|
|
|
|
|

පස්‌වන ඊලාම් යුද්ධය
(පණ්‌ඩක හටන)
කතෝලික සසුනෙහි අතිශ්‍රේෂ්ඨ ධර්ම පදවියක් වූ කාදිනල් ධූරයෙන්
පිදුම් ලැබූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ පසුගියදා
ඉතා විශිෂ්ට ප්‍රකාශයක් කළහ.
විදේශ රටවල සිට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට කවුරුන්
උත්සාහ කළද තමන් ඒ උත්සාහයන් හෙළා දකින බව ප්‍රකාශ කළ
උන්වහන්සේ, එවැනි ක්‍රියාවන්ගෙන් සිදුවනුයේ ශ්‍රී ලංකාවේ වෙසෙන
ද්‍රවිඩ ජනතාව විනාශ මුඛයට යොමුවීම විනා ඔවුන්ට සෙතක්
සැලසීමක් නොවන බවද ඉතාම විශ්වාසයෙන් යුතුව අවධාරණය කොට
සිටියහ.
මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වූ කලී සුළුපටු ධර්මධරයෙක්
නොවේ.
ඉතාලි, ජර්මන්, ප්‍රංශ, හීබෲ, ලතින්, ග්‍රීක, ස්‌පාඤaඤ,
ඉංග්‍රීසි, සිංහල, දෙමළ ආදී භාෂාවන් දහයක් ඉතාම මැනවින්
හැසිරවිය හැකි අප්‍රමාණ උගතකු වන උන්වහන්සේ ඉතාම සුවිශේෂී
බුද්ධිමතකු වශයෙන්ද දේශ දේශාන්තරයේ පතළ නමක් ඇත්තෙකි.
එතුමන්, සොළොස්‌වන බෙනඩික් පාප්වහන්සේ විසින් මෙවර කාදිනල්
ධුරයට නම් කරනු ලැබූ විසිහතර දෙනා අතරින් මුළුමහත් ආසියාවෙන්ම
ඒ සඳහා පත්වූ එකම අගරදගුරුවරයා වීම ඊට එක් සාක්‌ෂියකි.
පිළිගත් ලෝක ආගමක උතුම් පදවි ප්‍රණාමයක් ලබන මේ ශ්‍රේෂ්ඨ ලංකා
පුත්‍රයා තමා ඉහළට ඔසොවා තැබෙන මේ මොහොතේ වුව තම උපන් බිම අමතක
නොකරන්නේය.
ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය විනාශකොට දැමීමට
දෙමළ ඩයස්‌පෝරාව ඇතුළු සකල විධ දුෂ්ට බලවේග කැසකවන මොහොතක
උන්වහන්සේ මව්බිමේ දේශප්‍රේමී මිනිසුන් සමඟ උරෙන්උර ගැටී එකට
සිටගන්නෝය.
ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ සැටිය. උතුමන්ගේ සැටිය.
එහෙත්, දේශෙද්‍ර`හී කබ්බන්නේ හැටි එසේ නොවේ.
ඔවුහු මව්බිමේ මිනිසුන් ඉතාම බිහිසුණු සතුරන් පිරිසකට එරෙහිව
මාරාන්තික යුද්ධයක පැටලී සිටි මොහොතක සතුරු ගුණම වර්ණනා කළෝය.
සතුරාටම ඔජ වැඩුවෝය. සතුරා වෙනුවෙන් කවි ලීවෝය, සතුරා වෙනුවෙන්
ගී ගැයුවෝය, සතුරා වෙනුවෙන් නාට්‍ය තැනුවෝය, සතුරා වෙනුවෙන්
චිත්‍රපට නිෂ්පාදනය කළෝය. සතුරා වෙනුවෙන් සම්මන්ත්‍රණ සංවිධාන
කළෝය. සතුරා තම මව්බිමේ කොටසක් උදුරා ගන්නා තුරු ඔවුහු
නොඉවසිල්ලෙන් බලාසිටියහ.
