇත. ඒ අනුව දිවයිනේ පවතින ශාඛ වලින් 23% ක්‌ ද, ක්‍ෂිරපායි සතුන්ගෙන් 16% ක්‌ ද දේශීය විශේෂ වේ.

උක්‌ත තොරතුරුවලට අනුව අතිශයයින්ම විවිධත්වයක්‌ දරණු කෘෂි කලාප පදනම මත අපේ රටේ විශේෂ ශාක 3800ක්‌ පමණ ද සයිකි කුලයේ (CYATHEA CEAE) මීවන (FERN) හා එම පරිණාංග පවුලට අයත් එයින් වෙන්වී ආ විශේෂ ගණනාවකින් යුක්‌ත ස්‌වභාවික පරිසර පද්ධතීන් රාශියක්‌ ඇත. HTTP//MEMBERS, TRIPOD.COM/YBIOI/BIODIV. HTM වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ පාසි වර්ග ඇල්ගි වර්ග, දිලීර වර්ග මෙන්ම සත්ත්ව විශේෂ පිළිබඳවද විස්‌තර ඇතුළත් අතර පාසි හා දිලීර අතර විවිධත්වයද ඉතා බහුලය.

අදාළ දත්ත හා තොරතුරුවලට අනුව දිවයිනේ භූමිය තුළ ඉතා අධික ජෛව විවිධත්වයක්‌ ඇති දකුණු ආසියාවේ ප්‍රධාන රට බව පොදු පිළිගැනීම වුවත් අපේ රටේ පවතින ජෛව විවිධත්වය තවමත් පූර්ණ වශයෙන් සමීක්‍ෂණය වී නොතිබීම තීව්‍ර අඩුපාඩුවකි.

ජෛව විවිධත්වය විස්‌තර කිරීමේදී වැඩිමනක්‌ අවස්‌ථාවලදී ජාන (GENE) විශේෂ (SPECIES) හා පද්ධතීන් (SYSTEMS) ආකාරයෙන් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියෙහි අනුපිළිවෙල හඳුනා ගන්නා ආකාර ත්‍රිත්වයක්‌ ඇත. ඒ අනුව ජාන විවිධත්වය, විශේෂ විවිධත්වය හා පද්ධති විවිධත්වය වෙන වෙනම හඳුනාගත හැකිය. පෘථිවි ගෝලීය ජෛව විවිධත්වය සලකා බලන විට බොහෝ අවස්‌ථාවලදී ප්‍රධාන වනුයේ ජාන විවිධත්වයට වඩා ඒ ඒ කාන්ඩවලට අයත් විශේෂවල ගෝලීය සංඛ්‍යාවයි. ඒ අනුව දැනට විශේෂ මිලියන 1.7 ක්‌ විස්‌තරාත්මකව හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ යථා තත්ත්වය අවබෝධකර ගැනීමේදී කරුණු ද්වයක්‌ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. පළමුව කාලීන වශයෙන් භූවිද්‍යාත්මක ඉතිහාසය තුළ ගෝලීය ජෛව විවිධත්වය ඒකාකාරව නොපැවැති බව හා ගෝලීය ජෛව විවිධත්වයේ අවකාශිය රටාව අනුව ශ්‍රී ලංකාවේ වැදගත්කමයි.

ශ්‍රී ලංකාව ජෛව විවිධත්ව "දැවෙන කේන්ද්‍රයක්‌" (BIODIVERSITY HOTSPOT) ලෙස 1988 දී හඳුන්වා දෙන ලදී. මෙම ජෛව විවිධත්ව දැවෙන කේන්ද්‍රයක්‌ අවම වශයෙන් බීජ, ශාඛ හා පර්ණාංග ඇතුළත් ශාඛ පන්ති (ENDEMIC VASCULAR PLANTS) 1500 කින් වත් සමන්විත විය යුතු අතර එම මුල් වාසභූමියේ පැවැති සත්ත්ව හා ශාඛ විශේෂ සංඛ්‍යාවෙන් 70% ක්‌ වත් වඳවී ගොස්‌ ඇති ප්‍රදේශ ද විය යුතුය.

