|

එදා මොකද වුනේ!
වැසිකිළි කැසිකිළි ගොස් කොළ කැබැල්ලකින් පශ්චාත්භාගය පිස දා
ගැනීමට පුරුදුව සිssටිනා බව කියන සුද්දන් යනු තවමත් ගඳ සුවඳ
නොහඳුනන ජාතියක් බව පසුගියදා රාජ්‍ය නායකයකු ලෙස
බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරටදී සිදු
වූ කෙනහිලකම්s මගින් බ්‍රිතාන්‍යයන් මුළු ලෝකයටම යළි පසක් කර
තිබේ.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මුහුණ
දීමට සිදුවූ සිදුවීම් රැසකි.
ඉන් පළමු වැන්න වූයේ ජනාධිපතිවරයා එන්ගලන්තයේ හීත්රෝ ගුවන්
තොටුපළට ළඟා වූ මොහොතේ එරට වෙසෙන එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ
ඩයස්‌පෝරාවට තම රටට එන රාජ්‍ය නායකයකුට එරෙහිව උද්ඝෝෂණයක්
පැවැත්වීමට හැකි වන අන්දමින් බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අංශ හීත්රෝ
ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්‍ෂාව බිංදුවට ඇද දමා තිබීමය.
දෙවැනි කරුණ වූයේ ලොවම පිළිගත් බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ්
සරසවියේ බලධාරින් එහි දේශනයකට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතාට නිල ඇරයුමක් කර ජනාධිපතිවරයා එහි ගිය පසු අදාළ
දේශනය බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවට බියේ
අවලංගු කර දැමීමය.
අවසානයේ මින් තව තවත් උද්දාමයට පත් බ්‍රිතාන්‍යයේ වෙසෙන
එල්ටීටීඊ හිතවාදීහු බ්‍රිතාන්‍ය පොලිසිය බකන්නිලා සිටියදී
ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා නතරව සිටි හෝටලය පවා වටලමින්
වරෙක ජනාධිපතිවරයා ගමන් ගත් ආරක්‍ෂක රථ පෙළටද බාධා පැමිණිවීමට
තරම් ප්‍රබලයන් පිරිසක් බවට පත් විය.
ඉනුත් නොනැවතුනු ඔවුහු අන්තිමේ මහින්ද රාජපක්‍ෂ නමැති රාජ්‍ය
තාන්ත්‍රිකයා ඇතුළුනි යෝජිත පිරිසට එරෙහි බ්‍රිතාන්‍ය
අධිකරණයකින් යුද අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්
ලබා ගැනීම දක්‌වාම ගමන් කළහ.
මේ සිදු වූයේ කුමක්‌ද? රෙද්ද බැනියම අඳින නියම කලු සිංහලයනට
ඉතිහාසයේ පටන් වෛර කරන සුද්දාගේ ජානගත සැබෑ මුහුණුවර මල්ලෙන්
එළියට පැනීම නොවේද?
තම රාජ්‍යයට පැමිණි ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට එරෙහිව කැරලි
ගැසීම සඳහා එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවට මේසා විශාල
සහායක් ලබා දෙමින් තමන් ලංකාවේ ත්‍රස්‌තවාදයට උඩගෙඩි දුන් බව
බ්‍රිතාන්‍යයන් මින් යළි සපථ කර නොමැත්තේද?
බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමය මගින් විශේෂ
දේශනයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බ්‍රිතාන්‍යයට
පැමිණෙන ලෙස නිල ඇරයුමක් කරනු ලැබුවේ මීට මාස කිහිපයකට
ඉහතදීය.
ඒ අනුව ජනාධිපතිවරයා ඉකුත් ඔක්‌තෝබර් මාසයේදී බ්‍රිතාන්‍ය බලා
පිටත්ව යැමට නියමිතව තිබිණි.
එහෙත් හදිසියේ ඇතිවූ නොවැළැක්‌විය හැකි කරුණු රැසක් මුල් කර
ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකී බ්‍රිතාන්‍ය
සංචාරය දිනෙන් දින කල් යන්නට වූයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ
අන්දමිනි.
ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ ඇරයුමකට අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද අපරාධ චෝදනා යටතේ එරටදී
අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයට බරපතල ලෙස හානි
කිරීමේ සුක්‍ෂම කුමන්ත්‍රණයක් බ්‍රිතාන්‍ය එල්ටීටීඊ
ඩයස්‌පෝරාව ක්‍රියාත්මක කරමින් සිටින බවට එරට සිටින දේශප්‍රේමී
ශ්‍රී ලාංකිකයන්ට අනාවරණය වන්නට වූයේ ජනාධිපතිවරයාගේ
බ්‍රිතාන්‍ය ගමන එසේ කල් යමින් තිබියදීය.
ඒ පිටුපස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ
එක්‌තරා ෙද්‍රdaහී නිලධාරියකු මෙන්ම කොළඹ දිස්‌ත්‍රික්‌කයේ
විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයකුට සමීපව කලක් කෝට්‌ටේ ප්‍රදේශයේ
දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ මේ වන විට ලන්ඩනයේ
ජීවත්වන කාන්තාවක් හා ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ සිටින ප්‍රධාන
පෙළේ ලාංකිකයන් දෙදෙනකු ඇතුළුව තවත් ශ්‍රී ලාංකික ෙද්‍රdaහීන්
පිරිසක් සිටින බවද එහිදී බ්‍රිතාන්‍යයේ වෙසෙන දේශප්‍රේමී
ශ්‍රී ලාංකිකයනට වාර්තා වන්නට විය.
මෙම කුමන්ත්‍රණයේ පළමු හෙළදරව්ව සිදු වූයේ බ්‍රිතාන්‍යයේ සිටින
කොටි හිතවාදීන් "ජෙනසයිඩ් තෲ" නමින් පළ කළ ග්‍රන්ථයක් හරහා
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ
පුද්ගලයන් 186 දෙනකු යුද අපරාධකරුවන් ලෙස නම් කර තිබෙන බවට
වාර්තා වීමෙනි.
එකී නම් අතරේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන
ඇමැති බැසිල් රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු
විදේශ ලේකම් පාලිත කොහොන යන මහත්වරුන්ගේ සහ යුද හමුදාපති
ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු වන්නි මානුෂීය මෙහෙයුමේ
හමුදා අණ දෙන්නන් ලෙස ක්‍රියා කළ තවත් යුද හමුදා ප්‍රධානින්
178 දෙනකුගේ නම් ඡායාරූපද සමගින් පළ වී තිබෙන බවද අනාවරණය විය.
මෙය අනාවරණය වීමත් සමග බ්‍රිතාන්‍යයේ වෙසෙන දේශප්‍රේමී ශ්‍රී
ලාංකිකයෝ ඒ බව අදාළ වගකිව යුතු අංශ වෙත දැනුම් දෙමින්
ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරය අත්හිටුවන ලෙස ඉල්ලා
සිටින්නට වූයේ මව් බිමට එරෙහි මහා කුමන්ත්‍රණයක පෙරනිමිති
හොඳහැටි දුටු නිසාමය.
ඒ අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ත්‍රිස්‌ත
විරෝධී සංවිධානය මෙන්ම ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයද විය
අදාළ කුමන්ත්‍රණයේ සුළමුල එසේ වාර්තා වෙමින් තිබියදී
ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර එම කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා
මෙරට විශේෂ නියොජිත පිරිසක් බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියේ
සුපුරුදු ආකාරයෙනි.
මෙම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය පාර්ලිමේන්තු මන්ත්‍රි සචින්
වාස් ගුණවර්ධන මහතාට හිමිව තිබුණු අතර මොවුන් පිරිස
බ්‍රිතාන්‍යයට පැමිණෙන විට අදාළ කුමණ්‌ත්‍රණයේ තවත් බරපතල
සිදුවීම් රැසක් බ්‍රිතාන්‍යයේ වෙසෙන දේශප්‍රේමී ශ්‍රී
ලාංකිකයන් විසින් හෙළිදරව් කරගෙන තිබිණි.