එහෙත්, සතුරා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කළේ ඉතාම සාහසිකවය.
ආරම්භයේදී මේ සියලුම ෙද්‍ර`හීන්ගේ බලාපොරොත්තු දැල්වූ මහා
රාක්‌ෂසයකු වූ සතුරා අවසානයේදී සිවලකු මෙන් පැරදී සුනඛයකු මෙන්
මියගියේය.
තමා වෙනුවෙන් හඬනු තබා කෙඳිරි ගෑමේවත් අවස්‌ථාවක් නොලද සතුරා
වෙනුවෙන් දැන් හඬන්නට සහ කෙඳිරිගෑමට පටන්ගත්තෝ පෙරකී
දේශෙද්‍ර`හීහුය.
තම මියගිය මිතුරා වෙනුවෙන් කෙඳිරි ගානවාට වඩා සහ හඬනවාට වඩා
යමක් ඔවුනට කළ හැකි බව ඔවුනට වටහා දෙනු ලැබූ තුන්ගොල්ලක්
සිටියහ.
"එකගොල්ලක්" නම් ඔවුනට හැමදාමත් ආදරය කළ බටහිර
අධිරාජ්‍යවාදීන්ය. (මොවුන් සමහරෙක් අන්ත දක්‌ෂිණාංශිකයන්
වුවද, කාල්(1/4) මාක්‌ස් වාදීන් වුවද බටහිරයෝ මොවුනට පණමෙන්
ආදරය කළහ.)
"අනෙක්‌ගොල්ල" නම් ලොවපුරා විසිර සිටින දෙමළ ඩයස්‌පෝරාවය. (රට
පිළිබඳ මෙලෝ හැඟීමක් නැති මැට්‌ටන්ගෙන් පිරුණ අපගේ විදේශ
තානාපති සේවාවන්ට පින්සිදුවන්නට දෙමළ ඩයස්‌පෝරාවට හැම
හෝරාවක්‌ම සුබ හෝරාවක් විය.)
"අනෙක්‌ගොල්ල" නම් මේ රටේ අරුම පුදුම විපක්‍ෂයය. (කෙසේ හෝ බලය
ලබා ගැනීමේ උමතු සහ කාලකණ්‌නි ආසාවකින් යුත් දේශපාලනඥයන්ගෙන්
සමන්විත විපක්‍ෂය රට මුහුදු පත්ලේ ගිල්වා දමා වුව රාජ්‍ය
ලබාගැනීමට කැමති සැටියෙකි.)
ශ්‍රී ලංකාවට එරෙහි සකල දේශෙද්‍ර`හීන් දැන් ලන්ඩනයේ කුණුකාණු
දිගේද, යුරෝපයේ වෙනත් රටවල තැන්තැන්වලද "ලිප්ටන් වටරවුම්"
තනමින් සිටින්නෝය.
මේ වූකලී පස්‌වන ඊලාම් යුද්ධයයි. එය රොකට් ලෝන්ච්, බෝම්බ,
මැෂින් තුවක්‌කු, කුරුම්බැට්‌ටි මැෂින්, වෙනුවට ජඩ කුමන්ත්‍රණ,
කේලාම්, ටොන්පච, ශාප කිරීම්, ඇස්‌වහ-කටවහ, හදි හූනියම්, නූල්
පැන්නුම් ජාත්‍යන්තර මට්‌ටමෙන් ක්‍රියාත්මක කරන්නේය.
මේ යුද්ධය නම්කළ යුත්තේ "පණ්‌ඩක යුද්ධය" යනුවෙන් බව සැබෑය.
එහෙත්, එයද යුද්ධයක් බව තේරුම් ගැනීම මේ ටිකට පසුගිය වසර තිහක
කාලය අමතක කළ සියල්ලන්ගේම යුතුකම ය.
|
|
|
|