ශ්‍රී ලංකාව තුළ ඇති ජෛව විවිධත්වයට සිදුවී ඇති තර්ජනය හා විනාශය එයින්ම පැහැදිලි වනු ඇත්තේ ඉතා සරලවය. උක්‌ත දැවෙන කේන්ද්‍ර සංකල්පය හඳුන්වා දෙනු ලැබූයේ බ්‍රිතාන්‍යය ජාතික මහාචාර්යවරයකු වූ නොර්මන් මයර්ස්‌ (NORMEN MYERS) විසින් 1988 දීය. (EN.
WIKIPEDIA. ORG/WIKI/NORMEN-MYERS)

"දැවෙන කේJද්‍ර" සංකල්පය පිළිබඳව නිල වශයෙන් කටයුතු කිරීම මුලින්ම ආරම්භ කරන ලද්දේ සංරක්‍ෂණ ජාත්‍යන්තරය (CONSERVATION INTERNATIONAL) හා මැක්‌ ආතර් පදනමයය. (MAC ARTHUR FOUNDATION)) ආරම්භයේදී දැවෙන කේන්ද්‍ර සංකල්පයට අනුව නිවර්ථන වනාන්තර 10 ක්‌ සලකුණු කළ අතර පසුව ඒවා සංඛ්‍යාව 18 දක්‌වා දීර්ඝ කරන ලදී.

අද්‍යතනව පෘථිවි ගෝලය සිසාරා දැවෙන කේJද්‍ර සංකල්පයට අනුව කලාප 33 ක්‌ වෙන් කොට ඇත්තේ පෘථිවිගෝලය කලාප 05 ට බෙදා වෙන් කිරීමෙනි. උතුරු හා මධ්‍යම ඇමරිකාවේ රටවල් 04 ක්‌ ද, දකුණු ඇමෙරිකාවේ රටවල් 05 ක්‌ ද යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ රටවල 8 ක්‌ ද ආසියා ෆැසිෆික්‌ කලාපයේ රටවල් 13 ක්‌ ද වශයෙනි. උක්‌ත ලැයිස්‌තුවේ ශ්‍රී ලංකාව 33 වැනි ස්‌ථානය උසුලනු ලබයි. (EN.WIKIPEDIA.ORG/WIKI/BIODIVERSITY-HOTS POT) බොහෝ ජෛව විවිධත්ව දැවෙන කේJද්‍රවල සත්ත්ව හා ශාඛ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රධානතම තර්ජනය වී ඇත්තේ ඒවා තුළ වෙසෙන අධික ජන සංඛ්‍යාව වර්ධනය හා එම ප්‍රදේශවලට ඒකරාශි වන ජන සංක්‍රමණයයි.

පෘථිවි ගෝලය මතුපිට ජීවය පවත්වා ගෙන යැම සඳහා මෙම "දැවෙන කේJද්‍ර" සුරැකීමට ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් ගෝලය සිසාරා විද්‍යාඥයන්ගේ අවධානයට යොමුවී ඇති ක්‍රියාකාරකම් ත්‍රිවිධාකාරය.

සංරක්‍ෂණ ජාත්‍යන්තරය, මැක්‌ ආතර් පදනම යන ප්‍රාරාම්භක ආයතනවල පිළිගැනීම වනුයේ "දැවෙන කේJද්‍ර" නිරපෙක්‍ෂ වශයෙන්ම ආරක්‍ෂා කිරීම සඳහා පළමු අවධානය යොමු කළ යුතු අතරම සමස්‌තයක්‌ වශයෙන් පරිසර සංරක්‍ෂණය සඳහා කෙරෙන ආයෝජනයන්ට මඟපෙන්වීමේදී මුලිකම මූලධර්මය එය විය යුතු බවය.

දෙවැනි කාරණය වනුයේ අධිසංවේදී ස්‌වභාවික ජෛව විවිධත්ව "දැවෙන කේJද්‍ර" සංවර්ධන කටයුතුවලින් මුළුමනින්ම ඉවත්කර ස්‌වභාවික තත්ත්වයන්හීම පවත්වාගෙන සුරැකිය යුතු බවය. තෙවනුව 1992 රියෝ සමුළුවේදී රටවල් 175 ක්‌ විසින් ගිවිස ගන්නා ලද ජෛව විවිධත්ව සම්මුතියේ වගන්ති ක්‍රියාත්මක කිරීමය. එම සම්මුතිය ප්‍රධාන කරුණු ත්‍රිත්වයකින් යුක්‌තය.

1. ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීම.

2. එහි තිරසර පැවැත්ම සහතික කිරීම.

3. ඒ මගින් ලැබෙන ප්‍රථිලාභ සාධාරණ හා සමානව බෙදී යැම සහතික කිරීමය.

