උගත් පාඩම් කොමිසමේ නිලධාරීන් හමුවීම සඳහා
බැන්කි මූන්ගේ විද්වත් මණ්‌ඩලයට ශ්‍රී ලංකාවට ඒමට අවසර ලැබෙයි

කීර්ති වර්ණකුලසූරිය

යුද අපරාධ පිළිබඳ සොයන එක්‌සත් ජාතීන්ගේ විද්වත් මණ්‌ඩලයට ශ්‍රී ලංකාවට ඒම සඳහා රජය අවසර දී ඇත. එම විද්වත් මණ්‌ඩලය ශ්‍රී ලංකාවට එන්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාමාජිකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමටය. එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසු මේ විද්වත් මණ්‌ඩලයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසරය ලැබී තිබේ. මෙම කොමිසම විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ සිය වාර්තාව ලබන මාසයේදී එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ට ලබාදීමට නියමිතය.

මේ අතර එම මණ්‌ඩලය වෙත යුද අපරාධ වාර්තා යෑයි දක්‌වමින් සාවද්‍ය වාර්තා 325 ක්‌ සපයා ඇත්තේ කැනඩා කොටි සංවිධානය යෑයි හෙළිවී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.