"ජිනා මැඩම්"  පොලිස්‌ දැලේ

සමන් ගමගේ - තරංග රත්නවීර

පානදුර වලාන පොලිස්‌ විශේෂ දූෂණ මර්දන ඒකකය මගින් පසුගියදා වටලනු ලැබූ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා හි කාමරයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයේ හිමිකාරිය ලෙස ප්‍රකටව සිටි "ජිනා මැඩම්" ඊයේ (13 වැනිදා) කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය හිස කෙස්‌ පාටගන්වා ගැනීම සඳහා කොළඹ හෝටන් පෙදෙසේ රූපලාවන්‍යාගාරයකට පැමිණ සිටියදී මැය පොලිසියට කොටුවී ඇත.

කොළඹ මහාධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබූ බව අපරාධ කොට්‌ඨාසයේ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

මීට පෙර අවස්‌ථාවකදී ලිබර්ටි ප්ලාසා සුපිරි ගණිකා නිවාසය අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් පිරිසක්‌ විසින් වටලා අත්අඩංගුවට ගනු ලැබූ "ජිනා මැඩම්" මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ඇයට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර තිබී ඇත.

මෙවර පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගින් ලිබර්ටි ප්ලාසා ගණිකා නිවාසය වටලන අවස්‌ථාවේ "ජිනා මැඩම්" නමැති මෙම කාන්තාව පලා ගොස්‌ තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.