ඉහත තෙවැනි කාරණාවට අනුව ගෝලය සිසාරා කටයුතු සිදුවුව හොත් ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට සිදුවන සෘජු බලපෑම හේතුවෙන් රියෝ සමුළුවේ එකඟතාවන්ට එක්‌සත් ජනපද රජය අත්සන් කිරීමෙන් වැළකිණි. ඊට හේතුව ජෛව විවිධත්ව අන්තර්ගතයේ ඇති අද්‍යතන හා අනාගත වටිනාකම් පිළිබඳ ඇති ඔවුන්ගේ දුරදර්ශී ආත්මාර්ථකාමී චින්තනයයි.

පෘථිවි ගෝලයේ "දැවෙන කේJද්‍රයක්‌" බවට හඳුනාගෙන ඇති බටහිර ඝාට්‌ස්‌ හා ශ්‍රී ලංකාවෙහි (WESTERN GHATS AND
SRI LANKA)) ශ්‍රී ලංකා කොටස වෙන් කොට ගතහොත් එහි ජෛව විවිධත්ව වාසභූමි වලින් දැනට ඉතිරි වී ඇති ප්‍රදේශ රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු අතරේ වගකීම් බෙදී තිබියදී වුවත් තවදුරටත් යම් ප්‍රමාණ්‍යකින් ආරක්‍ෂා වී ඇත්තේ නීති රීතිවල අඩුපාඩුකම් මෙන්ම අනෙකුත් අඟහිඟකම් තිබියදීය.

අදාළ රේ‚ය අමාත්‍යංශයේ තීව්‍ර අවධානය යොමු විය යුතු නිර්මල ජෛව විවිධත්ව වාස භූමි ප්‍රදේශ රාශියක්‌ පවතිනමුත් නොයකුත් අඩුපාඩුකම් දුර්වලතා, ආකල්පමය වශයෙන් නැවත අපේ මුතුන්මිත්තන්ගේ ගැඹුරු පාරිසරික ඒකාත්මිකතාවය අනුගමනය කිරිමට යොමුවීම වැනි කාරණා තිබියදී වුව රටේ සමස්‌ත භූමියෙන් 30% ප්‍රමාණයක්‌ යම් නීතිමය අධීක්‍ෂණයක්‌ යටතේ පාලනය වීම සතුටට කරුණකි.

ශ්‍රී ලංකා "දැවෙන කේJද්‍රය" (BIODIVERSITY HOTSPOT) තුළ ඉතාම වැදගත් ක්‍ෂේත්‍රය ලෙස හැඳින ගැනුයේ දිවයිනේ වැසි වනාන්තර ප්‍රමාණයෙන් 50% ක්‌ පමණ ඇතුළත් කරගන්නා වූ ලෝක උරුමයක්‌ ලෙස නම් කර ඇති අධි රක්‍ෂිත සිංහරාජ වනාන්තරයයි. රටේ පවතින දේශීය තුරු ලතා විශේෂ 220 ක්‌ ද පෘෂ්ඨවංශික (VERTEBRATES) විශේෂ අතරින් 270 ක්‌ ද සිංහරාජ වනයෙන් වාර්තා වී ඇත.

සමස්‌ත ශ්‍රී ලාංකිකයන් අතර සිංහරාජ වනාන්තරය පිළිබඳ දැනුම ඉතා ඉහළට ඔසවා තිබියදීත් එහි පැවැත්මට ඇති තර්ජන තවදුරටත් ක්‍රියාත්මකය.

විශේෂයෙන්ම අසල්වාසී සමහර ප්‍රජාවන්ගෙන් දැව නොවන වන ද්‍රව්‍යය රැස්‌කිරීම සම්බන්ධයෙන් ප්‍රබල තර්ජන ඇති අතර කුඩා තේ වතු වගාව ප්‍රසාරණයද රක්‍ෂිතයේ මායිම්වල තවදුරටත් දැක ගත හැකිය.