ඒ අතරින් බරපතලම කරුණක් වූයේ බ්‍රිතාන්‍යයට පැමිණෙන ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මහතා එරට අධිකරණ නියෝගයකට අනුව යුද අපරාධ
චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවට වාර්තා වී
තිබීමය.
ඒ අනුව අවසානයේ මෙම සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ
සංචාරය පිළිබඳ නිරීක්‍ෂණයට ගිය නියෝජිත පිරිසද දැනුවත් කළ එරට
සිටින දේශප්‍රේමීහු පවතින බරපතල තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාට
බ්‍රිතාන්‍යයට පැමිණීමට ඉඩ නොදෙන ලෙස දැඩිව ඉල්ලා සිටින්නට
වූහ.
අවසානයේ දෙසතියක පමණ නිරීක්‍ෂණ සංචාරයකින් පසු මෙම නියෝජිත
පිරිස යළි ශ්‍රී ලංකාවට පැමිණයේ බ්‍රිතාන්‍යයේ පවතින තත්ත්වය
පිළිබඳ එසේ හොඳින් දැන හැඳින සියලු කරුණු අවබෝධ කරගෙන
සිටියදීය.
එහෙත් මෙම නියෝජිත පිරිස යළි පැමිණීමෙන් ටික දිනකට පසු
ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ විශේෂ දේශනයක් සඳහා ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා ඉකුත් නොවැම්බර් මස අවසන් සතියේ බ්‍රිතාන්‍යයට
පැමිණෙන බවට ප්‍රකාශ වූයේ බ්‍රිතාන්‍යයේ වෙසෙන දේශප්‍රේමී
ශ්‍රී ලාංකිකයන් මවිතයටත් දැඩි භීතියකටත් පත් කරමිනි.
ජනාධිපතිවරාගේ ගමන ස්‌ථිර වීමත් සමඟ එක්‌තරා සුවිශේෂී
සිදුවීමක්‌ද සිදුවිය. ඒ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්
මහතා එරට බීබීසී මාධ්‍ය ජාලය සමග පැවැත්වූ සාකච්ඡාවකදී අදාළ
සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා නැගූ පැණයකට පිළිතුරු දෙමින්
අපූරු ප්‍රකාශයක් සිදු කිරීමය.
එහිදී මාධ්‍යවේදියාගේ පැණය වූයේ කිසියම් රාජ්‍ය තාන්ත්‍රිකයකු
බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගැනීමක් සිදු වුවහොත් බ්‍රිතාන්‍ය
රජය ඊට මැදිහත් වන්නේද යන්නය.
අධිකරණ නියෝගයකට අනුව යමක් සිදු වුවහොත් ඊට මැදිහත් වීමට
බ්‍රිතාන්‍ය රජයට හැකියාවක් නොමැති බව මෙම පැනයට පිළිතුරු ලෙස
විලියම් හේග් මහතා ප්‍රකාශ කර තිබිණි.
මෙම සිද්ධියත් සමග තත්ත්වය තවත් දරුණු බව වැටහී යැම හේතුවෙන්
අවසානයේ බ්‍රිතාන්‍යයේ වෙසෙන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් කළේ
එන ඕනෑම අභියෝගයකට මුහුණු දීමේ සුදානමින් සංවිධානය වීමට පටන්
ගැනීමය.
එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්‌තර ජයලත්
ජයවර්ධන මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බ්‍රිතාන්‍ය
ගමනට දින කිහිපයකට පෙර ලන්ඩනයට ළඟා වූයේ අදාළ සිදුවීම් එසේ
සිදු වෙමින් තිබියදීය. ඒ සමඟ ආචාර්ය වික්‍රමබු කරුණාරත්න නම්
නිරන්තර ද්‍රවිඩ ඊළමට ආවැඩූ එන්ජීඕ ක්‍රියාකාරිකයාද විය.
