මගේ නිවේදනයේ කිසිම තැනක එබඳු දෙයක්‌ ගැන සදහන් වී නෑ
කරු ජයසූරිය

කුෂාන් සුබසිංහ- අජිත් අලහකෝන්

රටට ආදරය කරන පුද්ගලයකු ලෙස තමන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ කිසිම තැනක යුද අපරාධ ගැන හෝ ඩයස්‌පෝරාව ගැන සඳහන් කර නැතැයි එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායක, කරු ජයසූරිය මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී පැවැසූවේය.

කරු ජයසූරිය මහතා නිකුත් කර තිබූ පුවත්පත් නිවේදනය පිළිබඳ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කරු ජයසූරිය මහතා මෙසේද කීය.

මම නිකුත් කළ නිවේදනයේ කොතැනකවත් යුද අපරාධ ගැන හෝ ඩයස්‌පෝරාව ගැන සඳහන් කරලා නැහැ.... ඒ බව තියෙන්නේ අයිලන්ඩ් පත්‍රයේ ශිර්ෂ පාඨයේ විතරයි. ශිර්ෂ පාඨය දමන්නේ මම නොවේ...... මේ ගැන මම ඒ පුවත්පතට ලිපියක්‌ යෑව්වා. දේශප්‍රේමියෙක්‌ කියලා බෝඩ් එකක්‌ එල්ල නොගත්තාට මමත් රටට ආදරය කරනවා. අවුරුදු හතක්‌ මම හමුදා සේවයේ හිටියා. එල්.ටී.ටී.ඊ.ය මාවත් ඝාතනය කරන්න උත්සාහ කළා. මේ විදිහට බොරුවට මෙය දේශපාලනීකරණය කරන්න එපා. මේක මුව හමට තඩි බානවා වගේ වැඩක්‌. මම කිව්වේ මේ ගැන ලෝකයට කරුණු පැහැදිලි කරන්න කියලායි.

සරත් ෆොන්සේකාව ෙද්‍රdaහියෙක්‌ කරලා හිරේ දැම්මා නම් මාව ෙද්‍රdaහියෙක්‌ කරන එක එතරම් දෙයක්‌ නොවේ. තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කරලා බලි ඇරලා හූ කියලා මේවා කරන්න බැහැ. මමත් තානාපතිවරයෙක්‌ව ඉඳලා තියෙනවා. මම මේ රටට ආදරෙයි. මගේ ඇටකටු මිහිදන් කරන්නෙත් මේ රටේ. මේ යුද අපරාධ චෝදනා එද්දී ලෝකයට පැහැදිලි කරන්න කියලයි මම කිව්වේ. මම වැරදි දෙයක්‌ කිව්වේ නෑ....... පත්තරවල ශිර්ෂ පාඨ දමන්නේ මම නොවේ. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට ලන්ඩනයේදී කළ විරෝධතාව වැරදියි කියා අපි ප්‍රකාශ කළා. අපි පහත් දේශපාලනයක්‌ කරන්නේ නැහැ.

විපක්‌ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා - රණවිරුවන් යුද අධිකරණයට ගෙන යන්න බැහැ කියා අපි කියා තිබෙනවා. රණවිරුවන් පාවා දෙන්න අපි ලෑස්‌ති නැහැ. ඒත් සරත් ෆොන්සේකා හිරේ දැමීම තමයි ලොකුම පාවාදීම.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.