ශාක හෝ සත්ත්ව හෝ කිසියම් ජීවයක පැවැත්මට කුමන හෝ කාල පරාසයක්‌ පවතින බව භූ විද්‍යා ඉතිහාසය සිසාරාම හඳුනාගෙන ඇත. ඒ අනුව නොයකුත් විශේෂවල වඳවීම ස්‌වභාවික ක්‍රියාවලියකි. (පසුබිම් නෂ්ඨවීම්) පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ (මිනිසුන්ගේ) කුමන මැදිහත්වීමක්‌ නොමැතිව වුව එම ක්‍රියාවලිය ක්‍රියාත්මකය. නමුත් මෙම ස්‌වභාවික ක්‍රියාවලිය ඉක්‌මවා වඳවීමේ චක්‍රය ක්‍රියාත්මක වීමට මානව ක්‍රියාකාරකම් හේතුවී ඇත. විශේෂයෙන් ස්‌වභාවික පිවිතුරු වාසභූමිවලට ඇති කරන මානව ක්‍රියාකාරකම් මින් ප්‍රධානයි. (WWW.ARCHIVE. ORG/DETAILS/A13-
BIODIVESITY/BIOLOGY/SINHALA-MEDIUM සිංහල භාෂාවෙන් ඇහුම්කන් දීමට)

විශේෂයෙන්ම තිරසර කෘෂිකාර්මික සංවර්ධනයේදී බෝග විවිධත්වයක්‌ ක්‍රියාත්මක වීමේදී ස්‌වභාවික ජෛව විවිධත්වයේ, විවිධත්ව පරිණාමය සහ අනුවර්ථ විකිරණ ක්‍රියාවලිය බරපතල අර්බුදවලට මුහුණ දෙනු ඇත. කෘෂිකාර්මික ක්‍රියාවලියේදී ජෛව විවිධත්වයට සිදුවන හානිය පිළිබඳ වෙනත් ලිපියකින් සාකච්ඡා කෙරෙනු ඇත.

කඩොලාන පද්ධතියට පවතින අවධානම අතිශයින් බිහිසුණු තත්ත්වයකට අද්‍යතනව මුහුණදී ඇත. ඉතාමත්ම සංකීර්ණ සුවිශේෂී ජෛව ස්‌කන්ධයක්‌ පවතින කඩොලාන පරිසර පද්ධතිය සුරැකීම පමණක්‌ නොව ඒ මගින් වෙරළ ඛාදනය වැළැක්‌වීම, මෙන්ම උදම් රළ එසේ නැතහොත් මුහුද ගොඩගැලීම වැනි මහා පරිමාණ ස්‌වභාවික ව්‍යසනවලදීද ඇති වන හානිය අවම කිරීමට සමස්‌ත කඩොලාන පද්ධතිය මහත් පිටිවහලකි. වෙරළ හා වෙරළ සම්පත් කළමනාකරණය පිළිබඳ පසු ලිපියකදී සාකච්ඡා කෙරෙනු ඇත.

කඩොලාන පද්ධතිය ආරක්‍ෂා කර පවත්වාගැනීම සඳහා තව දුරටත් රජයේ මැදිහත්වීම නොයෙක්‌ ආකාරයෙන් සිදුවිය යුතු අතරම සමස්‌ත ජනයාගේද අවධානය තීව්‍ර යොමුවීම ජාතික අවශ්‍යතාවක්‌ වනුයේ අපේ රට මුහුදින් වටවූ භූමියක්‌ වන හෙයිනි.

සිංහරාජය, නකල්ස්‌ කඳු වැටිය ප්‍රමුඛ ස්‌වභාවික වනාන්තර වර්ග 08 කින් යුත්, රක්‍ෂිත භූමි පිළිබඳව තවදුරටත් ගෝලීය මට්‌ටමේ තාක්‍ෂණික හා විද්‍යාත්මක මූලධර්ම හරහා අවධානය යොමු විය යුතුය. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මඟපෙන්වීම යටතේ නකල්ස්‌ කඳුවැටිය රක්‍ෂිතයක්‌ වශයෙන් තව දුරටත් ආරක්‍ෂා කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු දියත්ව තිබීම වැදගත්ය.

අද්‍යතනව නොයෙක්‌ ආයෝජකයන් මහා පරිමාණික වගාව සඳහා රජයේ ඉඩම්වල වගා කටයුතු ආරම්භ කිරීම"දැවෙන කේJද්‍රයක්‌" වනාහි ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට මරු පහරකි.

1900 දී 80% ක භූමියක්‌ ආවරණය කර තිබූ වනාන්තර 2000 වසරේදී 20% දක්‌වා අඩුවීම සැබැවින්ම ශ්‍රී ලංකාවේ අනාගතයට බරපතල තර්ජනයක්‌ බව කිවයුතු නැත. මෙම තත්ත්වය හේතුවෙන් තම සාම්ප්‍රදායික වාසභූමි අහිමි වූ අලි ඇතුන් හා මිනිසා අතර ගැටුම දෛනිකව සිදුවන ක්‍රියාවලියක්‌ වී ඇත. (අලි - මිනිස්‌ ගැටුම පසුව සාකච්ඡා කරමු.)