"බලපන්කො මචං දොස්‌තර ජයලත් ජයවර්ධන ඇවිත් මෙහෙ කොටිත් එක්‌ක
සෙට් වෙලා ගේමක් ගහනව... මේ අස්‌සෙ ප්‍රසිඩන්ට් එන්ගලන්තෙට
ආවොත් අත්අඩංගුවට ගන්න ටැමිල් ඩයස්‌පෝරා එක ප්ලෑන් කරනව... අපි
කියන්න ඕන හැමෝටම කිව්ව ජනාධිපතිතුමාට මේ ගමන එන්න දෙන්න එපා
කියල... කාගෙ උපදෙස්‌ද දන්නෙ නැහැ මචං ජනාධිපතිතුමත් මේ මාසෙ
අන්තිමට ලන්ඩන් එනවලු ඔක්‌ස්‌ෆර්ඩ් එකේ දේශනයකට... මොකක්‌ද මචං
අපිට වෙන්න යන්නෙ... අපි ඔක්‌කොම බය වෙලා ඉන්නෙ... එල්ටිටීඊ
කාරයො මාර කුමන්ත්‍රණයක් මචං කරන්නෙ... වික්‍රමභාහු
කරුණාරත්නත් වැඩේට සෙට් වෙලා ඉන්නෙ...
මේ අතරේ ඉකුත් නොවැම්බර් අග සතියේ දිනක ලන්ඩනයේ වෙසෙන ශ්‍රී
ලාංකිකයන් පිරිසක් දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවතින තත්ත්වය
අපට දැනුම් දුන්නේ ඒ අයුරිනි.
එම ඇමතුම ලැබී ගත වූයේ දෙතුන් දිනකිs. ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා ඔක්‌ස්‌ෆර්ඩ් සරසවි දේශනය සඳහා බ්‍රිතාන්‍ය බලා
පිටත්ව ගියේ ඒ අතරතුරය.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන්ද සඳහන් කළ යුතු
සුවිශේෂී කරුණු කිහිපයක් වේ. මෙහි පූර්ණ සංවිධාන කටයුතු
මෙහෙයවා ඇත්තේ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිනිය මෙන්ම එක්‌සත්
ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරියද වන ෂෙනුකා සෙනවිරත්න නැමැත්තිය
බව කියනු ලැබේ.
ෂෙනුකා සෙනවිරත්න යනු ඉකුත් මානූෂීය මෙහෙයුම් සමයේ
බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්‌වරිය ලෙස කටයුතු කළ
තැනැත්තිය වන අතර එසේ සිටියදී බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ
ඩයස්‌පෝරාව සමග සමීප සබඳතා පවත්වන බවට ඒ දිනවල ඇයට එරෙහිව
චෝදනාද එල්ල වෙමින් තිබිණි.
ජනාධිපතිවරයාගේ සංචාරයේදී විදේශ අමාත්‍යංශයටද කරුණු වාර්තා
නොකරමින් ඇය මෙම කාර්යය සිදු කළ බව අපට කීවේ විදේශ
අමාත්‍යංශයේම නිලධාරියෙකි. ඇය එසේ කර ඇත්තේ ජනාධිපතිවරා මගින්
සිය ඥති පුත්‍රයකු විදේශ සේවයට එක් කර ගැනීමේ පටු අරමුණින්
බවද මේ වන විට අනාවරණය වී තිබෙන්නකි.
විදේශ අමාත්‍යංශයටද කරුණු වසන් කර රටේ ජනාධිපතිවරයා
බ්‍රිතාන්‍යයේ සංචාරයකට ගෙන්වීමට තරම් ශ්‍රී ලංකාව නියෝජනය කරන
තානාපතිනියක වන මැය ක්‍රියාත්මක වූයේ කෙසේද යන්න මෙහිදී මතුවන
බරපතලම ගැටලුව වේ.
සියල්ල එසේ සිදුවෙද්දී අවසානයේ ලන්ඩන් ගිය ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ නම් රාජ්‍යතාන්ත්‍රිකයාට බ්‍රිතාන්‍ය රජයද බලා
සිටියදී එරට ක්‍රියාත්මක එල්ටීටීඊ ඩයස්‌පෝරාව කළ කුමන්ත්‍රණ
අනුව එරටදී අසීරුතා රැසකට මුහුණ දී යළි මව්බිමට පැමිණීමට සිදු
වුයේ එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාව ක්‍රියාත්මක කරන්නට
සුදානම් වූ කුමන්ත්‍රණය ඒ අයුරින්ම සිදු වූ බව තහවුරු
කෙරෙමිනි.