ශ්‍රී ලංකාවේ භූමි පරිභෝජනය පිළිබඳ දැඩි අවධානය යොමු විය යුතු තීරණාත්මක දශකය ආරම්භ වී ඇති බව ඉතා පැහැදිලි වනුයේ ගංවතුර, නාය යැම්, නගර යටවීම, ජෛව විවිධත්වය විනාශවීම, ඉඩම් වෙළෙඳ පොළ නියාමනයෙන් තොරව උස්‌ පහත් වීම ආදී කරුණු පිළිබඳ දැනීමෙන් අවධානය යොමු කිරීමෙනි. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික භූමි පරිභෝග සැලසුම් අංශය පිළිබඳ මීට වඩා මධ්‍යම රජයේත්, පළාත් සභාවලත්, විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ජාලයෙත් අවධානය යොමු විය යුතු වන්නේ උක්‌ත ආයතනවල සේවා කටයුතු හරහා තවදුරටත් රටේ අනාගතය නිවැරදි දිශාන්තයට ගලපා ගැනීමටය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරක්‍ෂණය කිරීම සඳහා පවතින නෛතික ප්‍රතිපාදන අතරේ මූලික වනුයේ 1980 ජාතික පාරිසරික පනත වන අතර ඊට අමතරව වනාන්තර ආඥ පනත, ශාඛ හා සත්ත්ව ආඥ පනත, ජාතික උරුම වනගත ප්‍රදේශ පනත, උද්භිද උද්‍යාන ආඥ පනත, ධීවර හා ජලජ සම්පත් පනත, පැලෑටි ආරක්‍ෂක ආඥ පනත හා රේගු ආඥ පනතයි.

ජෛව විවිධත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ජාතික භෞතික සැලසුම මගින් හඳුනාගෙන ඇති අධි සංවේදී කලාප ත්‍රිත්වයෙන්, මධ්‍යම අධි සංවේදී කලාපය ලෙස නම් කර ඇති ප්‍රදේශය වර්ග කි. මී. 14000 ක්‌ හෙවත් රටේ සමස්‌ථ භූමියෙන් 21% වූ ප්‍රදේශය වන රටේ හදවත බඳු කඳුකරයයි. ජෛව විවිධත්වය හා මිනිසාගේ පැවැත්ම හා ඉතා ශක්‌තිමත්ව අත්වැල් බැඳගෙන ඇති මධ්‍යම අධි සංවේදී කලාපය පිළිබඳ සමස්‌ථ ජනතාවගෙත්, සමස්‌ථ මාධ්‍ය ජාලයෙත් රජයේත් අවධානය යොමුවීම යුගයේ වැදගත්ම අවශ්‍යතාවකි.

රටේ සියලු දෙනාගේම දූ දරුවන්ගේ අනාගතය හා සැබඳි උක්‌ත මධ්‍යම අධි සංවේදී කලාපය නොහොත් රටවැසියන්ගේ ජීවයේ හදවත වන් කඳුකරය පිළිබඳ ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳ යොමු කරන අවධානයම යොමුකරලීම ලක්‌ මාතාවගේ සෞඛ්‍ය හා දීර්ඝායුෂය පිළිබඳ කෙරෙන යුතුකමකි.

ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීමේ ජාතික අවශ්‍යතාවය පිළිබඳ සියලු රටවැසියන් දැනුවත් වී තම අවධානය යුතුකම හා ඊට සංවේදීවීම කළ යුතු වන්නේ එහි සුරක්‍ෂණය සුවිශේෂී ලෙස වැදගත් වනුයේ රටවැසියන්ගේ ජීවයේ මූලික අවශ්‍යතා සම්පාදනයේදී එහි ඇති ඵලදායි බව හේතුකොට ගෙනය.

සැබැවින්ම ජෛව විවිධත්වය යනු ඔබෙත් විශේෂයෙන් ඔබේ දූ දරුවන්ගේ සෞඛ්‍ය, ආර්ථිකය හා ඔවුන්ගේ ජීවය රැඳී ඇති ස්‌වභාවික සම්පතයි.

දේශප්‍රිය නානායක්‌කාර
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.