මේ සිදු වූයේ කුමක්‌ද? එල්ටිටීඊය තහනම් සංවිධානයක් ලෙස
ප්‍රකාශ කර සිටින බ්‍රිතාන්‍යය හිත යට ඇති කුහක කම හමුවේ ශ්‍රී
ලංකාවට එරෙහි වී ත්‍රස්‌තවාදයට හිස නැමීම නොවේද?
මෙහිදී කිව යුතු එක් දෙක් තිබේ. ජනපති පුටුවේ සිටිනුයේ ඡේ.
ආර්. ජයවර්ධන වේවා, ආර් ප්‍රේමදාස වේවා, චන්ද්‍රිකා කුමාරණතුංග
වේවා, මහින්ද රාජපක්‍ෂ වේවා මේ සුද්දන් ඉදිරියේ සිදු වූ
කුමන්ත්‍රණයකට අනුව අසීරුතාවට ලක් වූයේ අපේ ජනාධිපතිය.
එහෙයින් එකී කුමන්ත්‍රණයට උඩගෙඩි දුන් දේශෙද්‍රdaහීන් සිටී නම්
තරාතිරම නොබලා ඔවුන් බෙල්ලෙන් අල්ලා දඬු කඳේ ගැසිය යුතුමය. මේ
අතරේ අපේ දූතමණ්‌ඩල සේවාවන්හි නිලධාරින් වෙත්නම් ඔවුන්ට දිය
යුතු දඬුවම උපරිම එකක් විය යුතුමය.
මේ වන විටත් ලොව පුරා ඇති ශ්‍රී ලංකා දූත මණ්‌ඩල සේවාවේ ඇතැම්
කාර්යාලයන්හි කටයුතු රටට පෙර මට යන සංකල්පයෙහි හිඳිමින් මේ බිම
පාවා දිමේ තත්ත්වයට යළි පත්ව තිබෙන බවට නිරන්තරයෙන් අප වෙත
තොරතුරු ලැබෙමින් තිබීම එසේ සටහන් කිරීමට එක් ප්‍රබල හේතුවක්
විය.
සුද්දා අපව සූරා කා නාමික නිදහසක් අපට උරුම කර දී කලු සුද්දන්
පිරිසකට රට භාර කොට ගිය වග ගෙවුණු කෙටි අතීතයේ දශක කිහිපයක්
පුරා අප හොඳහැටි අත්විඳි කවුරුත් දන්නා ප්‍රකට කරුණකි.
එහෙත් අපට ජාතියක් වශයෙන් නියම නිදහස හිමි වූයේ තිස් වසරක්
පුරා මේ රට වැනසූ ප්‍රභාකරන්ගේ පණ සුන් සිරුර නන්දිකඩාල්
කලපුවේ ඇද වැටුණු දා පටන්ය. එය රටට දිනා දුන්නේ මහින්ද
රාජපක්‍ෂයන්ගේ දේශපාලන නායකත්වය බව අපට අමතක නොවිය යුතුය. එය
අමතක කර යළි ෙද්‍රdaහී කලු සුද්දන්ට හිස එසැවීමට දී නියම
සුද්දන්ගේ නව යටත්විජිතකරණයේ ගොදුරු බවට පත් වනතුරු බකන්නිලා
සිටියහොත් වැනසෙන්නේද මේ පින් බිම හා එහි වෙසෙන අපමය.
බලයට කෑදරකමින් රට පාවා දීමට සුදානම් වන දේශෙද්‍රdaහීන් වටහා
ගත යුත්තේද මේ ටිකය. එසේ නොවුණහොත් රටට ආදරය කරන ජනතාව ඒ ෙද්‍රdaහීන්
බෙල්ලෙන් අල්ලා පන්නා දමන දිනය වැඩි ඈතක නොවනු ඇත.
සමන් ගමගේ |